Breaking News

ලෙක් හවුස් ආයතනයේ සේවක දඩයම

පසුගිය පළමු වැනිදා සිට ලෙක් හවුස් ආයතනයේ මාධ්‍යෙව්දිනියන් සිවු දෙනෙකු ඉවත් කර ඇත. මේ පිළිබද ව ඔවුන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කරන ලද විමසීමේදී සඳහන් කර ඇත්තේ. කොන්ත්‍රාත් පදනමේ සිටින සේවකයින් ඉවත් කරන බවකි. කලින් දැනුම් දීමක් නොකළ නිසා එක් මාසයක් ඔවුන්ගේ මූලික වැටුප ගෙවන බව ද දුනුම් දි ඇත. මේ සේවිකාවන් සිවු දෙනාම වසර 5ක පමණ කාලයක් ආයතනයේ සේවය කළ අයයි.

මුළු රටම ආර්ථික අර්බුදයක ගිලී සිටින බව සැබෑවකි. නමුත් එයින් සේවකියන් සහ ආයතන ගොඩ ගැනීමේ වගකීම පාලන අධිකාරිය සතුය. එවන් වගකීමක් ඉටු කළ හැකි අයවලුන් ආයතන පාලනාධිකාරියට පත් කරනු ලැබේ. නමුත් ලේක් හවුස් ආයතනයේ පාලන අධිකාරිය සිය නොහැකියාව වසා ගැනීම සඳහා අහිංසක සේවයකින් දඩයම් කිරීමට පෙළඹී සිටින බව දක්නට ලැබේ.

සිවු දෙනෙක් සේවයෙන් පහ කිරීම මඟින් සමස්ත ආයතනයම ගොඩ ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සැලසෙන්නේ කෙසේ ද? මේ දඩයම කුමක් විය හැකි ද? ඉවත් කළ සේවිකාවන් සිවු දෙනාම තරුණ වයසේ පසුවන අය (විවාහ අපේක්ෂිකාවන්) වීම තුළත් සිවු දෙනාම මාධ්‍යවේදිනියන් වීම තුළත් මෙම ඉවත් කිරීම කුළ සැගවුණු තවත් යමක් ඇති බව පෙනෙන්ට තිබේ. අමාත්‍යවරයකු හරහා ඉල්ලීමක් කරන්නේ නම් නැවත සේවයේ පිහිටු වීම පිළිබඳ සලකා බැලිය හැකි බවට ද ඔවුන්ට දැනුම් දී ඇත.

එසේ නම් මෙම ඉවත් කිරීමේ පදනම කුමක් වන්නේ ද? අතිරික්ත සේවක පිරිසක් ඇති බවත් සේවකයින් සඳහා වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදලක් ආයතනය සතුව නොමැති බවත් පවසන පාලනාධිකාරිය වර්තමානය වන විටත් දෛනික ගෙවීමේ පදනම මත සේවය බදවා ගැනීම් සිදු කරමින් සිටියි. ඒ ආකාරයට පසුගිය මාසය තුළ බදවා ගත් බොහෝ පිරිසක් නිශ්චිත කාර්යයකින් තොරව ආයතනය තුළ ගැවසෙමින් සිටි.

මේ සේවිකාවන් සිවු දෙනාම කොන්ත්‍රාත් පදනම යටතේ වසර 5කට අධික කාලයක් සේවය කර ඇති අතර, මාස තුනෙන් තුනට ඔවුන් ගේ සේවා කාලය දික් කරමින් සිට තිබේ. කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට බදවා ගන්නා අයගේ සේවා කාලය දික් කිරීමේ ආයතනික ක්‍රියා පටිපාටිය ඒ ආකාර වන අතර, මේ අනුව ඔවුනට ආයතනික වශයෙන් ණය පහසුකමක් ලබා ගැනීමට හෝ ආයතනයෙන් ලබා දෙන වැටුප් වාර්තාවට අනුව බැංකුවකින් ණයක් ලබා ගැනීම හෝ අපහසුය. එහෙත් එවන් පීඩාවන් දරාගත් අයවලුන් මේ ආකාරයට සේවයෙන් ඉවත් කරනු ලබන්නේ දඩාවතේ යන බලු පැටවකු නිවෙසට රිංගු අවස්ථාවක නිවෙසින් ඉළියට ඇද දමන පරිද්දෙනි.

පසුගිය 25 වැනි දින සේවයට වාර්තා කළ ඔවුනට සිය සේවය නතර කිරීමේ ලිපි එදින උදෑසන 9.30 වන විට ලබා දී ඇත. උදැසන රැකියාවට පැමිණෙන සේවකයකු අතට සිය සේවා කටයුතු අවසන් කරන බව දැනුම් දීම කෙතරම් අමානුෂික ද? ලංකාවටම පුවත් පත් හරහා දැනුම බෙදා දෙන මෙවන් ආයතනයක් සිදු කරනු ලබන මේ අමානුෂික ක්‍රියා කාට නම් අනුමත කළ හැකි ද?

ඉවත් කළ මාධ්‍යෙව්දිනියන් සිවු දෙනාම ගෙවී ගිය කාලය තුළ කිසිදු වංචාවකට හෝ සේවය පැහැර හැරීම වැනි ආයතනික වශයෙන් දඩුවම් හිමි විය යුතු කිසිදු චොදනාවකට ලක් වූවන් ද නොවේ. අදට දිනට යෙදෙන කාන්තා දිනයේ දීම මෙවන් අමානුෂික ක්‍රියාවන් පිළිබඳ ලියන්නට සිදු වීම අභාග්‍යකි.

වියත් මඟ නියෝජනය කරන මහා දැනමුත්තෙක් වන නීතිඤ වරයෙක් මෙම ආයතනයේ සභාපතීත්ව දරන අතර වියත් මගේ වූ තවත් නීතිඥ මහතෙක් නීති හා පරිපාලන නිලධාරියා වශයෙන් කටයුතු කරනු ලබයි. එහෙත් ආයතනය තුළ පරිපාලනය බින්දුවට ම වැටී ඇත. නීතිය බල්ලට ගොසින් සේවිකාවන් දඩයමට ලක්වෙමින් තිබේ.

leave a reply