21 වන සංශෝධනයෙන් විධායක බලතල අහෝසි වෙයිද?

Date:

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව මැයි 23 දා කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණි.

මෙම කෙටුම්පත මැයි 27 සිකුරාදා සාකච්ඡාව සඳහා වහාම සියලු පක්ෂ නායකයින් වෙත යොමු කිරීමට තීරණය වූ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අවසන් කෙටුම්පත සකස්කර අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඉන් අනතුරුව අනුමැතිය සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැ යි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

21න් යෝජනා කරන්නේ මොනවා ද?
විධායක ජනාධිපති බලතල සීමා කිරීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීම
ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් අහිමි කිරීම
රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

කෙසේවෙතත්, මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමේ ක්‍රමය මෙන්ම ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ මතුව ඇති අර්බුදකාරි තත්වයට ඉක්මන් විසඳුම් ගෙන එනු වෙනුවට කල් මැරීමේ උපක්‍රමයක් බවට විවේචන මතුව තිබේ. එපමණක් නොව, අපේක්ෂිත පරිදි 19 වැනි සංශෝධනයට ඔබ්බෙන් විධායක ජනාධිපති විසින් 20 වැනි සංශෝධනය හරහා සංකේන්ද්‍රණය කරගත් බලය නැවත පාර්ලිමේන්තුවට ලබාගැනීමේ විධිවිධාන නව කෙටුම්පතට ලබාදී නොමැති බවට චෝදනා එල්ල වී ඇත. මෙම පනත් කෙටුම්පත සම්බන්ධ මෙතෙක් හෙළිව ඇති කරුණු අනුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසීමිත බලයක් හිමිකරගත් කරුණු වෙනස් නොකර නව ව්‍යවස්ථා සංශෝදනයක් සිදු කිරීමේ පලක් නැති බවට විපක්ෂ කණ්ඩායම් කරුණු දක්වා ඇත.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...