ණය ගැනීමේ මහලු දේශපාලනය

රනිල් වික්‍රමසිංහ තමන්ගේ මුළු දේශපාලන ඉතිහාසය තුළ ම සිදු කළ ක්‍රියාවලිය පින් ජනාධිපති වීමෙන් අනතුරුව ද ඉදිරියට ගෙන යන බව පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවකදී පැවසුවා .

මොකක්ද මේ රනිල් වික්‍රමසිංහ තමන්ගේ දේශපාලන ජීවිතය තුළ දිගටම කරගෙන ආපු දේ?

ඒ වෙන කිසිවක් නෙවෙයි ජේ ආර් ගෙන් පටන් ගෙන තමන් ජනාධිපති වන තෙක්ම ආපු ගමන් මඟ තුළ රට ගොඩනගන්න කියා ලෝකයේ හැම අස්සක් මුල්ලකින් ණය ලබා ගැනීමයි.ඒ ණය ලබා ලබාගැනීම වෙනුවෙන් ඔවුන් පනවන සියලුම කොන්දේසිවලට යටත් වීමයි.

වර්තමාන අර්බුදයට හේතුව කුමක් දැයි සොයා බලන විට අපට හමු වෙන්නෙත් මේ ණය ප්‍රශ්නයම තමයි. පැවැති සියළු ආන්ඩු විසින් නොකඩවා ලබා ගත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

රනිල් රාජපක්ෂ දැන් ආර්ථිකය ඉහලට එසවෙන බව පැවසීම ද බොරුවකි. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කර ගෙවීමට තියෙන ණය සහ පොලී වාරික නොගෙවා සිටීමයි. ණය නොගෙවීම නිසා ඉතිරි වෙන මුදල පෙන්වා ආර්ථිකය ගොඩනඟපු බවට බොරු කියමින් ජනතාව රවටමින් සිටී. නය සහ පොලි වාරික ගෙවීම ආරම්භ කරන පළමු මොහොතේම ලංකාවේ ආර්ථිකය මේ තියෙන තැන සිට ඉතා ගැඹුරු අගාධයකට ඇද හෙලීම නවතාලිය නොහැකි.රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන ජනතා විරෝධය මැඩපැවැත්වීම සඳහා මොවුන් මෙය වංචනික ක්‍රියාවේ නියැලී සිටින බව තේරුම් ගත යුතුයි.

IMF එකේ ලබාගන්නා ණය මත මේ ප්‍රශ්න විසඳීමට නොහැකි ය. ඒ ණය ලබා ගැනීමෙන් සිදුවන්නේ තවදුරටත් මේ ප්‍රශ්නය උග්‍ර වීමයි. ණය කන්ද ලොකු වීමයි.

ජනතාව මේ රැවටීමට හසුවීම දැන්වත් නවතා දැමිය යුතුයි.මේ උගුලෙන් මිදීමටත් ජනතාව තමන්ගේ බලය ගොඩනඟා ධනපති පාලක හිඟන්නන් ව ලංකා දේශපාලන භූමියෙන් නෙරපා දැමිය යුතුයි.

අද ලංකාව පත්ව සිටින අර්බුදයෙන් ගොඩ ගැනීමටත් රට නගා සිටවිමටත් ජනතාව මැදිහත් වන දේශපාලනයක් වෙත ක්‍රමය වෙනස් කර ගත යුතුයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...