Breaking News

පච්චයකට උරන වන්නන් යුද ටැංකියක බෞද්ධ කොඩියට මෙල්ල වෙනවද?

හිල්මි සුපුන් 

යුද ටැංකියක් පාරක , කැලයක , කාන්තාරයක ගමන් කලත් ඉන් මවන චිත්ත රූපය භීතිය මුසු තැතිගැන්ම. හදිසි නීතිය පනවා ඒ මතට ඇඳිරි නීතිය බලාත්මක කළ පසු සාමාන්‍යය මිනිසුන් එදිනෙදා ජීවිතය ඇදගෙන යන මහපාරේ යුද ටැංකියක් සන්නද්ධ භට පිරිස් පටවාගෙන ගමන් කිරීම තුළින් මිනිසුන්ට ඇති කරන්නේ බිය සහ භීතියයි .

ජනතාව පාලකයන්ට එරෙහිව අරගල කරනවිට, තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා පාරට බහින විට, පාලකයෝ හැමවිටම කරන්නේ තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් භිෂණය මුදා හැරීමයි. දකුණේ මිනිසුන් ඉඳහිට දකින යුද ටැංකි (නිදහස් උත්සව දිනවල) පෙනෙන විට ප්‍රතියට පත් වන්නේ මවා ඇති පුහු අභිමානයේ තිර පට පිටුපස සිටින බැවිණි . පසුගිය දිනවල යුද ටැංකි භීතිය පිළිබඳව දකුණේ මිනිසුන් ද කතා කරන්නට පටන් ගත්තේ රාජපක්ෂවරු දකුණ ගිනි තියා ඒ ගින්නෙන් දැවෙන විට ඉන් මිදී පලා යන්නට පොදු ජනයා භීතියට පත් කරන්නට යුධ ටැංකි මහමඟට ගෙන ඒ මෙනි.

ජනතා විරෝධය පාලකයන්ට එරෙහිව ගොඩනැගෙන විට එය සමනය කර ගැනීමට උන් උපක්‍රමික යැයි සිතා කරනු ලැබූවේ වැරදි කොට ආගම ජාතියට මුළු මුවා වීමයි . මේ යුද ටැංකිය පාට පාට කර ඉදිරියෙන් බෞද්ධ කොඩිය ආලේප කිරීමෙන් මේ කරන්නේත් එම වංචාව මයි . දිනක් දෙකක් දකුණේ පාරවල් දිග යුද ටැංකි ගමන් කරන විට ඒවා කඳවුරු වෙත නැවත යවන්නට කියා බල කරන මේ සමාජය දසක ගණනක් සාමාන්‍ය නීතිය යටකර යුද නීතිය ක්‍රියාත්මක වෙන උතුරේ පාරවල් දිග, දකුණේ පාරවල් දිග, දිනපතා ගමන් කරන මේ භීතිය ට එරෙහිව සංවේදී නොවන්නේ උනුන් සහ දකුණේ අපි තවමත් විශ්වාසවන්තයින් නොවීම නිසා යැයි මට හැඟේ.

යුද ටැංකියට කොළපාට ගෑවත් දේදුන්නෙ වර්ණය ආලේප කළත් සියලු ආගමික ලාංඡන පැළඳුවත් ඉන් සමාජයට එල්ල වෙන භීතිය සමනය කළ නොහැකිය. මිනිසුන් මරන, දේපල විනාශ කරන යුද ටැංකිය මත බෞද්ධ කොඩිය ආලේප කර තිබීමට එරෙහිව අපේ සමාජය තුළින් පැන නැගුණු විරෝධය කෙබන්දක් ද යන්න නොවැටහේ. සැම සුළු දේකටම පවා සමාජ මාධ්‍ය තුල තම අදහස් පළ කරන බොහෝ ආගමික භක්තිකයෝ මේ පිළිබඳව මුනිවත රකින අයුරු පෙනෙයි. නැවක සුක්කානම ධර්ම චක්‍රය ලෙස දකින මොවුන් මේ පිළිබඳව දරණ ආකල්පය උතුරේ මිනිසුන්ව මරද්දී ගිනි අවි වලට සෙත් පැතූ ආකල්පය ම ද?

2022 මැයි 15 වැනිදාට යෙදී තිබුණු වෙසක් පෝය නිමිති කරගෙන ගාලු මුවදොර නිර්පාක්ෂික අරගල භූමිය තුළ (ගෝඨාගෝ ගම) පැරණි කලාගාරය කලහකාරීන් විසින් ගිනි තැබූ තැන ඇඳි චිත්‍රයක් පිළිබඳ සාමාජ මාධ්‍ය ගිනිගත්තේ එම නිර්මාණය බුදුන්ට කල අපහාසයක් මෙන්ම බෞද්ධ ජනතාවට කළ නින්දාවක් ලෙස අර්ථකථනය කරමිනුයි. නිර්මාණ මතට තමන් දන්න රූපය ආදේශ කළ විට මේ අකරතැබ්බය ට මුහුණ දෙන්නට සිදු වෙනවා.එමෙන්ම බෞද්ධ යැයි කියාගන්නන් හිතන්නේ එරමිණිය ගොතා වාඩි වන්නේ බුදු බුදුහාමුදුරුවන් පමනක්ම බව දැයි ප්‍රශ්න කිරීමට සිදුවෙනවා.

2022 මැයි මාසේ 15 වැනිදාට යෙදී තිබුණු වෙසක් පෝය නිමිති කරගෙන බහු පාර්ශ්වික අරගල භූමිය ගාලු මුවදොර පැරණි කලාගාරය රාජපක්ෂලාගේ පාදඩ හෙංචයියන් විසින් ගිනි තැබූ තැන ඇඳි චිත්‍රයක් පිළිබඳ සාමාජ මාධ්‍ය ජාලය ගිනි ගත්තේ එම නිර්මාණය බුදුන්ට කල අපහාසයක් මෙන්ම බෞද්ධ ජනතාවට කළ නින්දාවක් ලෙස හුවා දක්වමිනි. නිර්මාණ මතට තමන් දන්න රූපය ආදේශ කළ විට මේ අකරතැබ්බය ට මුහුණ දෙන්නට සිදු වෙනවා.එමෙන්ම බෞද්ධ යැයි කියාගන්නන් හිතන්නේ එරමිණිය ගොතා වාඩි වන්නේ බුදුන් පමනක් බවද?යුද ටැංකියේ බෞද්ධ කොඩිය ආලේප කිරීමට එරෙහිව පැන නොනගින විරෝධය කලාකරුවෙකුගේ නිර්මාණයකට එරෙහිවනේ කිනම් ආකල්පයක් මත ද ඒවාහුදෙක් තනි පුද්ගල මනස්ගාත පමණක්ම නොවඑක කාලයක් රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය කර දී තිබෙන මත වාදවිචාරවත් මනස් මත නිර්මාණය කරන විකාරයන් විග්‍රහ කර ගැනීමේ වරදක් නොමැත.

මහින්ද රාජපක්ෂ නමැති පාදඩ දේශපාලකයා ශ්‍රී මහා බෝධිය පාමුලටම ගොස් එය සිප වැළඳ ගැනීම ප්‍රශ්න නොකරන මේ පොදු ජනතාව තවමත් සාමාන්‍ය කාන්තාවකට ශ්‍රී මා බෝධිය ළඟට යන්නට අවසර ඉල්ලා අරගල කරන්නේ නැත.

මෙහිදී මතුවන බරපතළ කරුණ නම් ඉහත සඳහන් චිත්‍රය පිළිබඳව මැසිවිලි නගන බැතිමතුන් යුද ටැංකියක බෞද්ධ කොඩිය ආලේප කර තිබීම ප්‍රශ්න නොකර මුනිවත රැකීමයි.මෙය හිතාමතා ම රාජ්‍ය ත්‍රස්තවාදයට ආගමික රැකවරණය ලබාදීමට ජනතාව කඟ බව ප්‍රකාශ කිරීමක් ද? කියා ප්‍රශ්න කිරීමට හැකිය.

 

leave a reply