Breaking News

පුරවැසිභාවයට නව පිම්මක් – IUS SCHOLAE නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට

යම් කෙනෙකු ඉගෙන ගන්නා රටක පුරවැසිභාවය ලබා ගැනීමේ අයිතිය.
බොහෝ උද්ගෝෂණ හා විරෝධතා වලින් පසුව අවසානයේ පුරවැසිභාවය වෙනුවෙන් සකස් කල අදාල නීති සංසෝධනය ජුනි 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා එහි න්‍යාය පත‍්‍රයට ඇතුලත් කර ඇත. මෙය කාලයක පටන් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වන සංවිධාන හා පුරවැසියන්ට සතුට ගෙන දෙන ආරංචියකි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ජුසෙප්පෙ බ්‍රෙසියා මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙම නීතියට සහය දක්වන අය උද්යෝගයෙන් සහ ජවයෙන් යුතුව ඉදිරියට ගමන් කරමින් මෙම මහගු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත යුතු බවයි. කාරක සභාවේදී අපි පැය 15ක සාකච්ඡුාවකට යන්නයි ඉන්නේ. සංශෝධන 480න් 30කට විතර අපි ඡුන්දය දුන්නා. බාධක තියෙනවා, නමුත් ජයග‍්‍රහණය කරන්න ශිෂ්ඨාචාර සටනක් තියෙනවා. පාසලේ කාර්යභාරය සහ අපේ ගුරුවරුන්ගේ කාර්යභාරය ඉහළ නංවමින් යාවත්කාලීන කළ යුතු නීතියක් තිබෙනවා, යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඉතාලියේ උපතලබා වයස අව්රුදු 18 ක් සම්පූර්ණ වන විට ඉතාලියේ පදිංචිය තහවුරු කිරීමට හා අධ්‍යාපනය ලබමින් වාසය කල බව තහවුරු කරන අයට ඉතාලි පුරවැසිභාවය ස්වයංක‍්‍රීයව ලැබෙන ක‍්‍රමවේදයක් ස්ථාපිතව තිබුනත් වෙනත් රටක උපත ලබා ඉතාලි පාසල් අධ්‍යාපනය ලබමින් දිගටම ඉතාලියේ ජීවත්වන දරුවන් වෙත එම අවස්ථාව හිමි නොවුනි. ඔවුන් වෙනත් රටක උපත ලැබුවත් අධ්‍යාපනය ලබමින් ? ඳී සිටින්නේ ඉතාලියේ නම් ඔවුන් උපන් රට හෝ දෙමාපියන් ඉතාලි පුරවැසියන් නොවන තත්වය අනුව සැලකීම මානුෂීය නොවන හෙයින් තවදුරටත් ඔවුන් ඉතාලි පුරවැසියන් මිස ඔවුන්ගේ ඔරිජින් එක අදාල කර ගත යුතු නොවන බවට හා ඔවුන්ට පුරවැසිභාවයට ඇති ශුද්ධවූ අයිතිය පිළිබඳ විශාල තර්කයක් ගොඩනගමින් සිවිල් සමාජය ඉල්ලා සිටියේ එවන් අයට ඉතාලි පුරවැසිභාවය ලබාදිය යුතු බවයි. මෙම සටන වසර ගනනාවක් පුරා සිදු කරමින් තිබෙන අතර එය මින් පෙර ආණ්ඩු දෙකක ඉතිහාසයකට නෑකම් කියයි. පසුගිය අවස්ථාවක පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් සෙනෙට් සභාවේදී එය නැවත සංසෝධන සඳහා යොමු කෙරුනි. ඒ අතර ආණ්ඩු පෙරළියක් සිදුවූ හෙයින් මෙසේ ඇදි ඇදී ආ අතර ඉදිරි මැතිවරණයක් ලග ලගම එළඹෙන හෙයින් කාගේත් අවධානය ඊට යොමු වී ඇති බව අපගේ නිරීක්ෂණයයි. බොහෝ විට මැතිවරණ වලදී එරටේ පුරවැසියන් ඡුන්දය ප‍්‍රකාෂ කිරීම අවම වෙමින් තිබෙන අතර නව පුරවැසියන් කෙරෙහි දේශපාලකයින්ගේ අවධානය යොමුවී ඇති බව අපගේ නිරීක්ෂණයයි. එමෙන්ම නව පුරවැසියන් තම අයිතීන් දිනා ගැනීම සඳහා දේශපාලකයින් වෙත නැඹුරු වන තත්වයක් දකින්නට පුලූවන. ඊට හේතුව ඡුන්ද බලය නැතිව කොතරම් අරගල කලත් නොලැබූ අවධානය පුරවැසි ඡුන්ද බලය නිසා තමන් වෙත ආකර්ෂණය වී ඇති බව ඔවුන් හොඳින් වටහාගෙන ඇති හෙයිනි.

(ලියුම්කරු ඇතුලූ අප සංවිධානයේ පිරිස මෙම පුරවැසි අයිතිය දිනාගැනීම වෙනුවෙන් විවිධ අවස්ථාවන් වලදී කටයුතු කල සහ තවදුරටත් කරමින් තිබෙන අතර අප ප‍්‍රදේශයන්හි ලාංකීය ජනතාවට එම විරෝධතා වලට සම්බන්ද වන ලෙසට ඇරයුම් කලත් සහභාගි වූයේ ඉතා අතලොස්සකි. ඉදිරියේදී මේ අයිතිය බුක්ති විඳින පිරිස වෙත අපගේ අහිතක් නැති වුවත් මෙහි සටහන් කරන්නට කල්පනා කලේ ඉදිරියේදී හෝ අයිතීන් උදෙසා සිදු කෙරෙන සාමුහික අරගල වලට සම්බන්ද වන ලෙසට පුංචි මතක් කිරීමක් සඳහා පමණි.)

තීමස් විජිත්

leave a reply