වෘත්තීය සමිති විශ්වාසය කඩ කරමින් රාජපක්ෂලා වරාය ඉන්දියාවට විකුණයි

රට තුළ කොරෝනා වසංගතය හිස එසවීමත් සමඟ  රටේ ජනතාවට අනෙකුත් සියලු ප්‍රශ්න අමතක වී  තිබීම පුදුමයට කරුණක් නෙවෙයි.  ජීවිතය පිළිබඳ අපේක්ෂාව  තමන්ගෙන් ඈත් වෙන බව දැනෙන විට ජනතාව අනිකුත් සියලු ප්‍රශ්න අමතක කර ජීවිතය රැක ගැනීම සඳහා වූ අරගලයට ප්‍රමුකත්වය ලබා දීම  අපට විවේචනය කළ නොහැක්කකි.  ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරලීම එරට පාලකයන්ගේ වගකීමකි. නමුත් මතුව ඇති තත්ත්වය තුළ  ආණ්ඩුව එම වගකීමෙන් බැහැරව ඇති බව අපට දකින්න තිබෙන කරුණකි.

මේ තත්ත්වයන් හමුවේ වුවද දේශපාලකයෝ තමන්ගේ න්‍යාය පත්‍රයන් එලෙසම ක්‍රියාවට නගමින් සිටිනවා.  ජනතාව තමන්ගේ ජීවිතය රැකගැනීමට වෙහෙසෙන අතරතුර  පාලකයෝ  ඔවුන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් ලබා දුන් පොරොන්දු ඉටු කරමින් ඉන්නවා.  කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වීම හමුවේ ජනතාවගේ ඇසට කනට  අගුලු වැටී තිබෙන මේ මොහොතේ  රටේ වටිනා සම්පත් විකුණන්නට,  අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා අවශ්‍ය කරන  මාර්ගය නිර්මාණය කරන්නට  ගෝඨාභය මහින්ද ආණ්ඩුව  හොර රහසේ කටයුතු කරන බව  ගෙන  ඇති ක්‍රියාමාර්ග හමුවේ අපට සනාථ වී තිබෙනවා

සතියේ විවර  දේශපාලන කතාබහ තුළින් අපි අනාවරණය කිරීමට සූදානම් වන්නේ මෙන්න මේ කරුණු කිහිපය සම්බන්ධවයි. අද  දේශපාලන සාකච්ඡාවට ආරාධනා කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාට .

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...