සජිත් යනු විකල්පයක්ද?

සමගි ජනබලවේගය පක්ෂය විසින් කොළඹදී අද (15) විරෝධතා රැළියක් සංවිධානය කර තිබුණා.

මීට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බස්රථ යොදාගෙන විශාල පිරිසක් සහභාගීවූ අතර ඔවුන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුණා.

මෙම පිරස ස්ථාන කිහිපයකින් කොළඹට ඒකරාශීවූ අතර අවසානයේ ගාලු මුවදොර අසල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට එක්වී වි පන්දම් දල්වමින්, මිනී පෙට්ටි රැගෙන එමින් සිය විරෝධය දැක්වූවා.

මෙහිදී විරෝධතාකරුවන් “ගෝඨා ගෙදර පළ” යනුවෙන් සඳහන් කලු පටි පැළඳ විරෝධතාවේ නිරතවීම විශේෂත්වයකි.

මේ මොහොතේ ජනතාව මුහුණ දෙමින් සිටින අර්බුදය හමුවේ ආණ්ඩුවට එරෙහිව නැගී ඇති විරෝධය සජිත් ප්‍රමුඛ විපක්ෂය තමන් බලයට පැමිණීම සඳහා පවිච්චි කිරීම සඳහා සූදානමින් සිටියි.

එහෙත් සජිත් යනු විකල්පයක්ද?

සජිත් ප්‍රේමදාස යනු අද ඊයේ පහළවූවෙක් නොවේ. මෑත ඉතිහාසය ගෙන බැලුවද සජිත් ප්‍රේමදාස යනු මීට පෙර පැවති ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකි. අප අද මුහුණ දෙමින් සිටින අර්බුදය අද ඊයේ පහළ වූ ඒවා පමණක් නොවේ. අපේ රට මෙතෙක් පාලනය කළ ආණ්ඩුවල තකතීරුකම්වල ප්‍රථිපලයි. එසේ බලන විට සජිත් යනු ඒ තකතීරුකම්වලට සහය දැක්වූ පුද්ගලයෙකි.

තමන්ගේ තාත්තාගේ නම සහ මුදල් පාවිච්චි කරමින් දේශපාලනයට පැමිණෙන සජිත්ට රාජපක්ෂ පවුල් පාලනය ගැන කටක් ඇර කිව හැකිද?

එසේම වර්තමානය වනවිට ජනතාව පෙළමින් සිටින අර්බුද සඳහා සජිත් සතුව පවතින උත්තරයේ අමුතු වෙනසක් නැත. සරලම කරුණක් ගෙන බැලීමේදී ලෝක මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සජිත් වෙනස් තීරණයක් නොගනු ඇත. එවැනි පාලනයකදී සිදුවන්නේ ද ජනතාවට තව තවත් දුක් විඳීමටයි. අප දැනට මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවල කිසිදු වෙනසක් නම් සිදුනොවනු ඇත.

‘ගෝඨා ගෙදර පල’ කිවූ පමණින් වැඩක් නොවන්නේ මෙන්න මේ නිසාවෙනි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...