දවසකට අපි කෙටි පණිව්ඩ එහෙමත් නැත්තමි text messages කියක් නමි යවනවද? text messages කියක් නමි එනවද? මොහොතකට හරි හිතිලා තියෙයිද text messages කියන දේ කවදා කොහොම ආරමිභ වු දෙයක් ද කියලා.
“SMS කෙටි පණිවිඩ යැවීම 1984 දී සොයා ගන්නා ලදී . SMS සංකල්පය ප‍්‍රථම වරට Franco-German (GSM) සහයෝගිතාව තුළ 1984 දී Friedhelm Hillebrand සහ Bernard Ghillebaert විසින් වර්ධනය කරන ලදී. පළමු කෙටි පණිවුඩය යවන ලද්දේ 1992 දෙසැම්බර් 3 වැනිදාය. Neil Papworth විසින් පළමු කෙටි පණිවිඩය ,සුභ නත්තලක්, ලෙස යවන ලද්දේ Vodafone හි Richard Jarvis යන අය වෙතය. වර්තමානයේදී මිනිසුන් ගෝලීය වශයෙන් දිනකට කෙටි පණිවිඩ බිලියන 23ක් යවයි.,
අන්තර්ජාලය ඔස්සේ උපුටා ගත්තකි.
තත්වය මෙසේ වන විට 1984 SMS කෙටි පණිවිඩ යැවීම අදවන විට විවධ ස්රූපයන් ගෙන ඇත. ෙමි මොහොතේදීත් එය වෙනස්කමි වලට භාජනය වෙමින් පවතිනවා ඇත. තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝකයේ දිශානතිය අපිට හිතාගන්නවත් බැරි විදිහට වෙනස්කමි වලට ලක් වෙනවා. ඒ වෙනස්කමි වලට අප අනුගත නොවුනහොත් අපි ෙමි පවතින සමාජ ක‍්‍රමයේ යමි පසුබෑමකට ලක්වන තත්වයක් උදා වී තිබෙනවා. ඇතැමි විට ඒ වෙනස්කමි මිනිස් ජීවිතවලට දරාගන්න බැරි විදිහට බලපෑමි කරනවා. 80 ගණන්වල පෙමිවතුන් ලියුමි ලියු අවසාන පරමිපාරාව විය හැකියි. 2000න් පස්සේ පෙමිවතුන් ආදර ප‍්‍රකාශ කරන්න පෑනක් කොළයක් අවශ්‍ය වෙයි කියලා නිකමටවත් හිතන්නේ නැතිව ඇති.
එතකොට ලියුමි ලියු අවසන් පරමිපරාව 80 දශකයේ අය නමි 80 න් පස්සේ පරමිපරාවල අය ආදරේ කරලා නැද්ද? ආදරේ කරන්නේ නැද්ද? ෙමික ආදරේට විතරක් අදාල දෙයක් නෙවෙයි. 80 දශකයේ දෙමවිපියෝ දරුවන්ගේ ගෙදර වැඩ පාසලේ දැන්වීම් පුවරුව ලඟට ගිහින් ලියාගෙන ආවට දැන් ඉන්න දෙමවිපියන්ට තමන්ගේ නිවසේදීම එහෙමත් නැත්නමි කාර්යාලයේදීම දරුවාගේ ගෙදර වැඩ මොනවාද ඊළග දිනයේදී පාසලට රැගෙන යා යුතු දේවල් SMS කෙටි පණිවිඩ මඟින් ලැබෙනවා. ඕනෑම දේක හොඳ නරක හරියට කාසියක දෙපැත්ත වගේ මේ SMS කෙටි පණිවිඩ වලින්ද හොඳ නරක කියන දෙකම ලැබෙනවා. හැබැයි අපි එය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ නිසි අවබෝධයක් නැත්නමි අපිට මේ තියෙන සිස්ටමි එක ඇතුලේ අරගලයක් කරන්න වෙනවා.
ඒ නිසා ෙමේ SMS කෙටි පණිවිඩ වල නව ප‍්‍රවණතාවයක් වෙලා තියෙ sexting කියන දේ අපි නිසියාකාරව දැන සිටීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම ඊට අදාල නීතීන් මොනවාද යමි අවස්ථාවක තමන්ට කරදරයක් වුනොත් එයින් ආරක්ෂා වීමට ගත හැකි ක‍්‍රියා මාර්ග ගැන දැනුවත්ව සිටීම වැදගත්.
ඒ වගේම මොකක්ද ෙමි අන්තර්ජාලය කියන්නේ. අන්තර්ජාලය යනු පරිගණක සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග බිලියන ගණනක ගෝලීය ජාලයකි. අන්තර්ජාලය සමඟින්, ඕනෑම තොරතුරකට පාහේ ප‍්‍රවේශ වීමට, ලෝකයේ වෙනත් ඕනෑම අයෙකු සමඟ සන්නිවේදනය කිරීමට සහ තවත් බොහෝ දේ කිරීමට හැකිය. පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීමෙන් ඔබට මේ සියල්ල කළ හැකිය, එය අන්තර්ජාලයට යාම ලෙසද හැඳින්වේ. යමෙක් පරිගණකයක් ඔන්ලයින් යැයි කී විට එය අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති බව පැවසීමේ තවත් ක‍්‍රමයක් පමණි.
ඔබ සහ ඔබේ පවුලේ අය අන්තර්ජාලය භාවිතා කරන විට, ඔබ බොහෝ විට නොදැනුවත්වම පුළුල් පරාසයක විභව සබැඳි තර්ජන (a wide range of potential online threats) වලට ඔබව නිරාවරණය කරයි. අන්තර්ජාල භාවිතා කරන්නන් ඉලක්ක කර ගැනීමට සයිබර් අපරාධකරුවන් නව ක‍්‍රම සකස් කරමින් සිටි. ඉතිං ෙමි තත්වය මත අන්තර්ජාලය භාවිතා කර ඉන් ආරක්ෂා වී සිටීමත් දැන්වන විට අභියෝගයක් වී ඇත.
2000 ගණන්වල මුල් භාගයේදී ජංගම දුරකථන, පරිගණක සහ ටැබ්ලට් වැනි ජංගම තාක්ෂණයන් සෑම තැනකම ව්‍යාප්ත වීමත් සමඟ බොහෝ පුද්ගලයන් සමාජ සම්බන්ධතා ආරම්භ කිරීමට සහ පවත්වා ගැනීමට මෙම අන්තර්ජාල තාක්ෂණයන් භාවිතා කිරීමට පටන් ගත්තා. සමහර පුද්ගලයන් ලිංගික සබඳතා පවත්වා ගැනීමට ද මෙම තාක්ෂණයන් භාවිතා කිරීමට පටන් ගත්හ. එහි එක් අංගයක් ලෙස මේ sexting කියන දේ දැක්විය හැක.
21 වැනි සියවසේ මුල් භාගයේ දී ලිංගිකත්වය සහ කෙටි පණිවිඩ යැවීම යන වචනවල ප‍්‍රවේශයක් sexting කියන වචනයේ ව්‍යාප්තිය ආරමිභ විය. මොක්කද මේ sexting කියන්නේ? සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක් හරහා ලිංගික වචන, පින්තූර හෝ වීඩියෝ යැවීම හෝ ලබා ගැනීම sexting විදිහට හැදින්විය හැක. පෙමිවතා සහ පෙමිවතිය අතර බිරිඳ ස්වාමිපුර්ෂයා අතර අතිශය පෞද්ගලික අයුරින් ෙමි දේවල් හුවමාරු කර ගත්තද අන්තර්ජාලය භාවිතා කරමින් ෙමි සිද්ධ කරන කාරණා හේතුවෙන් ඕනෑම අවස්ථාවක තමන් අන්තර්ජාලයේ සිටින හැකර්වරුන්ගේ ග‍්‍රහණයට ලක්වී මේ දැඩි අවධානමක් පවතී. මෙහි තිබෙන බරපතල තත්වය නමි තමන්ගේ අනු දැනුමකින් තොරව තමන්ගේ ඡුායාරූප, වීඩියෝ පට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වීම. ඇතැම් පිරිස් ෙමි හරහා මුදල් ඉපයීමටද පුරුදු වී ඇති අතර ඔවුන්ට නෙත ගැටෙන ඕනෑම අයෙකු එම අවාසනාවන්ත තත්වයට මුහුණ දීමට සිදු වේ.
ෙමිවාට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නැද්ද? දණ්ඩ නීති සංග‍්‍රහය, පරිගණක අපරාධ පනත, අසභ්‍ය ප‍්‍රකාශන ආඥා පනත ආදිය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන අතර මෙකී පනත් හි දක්වා ඇති නෛතික ප‍්‍රතිපාදන මත වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සිද්ධ ෙවි.
කොතෙක් නීතීන් තිබුනත් අපට නිරත අහන්නට දකින්නට ලැබෙන අපරාධ වල අඩුවීමක් තිබේද? පෙමිවතා පෙමිවතිය සමඟ තරහ වූ විට පෙමිවතියගේ ජායාරූප අන්තර්ජාලයට මුදා හරින සමාජයක් අද නිර්මාණය වි අවසන්.
අන්තර්ජාලය, නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින් ආරක්ෂාකාරී වීමට හැකියාවක් ඇත්තේම නැද්ද?
ඊට තිබෙන ප‍්‍රධානම විසඳුම තමයි තමන්ගේ සහජ බුද්ධිය විශ්වාස කිරීම. ඩිජිටල් සන්නිවේදනය නිර්නාමික නොවේ. සෑම දෙයක්ම පාහේ ජංගම දුරකථන හෝ අන්තර්ජාලය හරහා මූලාශ‍්‍රය වෙත ආපසු ගැනීමේ හැකියාවක් පවතී. ඉතිං ෙමි text messages හි විකාශනය ෙමි තරමි බරපතල තත්වයකට ඇවිත් තිබුනද අපගේ දෛනික ජීවිතයේ කටයුතු කරගෙන යාමට text messages අනිවාරිය අංගයක් වෙලා ඉවරයි. text messages වලින් ආරමිභවන සමිබන්ධතා sexting දක්වා ව්‍යාප්ත වන සමිබාවිතාව ඉතා ඉහළ මටිටමක පවතී. එය එසේ වූවා කියා අප අන්තර්ජාලය, නවීන තාක්ෂණය රකුසෙකු කරගෙන සිටියහොත් පසුගාමී චරිතයක් ලෙස එහෙමත් නැත්නමි පැවැත්මක් නැති අයෙක් ලෙස හැඳින්විය හැක. සෑම දෙයකම හොඳ නරක හරියාකාරව හඳුනාගෙන එය හරියාකාරව භාවිතා කිරීම හැර ෙමි ඩිජිටල් යුගයේ අපට වෙන විකල්ප නොමැත.
නීතීඥ චමෝදි දයානන්ද