Breaking News

බැසිල්ට අවනත ඇමති මණ්ඩලයක්, රනිල් ප්‍රතික්ෂේප කරයි, අර්බුදය උග්‍රයි

ඇබය ගලවගත්තා වඳුරට වෙච්ච දේ අපි දන්නවා . කතාව ශිෂ්ට කරන්න ඇබය ගැලවුණ පස්සේ වඳුරා ගේ අහුවෙනවා කියන්නේ නැට්ට. ඇත්තටම කූඤ්ඤ ගැලවුණ  පසු වඳුරගේ නැට්ට විතරක් නෙමෙයි ඇට දෙකත් තද වෙනවා.  නැට්ට තද උන පසු දැනෙන වේදනාවයි,  ඇට තද වුන පසු  දැනෙන වේදනාවයි, ඇට සහ නැට්ට තද උන පසු  දැනෙන වේදනාවයි අතර ඉතා සැලකිය යුතු වෙනසක් තියෙනවා.  වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහටත් දැන් සිද්ධ වෙලා තියෙන්නෙ ඇබය ගලව ගත්තු වඳුරට සිද්ධ වෙච්ච දේ, රනිල් හයියෙන් කෑ ගහන්නේ නැතුව වේදනාව දරාගෙන ඉන්නවා. මොකද පිටස්තරයන්ට ඇහුණම ලැජ්ජා නිසා.

මහින්ද රාජපක්ෂව රටේ ජනතාව පන්නා දැමූ පසු හිස්වෙච්ච අගමැතිධූරය රනිල්  භාරගන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා නෙවෙයි. කුමන්ත්‍රණ ප්‍රතිඵලයක් ලෙසයි. විශේෂයෙන්ම රාජපක්ෂලා ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ මොහොතේ හොඳම කෙනා රනිල් බව දැනගෙන හිටපු අය තමයි රනිල්ව මේ උගුලට හසු කරන්නේ. රනිල් වීරයෙක් නෙමෙයි.  මේ උගුලට රනිල් පනින්නේ කැමැත්තෙන් නෙමෙයි. රනිල්ව මේකට කවුරුන් හෝ බලහත්කාරයෙන් ඇදලා දානවා. ඒක තමයි ඇත්ත.

රනිල් අගමැති වීමෙන් පසු අමාත්‍යවරු හතර දෙනෙක්ගේ නම් ගැසට් වෙනවා. ඉතුරු අමාත්‍ය මණ්ඩලය තවම නම් කරගන්න බැරිවෙලා තියෙනවා.  පාර්ලිමේන්තුව ඇතුළේ පසුගිය දවස් තුනේ සිදු වෙච්ච කතා බහ නිරීක්ෂණය කරන විට අපට පෙනී යන්නේ ජනතාව රාජපක්ෂලාව පන්නා දැමුවාත් තවමත් පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂලාගේ බලය ක්‍රියාත්මක වෙන බවයි. එය පක්ෂ විපක්ෂ හැමෝම පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළා.  ඇමෙරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ තමන්ගේ වුවමනාවන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉෂ්ට සිද්ධ කර ගන්නවා කියන එක.

රනිල්ට අගමැතිකම ලබා දුන්නු  පොහොට්ටුවේ හයිරන් කාරයෝ රනිල්ට නිදහසේ අමාත්‍ය මණ්ඩලය පත් කර ගන්නට අවස්ථාව සලසා දෙන්නෙ නැහැයි කියන එක අපට වාර්තා වෙනවා.  මේ බලපෑම රනිල්ට සිද්ධ කරමින් සිටින්නේ කපුටා ලෙස විරුදාවලි ලත් ඇමරිකානු පුරවැසියා වන බැසිල් රාජපක්ෂ කියන එක තමයි භ්‍යන්තර තොරතුරු සනාථ කරන්නේ. රනිල් පාර්ලිමේන්තුව ඇතුළේ ඉතා සැහැල්ලුවෙන් ජෝකර් ගේ චරිතය රඟපෑවට මේ වන විට දැඩි පීඩනයට ලක්ව සිටින බවත්  මේ පීඩනය ඉදිරි සතිය තුළ වැඩි වුනොත් රනිල් බොහෝ දුරට අගමැතිකමෙන් ඉල්ලා අස් වීමට ඉඩ ඇති බවත් දැනගන්න තිබෙනවා. රනිල් පොහොට්ටුවේ රූකඩය ලෙස හසුරුවමින් සිටින්නේ බැසිල් ය.

රනිල්ට විදෙස් ආධාර ලබාගැනීමට හැකිය කියන මිථ්‍යා විශ්වාසය ද, මේ වන විට බිඳ වැටී ඇති හෙයින් රනිල් ලවා  ඉදිරි කාලය ඇදගෙන යෑමට අවශ්‍ය කරන ශක්තිය නොලැබෙන බව පොහොට්ටුවේ ප්‍රධානීන් විශ්වාස කිරීම අර්බුදයට හේතුවක්ද වී තිබෙනවා.

එපමණක්ද නොව නාගරික මෙන්ම ග්‍රාමීය වශයෙන් ද රනිල් කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය ඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින අතර මහින්ද රාජපක්ෂට ධූරය හැර යන්න සිදු වූ ආකාරයට වඩා බරපතළ අකරතැබ්බයකට මුහුණදී දේශපාලන භූමියෙන් අතුගෑවී යාමේ අවදානමක ද රනිල් වික්‍රමසිංහ පත්වී සිටී.

leave a reply