සියලු විදේශිකයන්ට නව නීතිය යටතේ වීසා ලබාදෙනු ,

වීසා නොමැතිව ඉතාලියේ ජීවත් වෙන සියලු විදේශිකයන්ට නව නීතිය යටතේ වීසා ලබා දීමට ඉතාලි ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණ මාලාවක් පසුගිය සෙනසුරාදා ඉතාලිය විවිධ නගරවල පවත්වනු ලැබුවා .

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද එම අරගලයට සහාය දක්වමින් සහභාගි වූ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මැදපෙරදිග රටවල රැකියා අහිමිවී ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නොහැකි වී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන ඇල්මැරුණු සහ නොසලකා හැරීමේ ක්‍රියාවලියට විරෝධය දක්වමින් එම උද්ඝෝෂණ මාලාව අතරතුර ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක වැඩක් කළා . මැද පෙරදිග කලාපයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජයට බල කෙරෙන ලිපියකට අත්සන් එකතු කරගැනීම එහිදී සිදු කරනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...