උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක

ජාතික නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද (04) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හි විරෝධතාවක නිරත වී තිබේ.

ශ්‍රී ලංකිකයින් නිදහස් දිනය සමරන මොහොත උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අඳුරු දිනයක් බවත් පවසමින් අතුරුදහන්වූවන් විරෝධතාවයේ නිරතවිය.

යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ආණ්ඩුව විසින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් කොමිෂන්සභා පත්කිරීමෙන් ගැටළුව මගහැරීම ක්‍රියාකරන බවත් පැවසීය.

විරෝධතාවයේ නිරත අතුරුදහන්වූවන් වෙල්ලමුල්ලිවයික්කාල් හි යුද්ධයෙන් මියගියවූවන් සිහිකිරීම සඳහා ඉදිකළ සමරුවට පහන් දල්වමින් විරෝධතාවය ආරම්භ කළ අතර විරෝධතාකරුවන් පා ගමනින් මුලතිව් නගරයට පැමිණ තිබේ.

ජාත්‍යන්තර පරීක්ෂණයකට අවසර ලබාදෙමින් අතුරුදහන්වූ පුද්ගලයින්ට සිදුවූයේ කුමක්ද කියා සොයාබැලීමට ඉඩ ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...