ජනතාවට වැරදුණු තැන ආණ්ඩුවට තුනෙන් දෙක දීමයි , කෙහෙළිය හෙළිදරව් කරයි 

සැප්තැම්බර් 29 වැනි දා  අගමැති  මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී තමයි ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වල ‍  ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් සමග පැවති හමුවේදි   කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ඔවුන්ට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී තිබෙන්නේ බඩු මිල අඩු කරන්නටවත් රැකියා ප්‍රශ්න විසඳන්නට වත් නොව  20  වන  ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඇවිත්  දහනම වන ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කිරීමට බවයි.

එහිදී නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද, එය ජනමත විචාරණයකට ලක් කරන්නේද, කියා මාධ්‍යවේදීන් නැඟූ පැනයට  උදය ගම්මන්පිල පිළිතුරු දෙමින් කියා සිටියේ  නිවාර්යෙන්ම නව ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් එය ජනමත විචාරණයකට ලක් කළ යුතු බවයි. නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ  ඔවුන්ට මෙවර  තුනෙන් දෙකක් ලැබී තිබෙන්නේ  නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවයි. ඒ නිසා ජනමත විචාරණයක් අවශ්‍ය නොමැති බව ඔහුගේ අදහසයි.

ඉතිං තුනෙන් දෙකේ බලයක් ජනතාව  ලබාදී  මන්ගේ ප්‍රශ්න ආණ්ඩුව විසින් විසඳලා දේවී කියා සිතා සිටියා නම්  වැරදියි තිබෙන්නේ ජනතාවට බව  දැන් මේ ආණ්ඩුව කරන කියන දෑ  තුළින් තේරුම් ගැනීමට පුළුවන.  තුනෙන් දෙකේ බලයෙන් ආණ්ඩුව සහ  පිරිවර කරමින් තිබෙන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර ගැනීමයි.

 ඉතිහාසගත මේ තුනෙන් දෙකෙන්  ජනතා ප්‍රශ්න මේ වතාවේදී ද  නොවිසඳෙන බව  ජනතාව තේරුම් ගත යුතුයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...