ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් සංශෝධනයට සම අයිතිය ව්‍යාපාරයේ විරෝධය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කිරීම වෙනුවට එය වහාම අහෝසි කරන ලෙසත්, අද පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට බඳුන් කරන ව්‍යාජ සංශෝධන පනත පරාජය කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන මුවාවෙන් වෙනත් මර්දන පනත් ගෙන නොඑන ලෙසත් බල කරමින් මාර්තු 22 දින සම අයිතිය ව්‍යාපාරය විසින් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

ඊට අමතරව ඉහත ඉල්ලීම් මූලික කර ගනිමින් ඒකාබද්ධ ප්‍රකාශයකාටද අත්සන් තබා තිබේ.

බොරැල්ල, එන්. එම්. පෙරේරා ශ්‍රවණාගාරයේදී පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන, පුබුදු ජයගොඩ, ජෝසප් ස්ටාලින්, ෂෙරාඩ් ජයවර්ධන පියතුමා, නීතීඥ ස්වස්තිකා අරුනලිංගම්, සත්‍යවේල් පියතුමා සහ ඒ. එන්. හකීම් විසින් මූලික අදහස් දැක්වීම සිදු කරන ලදී. තවත් වෘත්තිය සමිති නායකයන් ඇතුළු ගණනාවක් මාධ්‍ය හමුවට සහභාගී විය.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...