පොල්ගෙඩි 15ක් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනකුට ලක්ෂ 2ක ඇපයක්

රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (10) නියෝග කරනු ලැබුවා.

මෙසේ ඇපමත මුදා හරනු ලැබුවේ බූස්ස පදිංචි 20 හැවිරිදි සහ 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

ඉකුත් මැයි 31වනදින බුස්ස ප්‍රදේශයේ ඉඩමකින් රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

(ගාල්ල අධිකරණ – ෆර්හාන් නිසාම්දින්)

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...