පොල්ගෙඩි 15ක් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනකුට ලක්ෂ 2ක ඇපයක්

රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (10) නියෝග කරනු ලැබුවා.

මෙසේ ඇපමත මුදා හරනු ලැබුවේ බූස්ස පදිංචි 20 හැවිරිදි සහ 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

ඉකුත් මැයි 31වනදින බුස්ස ප්‍රදේශයේ ඉඩමකින් රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

(ගාල්ල අධිකරණ – ෆර්හාන් නිසාම්දින්)

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...