කළු හිම පියලි – කේෂී සූරියදාස

මා සාමාන්‍යයෙන් අද්භූත ශානරයේ කතා වලට ලොකු ප්‍රිය තාවයක් නොදක්වන අයෙකි. ඇත්තම කාරණාව නම් මා එවැනි පොත් වලටද , චිත්‍රපට වලටද බිය වන්නියක වීමය. එහෙත් ත්‍යාගයක් ලෙසින් ලද පොතක් වූ කළු හිම පියලි කියවා අවසන් වෙද්දී වේලාව රෑ දොළහ හමාරය..

කේෂී සූරියදාස..

ඇය මෙහි කතුවරියයි. දොළහමාර වන තෙක් අතින් බිම නොතියා කළු හිම පියලි කියවන්නට මා පෙලඹවීමේ ඈ සතු හැකියාව අගය නොකරම බැරි කාරණාවකි. කතාව කියවද්දී කිසිදු අස්වාභාවික බවක් මට දැනුනේ නැත. මට සිහි වූයේ ඉස්සර කාලේ නැරඹූ Raaz හින්දි චිත්‍රපටයයි..මෙයද තම සැමියා බේරා ගැනීමට මකර කටට වුව යන්නට ඉදිරිපත් වන ගැහැනියකගේ කතාවකි. Raaz බැලූ කාලයේ මට බොහෝ දිනක් යනතෙක් එය අමතක කල නොහැකි විය. කළු හිම පියලි කියවන තුරාවටද මට එහි සිදුවීම් මැවී පෙනෙන්නට විය. ඇත්තෙන්ම එය චිත්‍රපටයක් මෙනි.

ඉස්සර මගේ පුතු ගෙදර ඉන්නා කාලයේ මෙවන් හොල්මන් චිත්‍රපට හොයා ගන්නා ඔහු
” අම්මා ලස්සන film එකක් තියෙනවා එන්න බලන්න ” යැයි කියයි. බය බිරාන්තව බලා ඉන්නා අතරේ හීන් සීරුවේ මගේ ඇඟට ඇඟිල්ලකින් හෝ ඇන ඔහු සිනාසෙන්නේ මගෙන් ඇතිවෙන්නට බැණුම් අසමිනි. ඉතින් මම මගේ පුතු අනර්ඝ කරන චිත්‍රපට නොබලමි.

අපේ නිවස ඇත්තේ සොහොන් බිමක ඉදිරිපසය. කුඩා කල සිට දැක හුරුපුරුදු සොහොන්බිම මට කිසිදා බිය ගෙනදෙන තැනක් වූයේ නැත. අදටද රෑ මැදියමේ වුවද සොහොන් බිම අසලට යාමට මට චකිතයක් නැත. යම් යම් සිදුවීම් සොහොන් බිම සම්බන්ධයෙන් නොවූවත් මා විසින් අත් දැක ඇති නමුත් ඒවායින්ද විශාල බලපෑමක් මට ඇති වී නැත.

එහෙත් අද්භූත ගනයේ පොත් චිත්‍රපට මම නොබලමි. ඊට හේතුව නම් ඒවා ලියන අයගේත්, නිර්මාණය කරන අයගේත් විශිෂ්ට හැකියාවයි . ඇඟේ ලෝම කෙලින් කරවිය හැකි අපූරු හැකියාව මේ නිර්මාණ කරුවන් සතු වීමයි. මෙවන් පොතක් කියවූ පසු , චිත්‍රපටයක් බැලූ පසු දින ගණනාවක් මට එය අමතක කල නොහැකිය. කේෂී සූරියදාස යනු මෙවන් හැකියාව ඇති ලේඛිකාවකි. ඇගේ බස් වහර අලංකාරය. එහි කිසිදු නීරස බවක් නැත. අද්භූත ශානරයේ පොත් කියවන්නන් හට කළු හිම පියලි කියවා බලන්නැයි ඇරයුම් කරමි.

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...