ඉන්දියානු අගමැතිවරයා සහා ලංකාවේ ජනාධිපතිවරයා ආරක්ෂක යුධ ගිවිසුමක

Date:

“අප්‍රේල් 4 වෙනිදා ඉන්දියානු අගමැති මෝදි ලංකාවට එන්න නියමිතයි. ඔහු එන එක කාරණයක් තමයි සාම්පූර් විදුලි බලාගාරයට මුල්ගල් තැබීම. හැබැයි මෙතනදි ආණ්ඩුව ජනතාවගෙන් හංගන කාරණයක් තියනවා. ඉන්දියානු පුවත්පත් වාර්තා කරන විදිහට මෝදි ලංකාවේ ආණ්ඩුව සමග ගිවිසුම් 6ක් අත්සන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ලංකාවේ ආණ්ඩුව තවමත් මේ ගිවිසුම් ගැන රටට හෙළිකරලා නෑ.

දැන් ඒ අතරේ අද ඉකොනොමික්ස් ටයිම්ස් කියන ඉන්දියානු වෙබ් අඩවියේ වාර්තාවක් පළවෙනවා ඉන්දියානු අගමැතිවරයා සහා ලංකාවේ ජනාධිපතිවරයා ආරක්ෂක යුධ ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා කියලා. ඒ වාර්තාවට අනුව මේ ගිවිසුම අත්සන් කරන්නේ “චීනයේ වර්ධනය වන මිලිටරි බලපෑමට එරෙහිව සටන් කිරීම” අරමුණු කරගෙනලු. මේක පැහැදිලිවම ලංකාවත් ලෝකයේ දැන් පවතින යුධ ආතතියට ඇතුල් කිරීමක් වගේම දිගුකාලින් උගුලකට ඇතුල් කිරීමක්. කවුද ආණ්ඩුවට ඒකට බලය දුන්නේ. ජනතාව ඒවට බලය දුන්නේ නෑ.

මෙහෙම ගිවිසුමක් අත්සන් කරලා ලංකාව බලාපොරොත්තු වෙන්නේ මොනවද ? ආණ්ඩුව එහෙම ගිවිසුමක් අතසන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද ? මෙන්න මේ ප්‍රශ්නවලට ආණ්ඩුව වහාම උත්තර දෙන්න ඕන. මොකද ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ මේකට. රනිල් වික්‍රමසිංහ හිටියෙ ලංකාවේ ඉඩම් ටික, විදුලිබලාගාර, වරාය, තෙල් ටැංකි මේ හැම එකක්ම ඉන්දියාවට විකුණන ජනතාද්‍රෝහී වැඩපිළිවෙළක. ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය පාවිච්චි කලේ ඒ වැඩපිළිවෙළ පරාජය කරයි කියන බලාපොරොත්තුවෙන්. හැබැයි දැන් ජාතික ජන බලවේග ආණ්ඩුවත් රනිල්ගේ වැඩපිළිවෙළේම දිගුවක් ඉදිරියට ක්‍රියාත්මක කරමින් යනවා. අපි කියනවා ආණ්ඩුවට ඒ විනාශකාරී වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කරන්න එපා. මොකද ඒ වැඩපිළිවෙළ මගින් වෙන්නේ රටේ ජනතාව තව දුරටත් අනතුරේ හෙලීම. අපි ආණ්ඩුවෙන් එවැනි ප්‍රතිපත්තියක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ”

පෙරටුගාමී සමාජවාදී පක්ෂයද එක්ව ගොඩනැගු ‘ජන අරගල සන්ධානය’ මෙවර පළාත්පාලන මැතිවරණයේ අපේක්ෂකයන් ඉදිරිපත් කරයි.
( 2025 – 03 – 29 ) දින කොටිකාවත්ත සණස ශාලාවේදී පැවැති මැතිවරණ ප්‍රචාරක අවස්ථාවකදී ජන අරගල සන්ධානයේ වසන්ත මුදලිගේ පළ කළ අදහසකි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...