අරගලකරුවන්ට එරෙහිව ත්‍රස්ත පනත යොදාගන්න එපා – නීතිඥ සංගමය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිදාන යොදාගෙන රජයට එරෙහිව විරෝධතාවල නිරතවූ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කරයි.

එම සංගමයේ විධායක සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම කුරිරු නීතිය මගින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට විධායකයට පුළුල් බලතල ලබාදී ඇති බවය.

රැඳවුම් නියෝග මූලික අයිතිවාසිකම් සහ රීට් අධිකරණ බල සීමාවට අනුකූල වුවද සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම මෙන් නොව විධිමත් අධිකරණ අධීක්ෂණයකට යටත් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

අධිකරණ අධීක්ෂණයකින් තොරව පුද්ගලයෙකු දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් ආරක්ෂණ ප්‍රමිතීන්ට පටහැනි බව නිතිඥ සංගමය අවධාරණය කරයි.

එසේම රඳවා තබා ගැනීම නිසා රැඳවියා වධ හිංසාවලට හා අමානුෂික සැලකීම්වලට ලක්වීමේ අවධානමක් ඇතැයි ද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනනේ ප්‍රතිපාදන වෙත යොමුවිය යුත්තේ එය භාවිතා කිරීම යුක්ති සහගත කළ හැකි ත්‍රස්තවාදී මානයක් පෙන්නුම් කරන සාක්ෂි ඇති සුවිශේෂි අවස්ථාවල පමණක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එබැවින් මෙලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, දැනට නිකුත් කර ඇති රැඳවුම් නියෝග වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

 

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...