සජිත් යනු විකල්පයක්ද?

සමගි ජනබලවේගය පක්ෂය විසින් කොළඹදී අද (15) විරෝධතා රැළියක් සංවිධානය කර තිබුණා.

මීට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බස්රථ යොදාගෙන විශාල පිරිසක් සහභාගීවූ අතර ඔවුන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුණා.

මෙම පිරස ස්ථාන කිහිපයකින් කොළඹට ඒකරාශීවූ අතර අවසානයේ ගාලු මුවදොර අසල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට එක්වී වි පන්දම් දල්වමින්, මිනී පෙට්ටි රැගෙන එමින් සිය විරෝධය දැක්වූවා.

මෙහිදී විරෝධතාකරුවන් “ගෝඨා ගෙදර පළ” යනුවෙන් සඳහන් කලු පටි පැළඳ විරෝධතාවේ නිරතවීම විශේෂත්වයකි.

මේ මොහොතේ ජනතාව මුහුණ දෙමින් සිටින අර්බුදය හමුවේ ආණ්ඩුවට එරෙහිව නැගී ඇති විරෝධය සජිත් ප්‍රමුඛ විපක්ෂය තමන් බලයට පැමිණීම සඳහා පවිච්චි කිරීම සඳහා සූදානමින් සිටියි.

එහෙත් සජිත් යනු විකල්පයක්ද?

සජිත් ප්‍රේමදාස යනු අද ඊයේ පහළවූවෙක් නොවේ. මෑත ඉතිහාසය ගෙන බැලුවද සජිත් ප්‍රේමදාස යනු මීට පෙර පැවති ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකි. අප අද මුහුණ දෙමින් සිටින අර්බුදය අද ඊයේ පහළ වූ ඒවා පමණක් නොවේ. අපේ රට මෙතෙක් පාලනය කළ ආණ්ඩුවල තකතීරුකම්වල ප්‍රථිපලයි. එසේ බලන විට සජිත් යනු ඒ තකතීරුකම්වලට සහය දැක්වූ පුද්ගලයෙකි.

තමන්ගේ තාත්තාගේ නම සහ මුදල් පාවිච්චි කරමින් දේශපාලනයට පැමිණෙන සජිත්ට රාජපක්ෂ පවුල් පාලනය ගැන කටක් ඇර කිව හැකිද?

එසේම වර්තමානය වනවිට ජනතාව පෙළමින් සිටින අර්බුද සඳහා සජිත් සතුව පවතින උත්තරයේ අමුතු වෙනසක් නැත. සරලම කරුණක් ගෙන බැලීමේදී ලෝක මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සජිත් වෙනස් තීරණයක් නොගනු ඇත. එවැනි පාලනයකදී සිදුවන්නේ ද ජනතාවට තව තවත් දුක් විඳීමටයි. අප දැනට මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවල කිසිදු වෙනසක් නම් සිදුනොවනු ඇත.

‘ගෝඨා ගෙදර පල’ කිවූ පමණින් වැඩක් නොවන්නේ මෙන්න මේ නිසාවෙනි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...