ආඩවනේ රතු කුරුල්ලට යන්න දෙන්න අයියා

ගිය සතියේ හුණ්ඩුවේ ආණ්ඩුවේ කස්ටම් එක මරු වැඩක් කලාය.
ජාතික සංහිඳියාවට හානියක් වෙන විදියේ පොත් තොගයක් අත් අඩංගුවට ගැනීමය.

මේ අය ජාතික සංහිඳියාව ගැන හරියට මෙව්වා වෙන කට්ටියකි. මහ මොළ කාරයා සහරාන් කී විට, මුස්ලිම් මිනිසුන් එක්ක තියෙන සංහිඳියාවට ඌයීයා වෙන්නේ නැත. ඒ නිසා ඒ පොතට අත තිබ්බේ නැත. ඒත්….

පණ නැති මා නිහඬය
පණ ඇති ඔබත් නිහඬය
තව සැණෙකින්
ඇඳිරි නිතිය
පොදු සිරිත බිඳ දැමූ
යාළ් නගරය

දැන් කුමක් සිදුවේද…… කියා ලියු බංකරයේ උපන් කොලුවගේ පොත් ටික අත් අඩංගුවේ ය.

පොඩි කාරණයක් මතක් කරන්න ඕනෑය. එක කාලෙක ගෙදර තිබ්බ රාවය සඟරා ටිකයි සෝවියට දෙශය කියන පොත් ටිකයි අපේ අම්මා ගිනි තිබ්බේය. ඒ පොත් පත්තර නොකියන ආණ්ඩුව රජ කළ කාලයේය. ඒ කාලේ විද්‍යාව පන්ති යද්ද්දිත් අපි සමාජ අධ්‍යන පොත අරන් ගියේ මගදි අත් අඩංගුවට ගන්න ආවොත් පෙන්නන්නය. සමාජ අධ්‍යන පොතේ ඒ කාලේ ආන්ඩුවේ ලොක්කක්න්ගේ පිංතූර සම්පූරණ පිටුවක් පිරෙන්න තිබුණාය. ගම්පෙරලිය පොතනම් ජීවිතේට සිංහල පංතියටවත් අරන් ගියේ නැතිය.

ඒ කාලේ පහුවෙලා අවුරුදු හතළිහක් පනින්නත් ලඟය. ආන්ඩු බලය මාරු වෙලා කියලත් දැන් කාලෙකට කලින් ප්‍රචාරය කලාය. ඒත් ඒ බොරු බව දැන් වැටහෙනවාය. මේ ආන්ඩුව කාලේම කොල්ලෙක් පොතක් අස්සේ පිස්තෝලයක් හංගන් ඇවිත් උසාවියෙදි කෙනෙක් මැරුවේය. ආන්ඩුව පොත් වලට බය වෙන්න පටන් ගත්තේ එදා සිටය. ඒ වැඩේට සෙට් වෙච්චි අයට පොලොසිය සලකන එකත් මරු ය. ඒවා සංහිඳියාට කෙළින්නේ නැතිය ඒ නිසා කමක් නැතිය.
දැන් පස්නේ මේකය. කස්ටම් එකට මේ අලුත් කස්ටම් එක ආවේ කොහෙන්ද? කවුරුත් මීක් කියන්නේ නැතිය. පාර්ලිමෙන්තුවේ හැම මගුලට කට අරින විමල් සොරි බිමල් සහෝදරයාගේ කට වැහිලාය. පහුගිය ඡන්දෙදි දෙමල ප්‍රජාව විස්වාස කළේ එතුමාව බවත් කාලෙකට කලින් පාරම් බෑවා මතකය. මේ කියන සංහිඳියාව ගැන හොඳටම දන්නේ එයා වෙන්න ඕනෑය. ඒ නිසා ආන්ඩුවේ අනිත් අය ඒ කියන්නේ සංස්කෘතික ඇමතිතුමා වගේ අය “අපිට පාන්ද” කියා හිතනවා වෙන්නත් ඇතිය. ඒත් මේ පීචං වැඩ අපි වගේ පොතට පතට ආදරේ අයට විසේසයෙන් ම දෙමල සාහිත්‍ය සිංහලට ගේන්න ඕනීය කියන අයට පාන් වෙන්නේ නැත.

තව එකක් ය. පහුගිය අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය දේසනයේදී අමරකීර්ති මහචාර්‍ය්තුමා මරු කතාවක් කීවේය. ඒ අපි ගත් මං හා නොගත් මං ගැනය. අපි අපේ උතුරට උඩින් පැනලා දකුනු ඉන්දියාවටවත් නොයා උතුරු ඉන්දියාවට යන බවය. (මේක මෙහෙම ම නොකීවාට ඔය වගේ අදහසක් ය) ඉතිං සර් අපේ උතුරට අපි රෙද්දක් ඇඳං යන්නේ කෝමද අප්පා අපේ කස්ටම් එක මේම කොරද්දී, “අනූට ගසල්” කියවෙන්නේ මේම වෙලාවට ය.
මේ වගේ කතා තව කියන්න පුලුවන් ය. ඒත් ඒ මක්කටෙයි කියලත් හිතෙනවා ය.

හරි සහෝදරඔරුනි මේ ටිකත් කියන්න කස්ටම් එක සතියක් තිස්සේ මේ පොත් පරිස්සා කොළාද. ඒ පොත් අස්සේ තිබිලා ජාතික සංහිඳියාවට ඌයියා වුන දේවල් හම්බ වුනාද? ඒ මොනා ද? ඒ ගැන හුණ්ඩුවේ මිනිස් එකාලට කියන්න. ඒම නැත්න්නම් ඒ පොත් ටික දීලා දාන්න අප්පා. දීලා සමාවත් ඉල්ලන්න ඕනි හොඳේ. අර යාපනේ පුස්තකාලෙට ගිනි තිබ්බ එකට අපි විරුද්ධ වගේම මේම පොත් අත් අඩංගුවට ගන්නවාටත් අපි විරුද්ධ බවත් මතක තියා ගන්න.
මේ පීචං වැඩේ මහ මොළ කාරයා කවුද අප්පා. ලැජ්ජයි නේ. මේ ගැන ආන්ඩුවෙ අය මුඛ පූට්ටු කරන් ඉන්නේ මේ පොත් ඒ තරම්ම බයානකද? නැතිනම් ඒ ගැන කතා කරන්න වාරණයක් දාලද (පස්ස කාර්‍යාලයෙන් එහෙම වාරණ දානවාද) ඒත් නැත්නම් ලබන සතියේ ජනාධිපති සහෝදරයා පාර්ලිමේන්තු ඇවිත් වැඩේ ගොඩ දානවාද? මොකක්ද ඔයාලගේ ප්ලෑන් එක? ලැජ්ජා වෙන්න එපා අපිට කියන්න. ඒම නැත්නම් ඊ ලඟ දවසේදි චාමර සම්පත්ගෙන් අහන්න ද? අර්චුනාගෙන් අහන්නද? කෝමද ආසා

නිරෝෂ ප්‍රනාන්දු
04/05/26 – හැපි අප්‍රියල් විරු සැමරුමක් වේවා සඕදරයිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...