‘යුක්තිය’ ස්ටිකර් එකට උඩින් ‘ඉවත්වෙනු’

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙලට සමගාමීව, ජනතාව දැනුවත් කිරීම සඳහා ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීම සිදු කෙරී තිබේ.

එම ස්ටිකර්වල “විකුණන – ලොල් වුණ සැමට දැනුම් දීමයි: ඉවත්වෙනු” යනුවෙන් වූ පණිවිඩයක් අන්තර්ගත වී තිබේ.

කෙසේවෙතත් මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම් සහ ඉහළ යන අපරාධ මැඩලීම සඳහා යැයි කියමින් 2023 වසරේදීද ‘යුක්තිය’ යනුවෙන් මෙහෙයුමක් දියත් කරනු ලැබිණි.

වැඩබලන පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් පත්වීමෙන් දින කිහිපයකට පසුව 2023 වසරේ දෙසැම්බර් 17 වැනි දින මෙම මෙහෙයුම දියත් කරනු ලැබූ අතර මෙහි ප්‍රධාන අරමුණ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කොට ඊට සම්බන්ධ සංවිධානගත අපරාධ ජාලය බිඳ දැමීම බවට සදහන් කෙරිණි.

එම මෙහෙයුමේදීද මෙලෙසින්ම මුදල් කාබාසිනියා කරමින් ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවා අදාළ මෙහෙයුමේ නම ප්‍රදර්ශනය කිරීමක් සිදුකලද එයින් ජනතාවට අත්වූ කිසිදු සෙතක් පිළිබදව වාර්තා වූයේ නැහැ. ඊට අමතරව විශාල පිරිසක් නිකරුනේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මීට පෙර 2005 ජනාධිපතිවරණයෙන් පසු බලයට පත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ සංකල්පයක් මත “මතට තිත” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක විය.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...