හදිසි නීතිය මැදත් ඝාතන 23ක් – මේ නීති කා සඳහාද?

හදිසි නීතිය බලාත්මක අවදියේදී පවා පුද්ගල ඝාතන 23ක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.

තිස්ස අත්තනායක සඳහන් කරන්නේ වෙඩි තැබීම ගැන පමණක් වුවත් පසුගිය 5වනදා වන විට වෙරල තීරයෙන් නාදුනන මල සිරුරු 11 ක් හමුව තිබුණි.

වත්තල, දික්ඕවිට ධීවර වරායේ උතුරු කෙළවරේ වෙරළ තීරයේ තිබී පසුගිය 05වන දින තවත් නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගත් බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම වර්ෂයේ ජනවාරී මස සිට මේ දක්වා වැල්ලවත්ත සිට කොටුව දක්වා මුහුදු තීරයෙන් මල සිරුරු 11 ක් හමුවී තිබෙනවා. එමෙන්ම දිවයිනේ ස්ථාන කිහිපයකදීම වෙඩි තැබීම් 23 ක් පමණ වාර්තා වී තිබෙනවා. එහි ආසන්නතම වෙඩි තැබීමේ සිද්ධිය ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් කෙහෙල්බද්දර ප්‍රදේශයේදී 20හැවිරිදි තරුණයෙකුට පසුගිය 06වනදා කළ වෙඩි තැබීමයි.

තිස්ස අත්තනායක පවසන ආකාරයටම රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක වන මොහොතකත් සැකකටයුතු මරණ වාර්තා වීම බරපතල තත්වයක්. පොලීසියට අමතරව මිලිටරිය පවා සිවිල් කටයුතු සම්බන්ධයෙන් මැදිහත් කර තිබෙන වටපිටාවක මෙම ඝාතන සිදුවෙමින් තිබීම විශේෂත්වයකි.

විශේෂයෙන්ම මෙවැනි සැක කටයුතු මරණ, වෙඩිතැබීම් නිසා සමාජය තුළ භීතියක් පැතිරයෑම නොවැලැක්විය හැකි තත්වයක්. ඒ අතර අරගලකරුවන් පැහැරගැනීම් සිදුකරන ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින ආකාරය දැකිය හැකියි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...