ධානිශ් අලීට ඇප

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ

මෙම සිද්ධියට අදාළ පොදු දේපල දේපළ පනත ප්‍රකාරව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා ධානිශ් අලී ඇප මත මුදා හැර තිබේ.

ඔහු විදේශගත වීමට සූදානම්ව සිටිමින් ගුවන් යානයක රැඳී සිටියදී පොලිසිය විසින් අනීතික ලෙස අත්අඩංගුවට ගනු ලැබිණි.

අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ප්‍රකාරව අත්අඩංගුවට ගත් මෙම සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඉකුත් 27 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුඳුවත්ත පොලිසිය මගිනි.

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...