ලංකාව මේ තරම් ළමුන්ට නුසුදුසු දේශයක් වුණේ කොහොමද?

Date:

මේ දවස්වල අපි හැමෝම අපෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඕක. මේ දවස්වල රූපවාහිනි ප්‍රවෘත්තිවල වැඩි වෙලාවක වෙන් වෙන්නෙ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙන ළමයින්ට සිදුවූ ලිංගික අපරාධ කුණු රසය මවමින් වාර්තා කරන්න. කාලෙන් කාලෙට විවිධ දරුවෝ අපයෝජනය වෙන සිදුවීම් ‘හිට්’ වෙනවා. එකකට පස්සෙ එකක් හිට් වෙනවා. අපි තවත් එකක් හිට් වෙනකම් අපේ ‘වැඩවලට’ යනවා.

පසුගිය දින කිහිපයේ 15හැවිරිදි දැරියක් විශාල පිරිසක් විසින් අපයෝජනය කළ සිදුවීමමට පස්සේ දැන් අපි ඉෂාලිනීගේ මරණය ගැන කම්පා වෙමින් ඉන්නවා . ඇය හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා යොදවාගෙන සිටි වයස අවුරුදු 16 ක දැරියක්. බරපතල පිළිස්සුම් තුවාල සහිතව පසුගිය 3වනදා රෝහලට ඇතුළත් කරපු ඉෂාලිනී දින ගණනාවකට පස්සේ මිය යනවා.

මේ වෙනකොට ඇය ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවත් සඳහන් වෙනවා.

මේ සෑම ප්‍රවෘත්තියකම බැලුවම තේරෙන්නෙ ළමයින්ට එරෙහි ලිංගික අපයෝජන , හිංසන පොදුවේ ගත්තම දරුවන්ගේ අයිතීන් කඩවීම් අපේ සමාජයේ කොච්චර සුලබද කියන කාරණයයි. ඉෂාලිනී ලිංගික අපයෝජනයට ලක්වීමට අමතරව ළමා මෙහෙකාර සේවයේත් යොදවලා. ඉශාලිනි වගේ දරුවෝ ගොඩක් මේ ආකාරයෙන් ඉතා අසාධාරණ ලෙස පොස්තුන්ගේ ගෙවල්වල ‘මෙහෙකාර’ සේවයන්වල යොදාගැනීම කර්මාන්ත ශාලා තුළ විවිධ වෘත්තීන්වල යොදාගන්න එක අපි හැමෝටම රහසක් නෙමෙයි.තවත් කොටසක් විදෙස් ‘මෙහෙකාර’ සේවයට යනවා. අපිට දැන් අමතක වුණාට රිසානා කියන්නෙ එහෙම දරුවෙක්.

අනිත් එක ඉෂාලිනී වගේ වතුකරයේ දරුවෝ ඉතා අඩු වයසින් මොකක් හෝ රැකියාවක් හොයාගන්න සිද්ධ වෙන්නෙ ඇයි?. සිවිල් අයිතිවාසිකම් පවා අහිමි කරනු ලැබූ වතුකරයේ මිනිස්සුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කරනවා කියන්නේ කරන්න පුළුවන් වැඩකට වඩා කරන්න බැරි වැඩක්. දිනකට මූලික වැටුප ලෙස ඉතා සොච්චම් වැටුපක් වෙච්ච රුපියල් 1000ක් ලබාගන්න ඔවුන්ට කොතරම් නම් අරගලයක් කරන්න සිද්ධ වුණාද කියලා අපිට මතකයි. තාමත් ඒක හරිහැටි ලැබෙන්නෙ නැහැ.

මේ වසරේ ගතවූ මාස 06 තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 4,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කර තිබුණා. මේ ආකාරයට ලැබෙන පැමිණිලි විභාග කරලා අවසානයේ වින්දිත්යන්ට යුක්තිය ඉටුවෙන්නෙ ඉතා කලාතුරකින්. අපි මෙහෙම සිද්ධීන් ගණන් කරමින් ඉන්නවා ඇරෙන්න මෙහෙම වෙන්න බලපාන හේතු හොයලා බැලුවද? ඒකට විසඳුමක් හිතුවද? රටක දරුවෝ කියන්නෙ ඒ රටේ අනාගතය. කිසිදු බේදයකින් තොරව ඔවුන්ගේ සුබ සිද්ධිය සැලසීම ඒ රටේ ආණ්ඩුවල සහ සමාජයේ වගකීමක්. මේ සංඛ්‍යා ලේඛණවලින් කියන්නෙ අපේ රටේ ආණ්ඩු සහ දරුවන් සම්බන්ධ වගකිව යුතු ආයතන තමන්ගේ වගකීම් පැහැර හැර ඇති බවයි. ඒ නිසා සමාජයක් ලෙස කාලයෙන් කාලයට එක එක සිද්ධියෙන් කම්පා වීමෙන් නොනැවතී දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...