Breaking News

සියලු විදේශිකයන්ට නව නීතිය යටතේ වීසා ලබාදෙනු ,

වීසා නොමැතිව ඉතාලියේ ජීවත් වෙන සියලු විදේශිකයන්ට නව නීතිය යටතේ වීසා ලබා දීමට ඉතාලි ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණ මාලාවක් පසුගිය සෙනසුරාදා ඉතාලිය විවිධ නගරවල පවත්වනු ලැබුවා .

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද එම අරගලයට සහාය දක්වමින් සහභාගි වූ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මැදපෙරදිග රටවල රැකියා අහිමිවී ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නොහැකි වී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන ඇල්මැරුණු සහ නොසලකා හැරීමේ ක්‍රියාවලියට විරෝධය දක්වමින් එම උද්ඝෝෂණ මාලාව අතරතුර ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක වැඩක් කළා . මැද පෙරදිග කලාපයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජයට බල කෙරෙන ලිපියකට අත්සන් එකතු කරගැනීම එහිදී සිදු කරනු ලැබුවා.

leave a reply