ගෑස් පිපිරීම් කුමන්ත්‍රණයක්දැයි සොයන්න රහසිගත පරීක්ෂණයක් කරනවා – ජොන්ස්ටන් නන් දොඩවයි

ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් සිදුවූයේ දැයි සැකයක් මතුවී ඇති හෙයින් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

රටේ සමහර ප්‍රදේශවල ගෑස් සිලින්ඩර පුපුරා ගොස් ඇතත් කොළඹ හතේ, උතුරු පළාතේ,නුවර කුරුණෑගල ප්‍රදේශවල ගෑස් පිපිරීම් සිදුවී නැතැයිද ඔහු සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (06) පැවති උත්සවයකදීයි.

ගෑස් පිපිරිම සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ නිර්දේශය ද වූවේ ගෑස් පිපිරිම සඳහා ගෑස් සංයුතියේ බලපෑමක් එල්ල වී ඇති බවයි. එසේම පාරිභෝගික කටයුතු ඇමතිවරයා ලෙස ලසන්ත අලගියවන්නට ද අවසානයේ ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව පිළිගන්නට සිදුවිය. එහෙත් එම සංයුතිය වෙනස් කරන ජනතාවගේ ජීවිත අවදානමේ දැමු සමාගම්වලට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. ඒ වෙනුවට ජොන්ස්ටන් වැනි ආණ්ඩුවේ ආණ්ඩුවේ හෙන්චයියන් එම සමාගම් සුද්ධ කිරීම දිගින් දිගටම සිදුකරමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...