ජංගි ගැන කතාවන් ශ්‍රී ලංකාවේ පසුගිය සති කිහිපය තුලම දැකිය හැකිවිය. දීප්ති කුමාර ගුණරත්න කිවේ තමන් ස්ත්‍රීන් ගේ ජංගි සේදීම ගැන පශ්චාත්තාප නොවන බවත් ස්ත්‍රී ජංගි සේදීම පහත් කාර්යක් ලෙස සැලකීම හරහා පිළිඹිබු වන්නේ , ටිල්වින් සිල්වා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ස්ත්‍රී වෙත දේශපාලනයේ ලබාදෙන අවකාශයේ ස්වරුපය බවත් පසන්නට විය https://www.youtube.com/watch?v=dujgYosNZLk
පරමාදර්ශී විශ්ව විද්‍යාලයක් ලෙස ට නම් කරන පේරාදෙණියේ සිටින විට එහි ජ්‍යෙෂ්ඨ පිරිමි ලිංගිකයන් ස්ත්‍රීන් සමඟ නිරන්තරයෙන් සංවාදයේ යෙදීම නම් කරනු ලැබුවේ “ජංගි පාත්ති දමන්න ලෙසය “. ඓන්ද්‍රිය බුද්ධිමතුන් ගේ එකතුව සහිත කොළඹ විශ්ව විද්‍යාලය ආසන්නයේ දෑස් මත්කරන සුපිරි ජංගි වෙළඳ පොළ කියා දෙනු ලබන්නේ, ජංගියක් යනු හුදෙක්ම ඇඳුමක් නොව සමාජ පංතිය සංකේත කරන බවය. මල් ජංගි වැලේ වනා තිබියදී අතුරුදහන් වීම පොදු හිරිහැරයක් බව කලාපයේ වැඩකරන , රටට විනිමය උපයන ප්‍රධාන ශ්‍රමික ස්ත්‍රීන් ගේ අදට ද නොවිසදවුන ගැටළු වක් වේ.
මේ අතර “අපි මෙහෙම චිත්‍රපටියක් හැදුවා . ඇයි මෙහෙම එකක් හැදුවේ? ඇයි මෙහෙම නමක් දැම්මේ? මොකද්ද මේ චිත්‍රපටිය කියන එක දැන් ඔබේ භාරයේ තියෙන්නේ? එක ගැන ඔබ කතා කරන්න ඕනේ “- ජංගි හොරා හෙවත් underpant thief චිත්‍රපටයේ නිෂ්පාදිකා රේණුකා බලාසුරියගේ ඉල්ලීමක් විය. ඒම ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස මෙය ලියා තබමි https://www.youtube.com/watch?v=LXrry9Rql60
චිත්‍රපටයේ කතාවස්තුව නම්, යම් නිෂ්පාදන උපාය මාර්ගයක් හිමි පවුලක තරුණයෙක් විසින් ස්ත්‍රී යටකලිසම් සොරකම් කිරීම සමඟ බැදේ. එහිදී එය මානසික ව්‍යාධියක් බවත්, ඔහුව බේරාගැනීම වෙනුවෙන් මාංශ පාරමිතාවක් පිරීමට ඉරිදිපත් වන්නේ, එම තරුණයාගේ සහෝරදයාගේ බිරිඳ වේ. එම නිවසේ සිටින මෙහෙකාරිය විසින් තරුණයාගේ ව්‍යාධියේ ස්භාවය තේරුම් ගත් පසු, තම පයෝධර ස්පර්ශය මුදල් වටිනාකමක් යටතේ විකුණනු ලබයි. මෙම කතා වස්තුව විවිධ ආකාරයට මේ වන විට විචාරයට ලක්කර තිබෙන අතර මගේ ලිපිය හරහා එය තවත් පරිමාණයක් තුල මෙසේ විස්තර වේ.
ජංගි හොරා යනු අතිවිශිෂ්ට දේශපාලන නිර්මානයක් බවට මම යෝජනා කරමි. එය අචාර්ය සොමරත්න දිසානායක විසින් නිර්මාණය වීම මේ මොහොතේ ඉතාමත් වැදගත් වේ. මන්දයත්, සොමරත්නද ඇතුළු සියලුම දිසානායකවරුන් වැඩකරන පන්තියේ ජනයාට කියමින් සිටි සහ සිටිනුයේ විනයගරුකව හොඳම පුරවැසියෙක් වන අකාරයවේ. 1984 දී අචාර්ය සෝමරත්න දිසානායක විසින් ඉදිරිපත් කල මි පුර වැසියන් නිර්මාණයේ සිටම ඔහු වැඩකරන පංතිය ට පවසුවේ “පොත් හතක් අටක් දැනටත් ලියා දාලා -තියෙනවා මත්තටත් තවත් ලියන්න හිතේ ඇඳිලා ; ඇත්ත නැත්ත ගැන මම නැහැ වෙහෙසෙන්නේ- නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ “. ඉන්පසුව ඔහු සරෝජා (2000) හරහා , ඔහු කියන ලෙසම ඇත්ත -නැත්ත ගැන වෙසක් වී හෝ නොමැතිව , සුපිරිසුදු සිංහල බෞද්ධ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසූ දෙමළ විමුක්ති සටහන් කරුවෙකුගේ දරුවෙක් බේරාගැනීමේ අරගලයක් ගැන සිනමා රචනාවක් ඉදිරිපත් කළේය. එම රචනාව, යුද්ධයේදී දැඩි සහයෝගයක් දක්වන ලද ඇමරිකානු එකසත් ජනපදයේ Chicago International Children ‘s Film Festival හිදී මෙන්ම , සිංහල බෞද්ධ ස්ත්‍රීන් වඳ කරන බවට චෝදනා එල්ල වූ මුස්ලිම් ඉරාන සිනමාවේ දී ඇගයුමට ලක්විය.
අනතරුව දුක්විදින පංතියේ ජන අරගල වෙනුවෙන් සානුකම්පිතභාවය උදෙසා විවිධ නිර්මාණ රැසක් හෙතෙම තිලින කල අතර, ජංගි හොරා යනු වැඩකරන පංතියේ ප්‍රශ්නයක් නොව නිෂ්පාදන උපාය මාර්ග හිමි පංතියේ ප්‍රශ්නයක් බවත් එයට ජන සානුකම්පාව අවශ්‍ය බවත් එහිදී ස්ත්‍රීන් තමන්ගේ ශරීරය පුදා හෝ එම සනුකාම්පාව සුරක්ෂිත කිරීමට කටයුතු කල යුතු බවට යෝජනා කිරීමක් බව මගේ මතය වේ. මෙහි වන පංති ප්‍රශ්නය කෙසේ වෙතත්, ඒ තුල නිරුපණය වන චරිත හරහා වර්තමාන දේශපලානය රුපකරණ වෙනුවෙන් මගේ අවධානය යොමු වේ.
ආචාර්ය සෝමරත්න ඔහුගේ පිතෘමුලික සිනමාභාෂාව තුළ සොරකම් කලද අනුකම්පා කිරීමෙන් යහපත් පුද්ගලයෙක් විය හැකි බවට පවසන බව මගේ තර්කය වේ. මා එසේ තර්ක කරන්නේ පහත කරුණු පදනම්වය. එහිදී සෑම් යනු දේශපාලන බලයේ නියෝජනය බවත් නයනි, කරුණා සහ මහේෂ් යනාදී අනෙක් සියලුම චරිත මහජනයා බවත් මම හදුන්වමි. සෑම් විටක ආක්‍රමණශිලිය; විටක යටත්කර්ණයට එකඟ වේ; තවත් විටක හොඳම ඇහුම්කම් දෙන්නා වී, සියලු දෙනාගේම ආදරය දිනාගනී. එහෙත් ඔහු ස්ත්‍රීන් ගේ යට ඇඳුම් එකතුකිරීමේ අශාවෙන් පෙලේ; චිත්‍රපටයේ යට ඇඳුම් එකතුකිරිම මා විසින් සමාන කරනුයේ වාර්ගික ජාතිකවාදී ව්‍යපෘතිය වෙතය. සෑම් හා සම කරන පිතෘ මුලික වාර්ගික ජාතිකවාදී නායකත්වය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය පුරාම දැකගත හැකිය. එම වාර්ගික නායකත්වය , සෑම්ලෙසම පවුල් ආකෘතිය නියෝජනය කරනු ලැබේ. පවුල එම ආකෘතිය බේරාගැනීම ට ඉදිරියට පැමිණේ. අචාර්ය සෝමරතන ඔබට මෙය මතක් කර නොදේද ?
සෑම් විසින් විවිධ හුරු බුහුටි යටකලිසම් එකතු කිරීම මම ආදේශ කරනුයේ එම වාර්ගිකත්වය පෝෂණය වෙනුවෙන් භාෂා -ආගමික වියතුන් සහ නියෝජිතයන් ගේ එකතුකිරීමක් ලෙසය. එහිදී යට ඇඳුම් යනු එම ආගමික අධ්‍යාපනික වියතුන් ගේ දේශපාලන දෘෂ්ටිවාදය ලෙස දැක්විය හැකිය. රේන්ද අල්ලා, විවිධ හැඩතලයන් යටතේ, දේදුන්නේ වර්ණ පරයමින් පැමිණෙන මෙම යට කලිසම් යනු ධනේශ්වයර ක්‍රමයෙන් උපන් වාර්ගික ජාතිකවාදී දෘෂ්ටිවාදයන් වන අතර ඒවා යටකලිසම් මෙන්ම යටින්, ආරක්ෂිතව, තමන් කැමති ප්‍රජාවක් වෙනුවෙන් පමණක් නිරාවරණ කරන අතර බලහත්කාරයෙන් හෝ ඒකාරාශී කිරීමෙන් වැඩිම එකතුකරන්නා බවට සෑම් පත්වන ලෙස අශිලාචාර යුද්ධයෙන් පසු රාජපක්ෂ රෙජීමය පත්වීම එහි සිනමා රචනාව තුල දැකිය හැකි බව මගේ කියවීම වේ.
සෑම් ගේ යටකලිසම් රිචිකත්වය වෙනුවෙන් මුල්‍ය වටිනාකමක් සපයන කරුණා යනු වැඩකරන පංතියේ කොටසකි. එහිදී මුල්‍ය පදනම මත තීරණය වන හුවමාරුවක් දැකිය හැකිය. 2005 දී මැතිවරණ ව්‍යපාරයක් කිරීමට නොහැකිව සිටි සෑම් හා සම දේශපාලන නායකත්වයක් වෙනුවෙන් චින්තනයක් තනා දී , දෙමළුන් මරා ගැටලුව නිරාකරණය කළ හැකි බවට කරන යෝජනාවේ ද සිටින්නේ චිත්‍රපටයේ දී හමුවන කරුණා කෙනෙකි. මාවිල්ආරු දෙරටුව විවර කිරීම වෙනුවෙන් යුද්ධ කරන ලෙස බලකරන ලද පාර්ශව, අවිහිංසාවාදී ආගමක් වන බෞද්ධ දර්ශනය අනාකෘතික කරමින් ජිවිත නසන යුධ උපකරණ වෙත පිරිත් කල පැන් ඉසිමින් ද සිදුකරනු ලැබුවේ ජංගි හොරා හි කරුණා ගේම චරිතය නොවේද ?
කරුණා ගේ හුවමාරු කිරීමේ ක්‍රියාවලිය හදුනා ගන්නා නයනි, මුල්‍ය අයකිරීමක් නොමැතිව, සෑම් විවාහයක් හරහා යහපත් මිනිසෙකු වන තුරු, රැක බලා ගැනීමට ඉදිරිපත් වීම යනු චිත්‍රපටය තුල වියත් මගේ නියෝජනය නොවේද? ජංගි හොරකම් කිරීමෙන් වලක්වා, මුල්‍ය හුවමාරු මත සිදුවන පයෝධර ස්පර්ශ ද අවසන් කිරීම උදේසා නයනි නොමිලේ, තම ශරීරය සෑම් වෙත ප්‍රධානය කිරීම චිත්‍රපටයේ දී නම් කරනුයේ මිනිස් දියණියක ගේ පාරමිතාවක් ලෙසය. මුල්‍ය විනයක් නොමැතිව, ජනතා වත්කම් සොරකම් කිරීම හේතුවෙන් ම මධ්‍යම පංතියේ අප්‍රසාදයට පත්ව 2015 මැතිවරණයෙන් පරාජය ලද සෑම් හා සමවන දේශපාලන නායකත්වය , යහපත් ක්‍රියාවලියක් හරහා පුනරුදයක් වෙත ගෙන ඒමට , කිසිදු මුල්‍ය හෝ වෙනත් කොන්දේසි නොමැතිව බුද්ධිමය දායකත්වය සැපයීමට උත්සුක වුයේ නයනි ලෙස වන වියත් මග බව මම පවසමි. එහිදී වියත් මග ,අශිෂ්ට මුල්‍ය විනය වෙත අනුකම්පා දැක්වීම කෙසේ තේරුම් ගත යුතුද?
ඉහත යෝජිත පදනම් යටතේ, මගේ කියවීම නම්, අචාර්ය සොමරත්ත දිසානායක විසින් සිනමාව හරහා දේශපාලනික අඛ්යානයක් ප්‍රකශ කරන බවය. ජංගි සොරුන් ට ද දේශපාලන සොරුන් වෙත ද අනුකම්පා කිරීම ද නැතිනම් එම චෞර ව්‍යධිය ට එදිරිව සංවිධානය විම ද කියා තීරණය කිරීම ප්‍රේක්ෂක ප්‍රජාව සතුවේ. එසේම චෞර පාලනයන් ගොඩනැගීම පවත්වා ගැනීමට සහයෝගය දක්වන නයනි-කරුණා-මහේෂ් සවිබල ගැන්විය යුතු ද නැතිනම් හුවමාරු හෝ අනුකම්පා හරහා චෞර පාලනය වෙත එකඟ විය යුතුද කියා අචාර්ය සෝමරත්න දිසානායක අපට පවසන බව මගේ මතය වේ.