සන්ධාන හදන යන්තරේ ජනතා විමුක්ති පෙරමුණට පෙම් බඳින්න පටන් අරන් පක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රට කරවීමේදී දායක වෙන්න පුළුවන් සියලු දෙනාවම එකතු කරගත යුතු බවයි. ඒ අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක පසුගියදා පැවති සමුළුවේදී ඒ වෙනුවෙන් හොඳ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ කතාවක් කළ බව ප්‍රශංසා මුඛයෙන් ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ද ජනතා විමුක්ති පෙරමුණ දෙසට හැරී සන්ධානගත ඉදිරි පියවරක් වෙනුවෙන් ඉඟිබිඟි පානා බවක්ද පෙනෙන්න තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පිරිසිදු පක්ෂයකට ජනතා විමුක්ති පෙරමුණ වැනි පිරිසිදු පක්ෂයක් සමඟ එකතු වී අනාගතය පිළිබඳ බලාපොරොත්තු ගොඩනගා ගැනීමට හැකි බවයි.

සන්ධානගතව වැඩ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව තිබෙන බව අවධාරණය කරන බවද දයාසිරි එහිදී ප්‍රකාශ කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...