උද්දච්ච පිළිතුරු සහ රැකියා විරහිත උපාධිධාරින්

රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් එළියේ උද්ඝෝෂණයක නිරත වෙනව රැකියා ඉල්ලලා . ඒ අයට රැකියා ලබාදීම සඳහා කැබිනට් තීන්දුවක් අරගෙන තියෙනවද මාධ්‍යවේදියා ඇසූ පැනය

පිළිතුර – රැකියා විරහිත උපාධිධාරීන් කණ්ඩායම් හැටියට ගන්නේ නැහැ . තිස්දහක් ගන්නව හතලිස් දාහක් ගන්නවා කියලා බඳවාගන්නේ නැහැ . පවතින පුරප්පාඩු මත සහ රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීමේ අවශ්‍යතාවය මත තමයි බඳවා ගැනීම් කරන්නේ . දැනටමත් උපාධිධාරින් පමණක් නෙවෙයි 15300 අනුමැතිය ලබාගෙන රැකියා ලබාදීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. ඒක ඇතුළෙත් රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා . ඊට අමතරව අපි තව 14700 පමණ පිරිසක් ඉල්ලලා තියෙනවා. එතනත් උපාධිධාරීන් ඉන්නවා . ඊට අමතරව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උපාධිධාරින් පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරමින් යනවා . අපි හරියටම රාජ්‍ය සේවයේ සිටිය යුතු ප්‍රමාණය අනුව තමයි තියන පුරප්පාඩු අනුව තමයි බඳවා ගැනීම් කරන්නේ .

මාධ්‍යවේදියාගේ අතුරු පැනය විභාගයකට යනවා කියන එක සාධාරණ නැහැ නේද? ඔවුන් දැනටමත් විශාල මුදලක් වියදම් කරලා ඉන්නේ . අනිත් එක ඔබතුමාල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැම්මලු රැකියා විරහිත උපාධිධාරීන් තිස්පන්දහම රජයේ රැකියා සඳහා බඳවා ගන්නවා කියලා .

නලින්දගේ පිළිතුර සියලුම නෙමෙයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව තියෙනවා කොහොමද බඳවා ගන්නේ කියලා . පුරප්පාඩු ප්‍රමාණයට වඩා අයදුම් කරුවන් ප්‍රමාණය වැඩි වුණාට පස්සේ බඳවා ගැනීමට තියෙන ක්‍රමවේදය මොකක්ද විභාගයක් පැවැත්වීම හැර .

උපාධිය අවුරුදු තුනෙන් ගත්තත් හතරෙන් ගත්තත් පහෙන් ගත්තත් තියන පුරප්පාඩු වලට වැඩිය අයදුම්කරුවන් වැඩිනම් වෙන ක්‍රමයක් නැහැ විභාගය තියන්නම වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...