2020.11.29 දින සිට ලොම්බාර්දියා කලාපයට වලංගු නව මිනුම් දඩු

නොවැම්බර් 29 ඉරිදා සිට ලොම්බාර්දියා කලාපය රතු කලාපයෙන් ඉවත්ව තැඹිලි කලාපය බවට පත්වේ. හෙට සිට බලාත්මක වන පරිදි අද දින (නොවැම්බර් 28 සෙනසුරාදා) නිල ගැසට් පත‍්‍රය නිකුත් කරණු ඇතැයි අපේක්ෂා කෙරේ.

පැවති ලෙසම ඇඳිරි නීතිය රාත‍්‍රී 10 සිට අලූයම 5 දක්වා ක‍්‍රියාත්මක වන අතර රැකියා, ආහාර අවශ්‍යතා සහ සෞඛ්‍යය පිළිබඳ අවශ්‍යතා හැර ඔබේ ප‍්‍රාදේශිය හෝ නගර සීමාවෙන් සහ කලාපයෙන් පිටත ගමන් කිරීම තහනම් කර ඇත.
බාර් සහ අවන්හල් සඳහා වන නීති වෙනස් නොවන අතර ඒවා රාත‍්‍රී 10 දක්වා ආහාර පිටත රැගෙන යාමට සහ බෙදා හැරීමට පමණක් අවසර දී ඇත.

වාණිජ ක්ෂේත‍්‍රය තුළ, සියලූ ක‍්‍රියාකාරකම් සීමාවකින් තොරව නැවත විවෘත කිරීමට හැකි වන අතර සුපුරුදු අනුකූලතාවය පවත්වා ගත යුතුවේ. එහෙත් ආරක්ෂක ප්‍රොටෝකෝලයට අනුව ඖෂද සහ උපකරණ වෙළඳසැල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, ආහාර අලෙවිසැල්, දුම්කොළ වෙළඳ සැල් සහ ප‍්‍රවෘත්ති පත‍්‍ර අලෙවි සැල් හැර සෙසු ආලෙවි ආයතන නිවාඩු සහ පූර්ව නිවාඩු දිනවල වසා තැබිය යුතුවේ.

පුද්ගලික සේවාවන් සම්බන්ධයෙන් ගත් කල, රූපලාවණ්‍ය මධ්‍යස්ථාන ද තැඹිලි කලාපයට මාරුවීමත් සමග නැවත විවෘත කළ හැකිය. නමුත් ක්‍රිඩක ක්‍රිඩිකාවන් සඳහා අත්‍යාවශ්‍ය පුනරුත්ථාපන හා පුහුණු කටයුතු හැර ජිම්, පිහිනුම් තටාක, පිහිනුම් මධ්‍යස්ථාන, සුවතා මධ්‍යස්ථාන සහ ස්පා වල ක‍්‍රියාකාරකම් අත්හිටුවා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...