Breaking News

සන්ධාන හදන යන්තරේ ජනතා විමුක්ති පෙරමුණට පෙම් බඳින්න පටන් අරන් පක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රට කරවීමේදී දායක වෙන්න පුළුවන් සියලු දෙනාවම එකතු කරගත යුතු බවයි. ඒ අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක පසුගියදා පැවති සමුළුවේදී ඒ වෙනුවෙන් හොඳ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ කතාවක් කළ බව ප්‍රශංසා මුඛයෙන් ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ද ජනතා විමුක්ති පෙරමුණ දෙසට හැරී සන්ධානගත ඉදිරි පියවරක් වෙනුවෙන් ඉඟිබිඟි පානා බවක්ද පෙනෙන්න තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පිරිසිදු පක්ෂයකට ජනතා විමුක්ති පෙරමුණ වැනි පිරිසිදු පක්ෂයක් සමඟ එකතු වී අනාගතය පිළිබඳ බලාපොරොත්තු ගොඩනගා ගැනීමට හැකි බවයි.

සන්ධානගතව වැඩ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව තිබෙන බව අවධාරණය කරන බවද දයාසිරි එහිදී ප්‍රකාශ කරනවා.

leave a reply