උද්දච්ච පිළිතුරු සහ රැකියා විරහිත උපාධිධාරින්

රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් එළියේ උද්ඝෝෂණයක නිරත වෙනව රැකියා ඉල්ලලා . ඒ අයට රැකියා ලබාදීම සඳහා කැබිනට් තීන්දුවක් අරගෙන තියෙනවද මාධ්‍යවේදියා ඇසූ පැනය

පිළිතුර – රැකියා විරහිත උපාධිධාරීන් කණ්ඩායම් හැටියට ගන්නේ නැහැ . තිස්දහක් ගන්නව හතලිස් දාහක් ගන්නවා කියලා බඳවාගන්නේ නැහැ . පවතින පුරප්පාඩු මත සහ රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීමේ අවශ්‍යතාවය මත තමයි බඳවා ගැනීම් කරන්නේ . දැනටමත් උපාධිධාරින් පමණක් නෙවෙයි 15300 අනුමැතිය ලබාගෙන රැකියා ලබාදීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. ඒක ඇතුළෙත් රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා . ඊට අමතරව අපි තව 14700 පමණ පිරිසක් ඉල්ලලා තියෙනවා. එතනත් උපාධිධාරීන් ඉන්නවා . ඊට අමතරව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උපාධිධාරින් පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරමින් යනවා . අපි හරියටම රාජ්‍ය සේවයේ සිටිය යුතු ප්‍රමාණය අනුව තමයි තියන පුරප්පාඩු අනුව තමයි බඳවා ගැනීම් කරන්නේ .

මාධ්‍යවේදියාගේ අතුරු පැනය විභාගයකට යනවා කියන එක සාධාරණ නැහැ නේද? ඔවුන් දැනටමත් විශාල මුදලක් වියදම් කරලා ඉන්නේ . අනිත් එක ඔබතුමාල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැම්මලු රැකියා විරහිත උපාධිධාරීන් තිස්පන්දහම රජයේ රැකියා සඳහා බඳවා ගන්නවා කියලා .

නලින්දගේ පිළිතුර සියලුම නෙමෙයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව තියෙනවා කොහොමද බඳවා ගන්නේ කියලා . පුරප්පාඩු ප්‍රමාණයට වඩා අයදුම් කරුවන් ප්‍රමාණය වැඩි වුණාට පස්සේ බඳවා ගැනීමට තියෙන ක්‍රමවේදය මොකක්ද විභාගයක් පැවැත්වීම හැර .

උපාධිය අවුරුදු තුනෙන් ගත්තත් හතරෙන් ගත්තත් පහෙන් ගත්තත් තියන පුරප්පාඩු වලට වැඩිය අයදුම්කරුවන් වැඩිනම් වෙන ක්‍රමයක් නැහැ විභාගය තියන්නම වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...