උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක

ජාතික නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද (04) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හි විරෝධතාවක නිරත වී තිබේ.

ශ්‍රී ලංකිකයින් නිදහස් දිනය සමරන මොහොත උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අඳුරු දිනයක් බවත් පවසමින් අතුරුදහන්වූවන් විරෝධතාවයේ නිරතවිය.

යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ආණ්ඩුව විසින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් කොමිෂන්සභා පත්කිරීමෙන් ගැටළුව මගහැරීම ක්‍රියාකරන බවත් පැවසීය.

විරෝධතාවයේ නිරත අතුරුදහන්වූවන් වෙල්ලමුල්ලිවයික්කාල් හි යුද්ධයෙන් මියගියවූවන් සිහිකිරීම සඳහා ඉදිකළ සමරුවට පහන් දල්වමින් විරෝධතාවය ආරම්භ කළ අතර විරෝධතාකරුවන් පා ගමනින් මුලතිව් නගරයට පැමිණ තිබේ.

ජාත්‍යන්තර පරීක්ෂණයකට අවසර ලබාදෙමින් අතුරුදහන්වූ පුද්ගලයින්ට සිදුවූයේ කුමක්ද කියා සොයාබැලීමට ඉඩ ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...