විශ්වවිද්‍යාල වසා දමා වසරක්, වහාම විශ්වවිද්‍යාල විවෘත කර ගැටලුවලට විසඳුම් දෙන්න – අන්තරෙන් අගමැතිට ලිපියක්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උද්ගතව ඇති මූලික ගැටලු කිහිපයක් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරමින් අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද(26) දින අගමැති කාර්යාලයට ලිපියක් භාරදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

විශ්වවිද්‍යාලවල පැවති අධ්‍යයන සුබසාධන ගැටලු, ප්‍රතිපාදන කප්පාදුව, මහපොල හා ශිෂ්‍යාධාර ගැටලු, සිසු ජීවිත විනාශ කරන මර්දනය ඇතුළු සියලු ගැටලු වසංගතයේ කඩතුරාවට මුවා වී යටපත් කිරීමට උත්සාහ දරමින් සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අගමැති කාර්යාලයට භාර දුන් ලිපියේ සඳහන් වේ. වසංගත තත්ත්වය තිබියදීම සමාජයේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර විශ්වවිද්‍යාල වසරක කාලයක් වසා තබා ගනිමින් පවතින ගැටලු වසන් කිරීමේ උත්සාහයක ආණ්ඩුව තවදුරටත් නිරත වෙමින් සිටින බව එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එහෙයින් විශ්වවිද්‍යාල සිසුන්ට පවතින ඉතා ඉක්මනින් විසඳුම් අවශ්‍ය පහත ගැටලු කෙරෙහි ඉතා ඉක්මනින් විසඳුම් ලබාදෙන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්ලා ඇත.

• විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම හා සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම.
•මහපොල හා ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් පවතින ගැටලු
• උපාධි ප්‍රධානෝත්සව සම්බන්ධ ගැටලු
•අධ්‍යයන සුබසාධන ගැටලු
•රුහුණ, කැලණිය හා අනෙකුත් සරසවිවල සිසුන් මත හෙළා ඇති මර්දනය

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අග්‍රාමාත්‍ය කර්යාලයට යොමුකළ ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...