ජාතික ආරක්ෂාව සලසන්න ආපු උන්ට ඛනිජ සම්පත හොරා කන නැව නොපෙනෙන්නේ මන්ද

මඩකලපුව මුහුදු තීරයේ සතියකට වැඩි කලක් තිස්සේ රාත්‍රී කාලයට ඛනිජ වැලි ඉවත් කර වෙනත් නැවට පටවා ප්‍රවාහනය කරන බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳව දවල් රෑ පම්පෝරි දෙසාබාන රාජපක්ෂලා ප්‍රමුඛ ආණ්ඩුවට මෙම ජාවාරම වැලැක්වීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරගන්නට තාමත් බැරි වී තිබෙන්නේ කිනම් කරුණක් නිසාද කියන එක අද ජනතාව හමුවට ඇවිත් තිබෙන ප්‍රමුඛ ප්‍රශ්නය බවට පත්වෙනවා.

ඉන්දියාවේ සිට ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවර බෝට්ටු පේන නාවික හමුදාවට මේ සා දැවැන්ත නෞකා දෙකක් අතර සිද්ධ වෙන ගනුදෙනුව නොපෙනුනේ කිනම් හේතුවක් නිසාද මෙසේ බලන කල අපට මේ පිළිබඳව මතු වන්නේ බරපතළ සැකයකි. ඒ අනුව ගත් කල මෙය හොර රහසේ රජය දැනුවත්ව සිදුකරන ටයිටෙිනියමි හෝ ඉල්මනයිටි ජාවාරමකි යැයි අපට නිගමනය කිරීමට හැකිය.

සතියක් ගත වුනද හොර රහසේ ඛණිජ වැලි ප්‍රවාහනය කරන නැව හෝ එම ඛනිජ වැලි හාරන නැව අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාවට නොහැකි වී තිබෙන්නේ මේ පිටුපස ප්‍රබල දේශපාලන හස්ත ක්‍රියාත්මක වෙමින් තිබෙන බව සනාථ කරන්නකි. රටක සමිපත් වල අයිතිය ඇත්තේ මහජනතාවටයි. නමුත් වර්තමාන ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් සියල්ල විනාශ කරමින් විකුණා දමමින් සිටී.

වර්තමාන ආණ්ඩුව මේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ලැජ්ජා සහගත විය යුතුය. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුය. මෙලෙස රටේ සම්පත් එළිමහනේ මංකොල්ල කන්නට ඉඩ සලසා දීම පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කළ යුතුය. එසේත් නොමැති නම් මේ ආණ්ඩුව කාටත් හොරෙන් ජාවාරම්කරුවන්ට මෙම වටිනා සම්පත හොර රහසේම විකුණා දමා තිබිය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...