ආහාර කාණ්ඩයේ උද්ධමනය 45% දක්වා ඉහළට

ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී 45.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේදී 23.9% ක් දක්වා ඉහළ ගොස් ඇත.

මාර්තු මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 29.5% ක් ලෙස පැවති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 14.5% ක් ලෙස පැවතිණි. ඒ අනුව මාසයක කාලය තුළදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 16.6% කින් සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.4% කින් ඉහළ ගොස් තිබේ.

2022 අප්‍රේල් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 10.22ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 6.03කින් සහ සියයට 4.19කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, සහල්, කිරිපිටි, පරිප්පු, සීනි සහ පාන් මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 අප්‍රේල් මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, බස් ගාස්තු සහ ඩීසල්), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, නිවාස කුලී සහ එල්.පී. ගෑස්), සෞඛ්‍ය (පෞද්ගලික වෛද්‍ය ගාස්තු), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල ප්‍රධාන වශයෙන් මිල ගණන් ඉහළ ගියේය.

එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 10.6හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 13.0 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 17.3හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 27.9 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 8.2හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 10.2 දක්වා ඉහළ ගියේය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...