ගෑස් පිපිරීම් කුමන්ත්‍රණයක්දැයි සොයන්න රහසිගත පරීක්ෂණයක් කරනවා – ජොන්ස්ටන් නන් දොඩවයි

ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් සිදුවූයේ දැයි සැකයක් මතුවී ඇති හෙයින් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

රටේ සමහර ප්‍රදේශවල ගෑස් සිලින්ඩර පුපුරා ගොස් ඇතත් කොළඹ හතේ, උතුරු පළාතේ,නුවර කුරුණෑගල ප්‍රදේශවල ගෑස් පිපිරීම් සිදුවී නැතැයිද ඔහු සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (06) පැවති උත්සවයකදීයි.

ගෑස් පිපිරිම සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ නිර්දේශය ද වූවේ ගෑස් පිපිරිම සඳහා ගෑස් සංයුතියේ බලපෑමක් එල්ල වී ඇති බවයි. එසේම පාරිභෝගික කටයුතු ඇමතිවරයා ලෙස ලසන්ත අලගියවන්නට ද අවසානයේ ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව පිළිගන්නට සිදුවිය. එහෙත් එම සංයුතිය වෙනස් කරන ජනතාවගේ ජීවිත අවදානමේ දැමු සමාගම්වලට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. ඒ වෙනුවට ජොන්ස්ටන් වැනි ආණ්ඩුවේ ආණ්ඩුවේ හෙන්චයියන් එම සමාගම් සුද්ධ කිරීම දිගින් දිගටම සිදුකරමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...