Breaking News

ජාත්‍යන්තර මූල්‍ය මාෆියාවේ මහ මොලකරුවා නොහොත් කොළඹ වරායේ ආදරණිය ආයෝජකයා !

සරද සමරසිංහ

ගොවුතම් අද්ආනි යනු අසල්වැසි ඉන්දියාවේ නොම්බර එකේ කෝටිපති බලශක්ති නිෂ්පාදකයාය. ඔහුගේ අද්ආනි සමාගම් ජාලයට ඉන්දියාවේ නාවික වෙළදපල පමණක් නොවේ ඔස්ට්‍රේලියාව් පතල් සමාගම් සහඩුබායි රාජ්‍යයේ ඉදිකිරීම් සමාගම් සමුහයක් හිමි සමාගම් බුවල්ලෙකි. මේ හැමටම වඩා ඇද්ආනි සමගම ප්‍රචලිත වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය විශුධිකරණ ජාවාරම් ජලයේ ඉදිරිපෙලේ සමාගමක් ලෙසයි . එසේම තම ව්‍යාපාරවල ලාභය හංගා රාජයන් වලට ගෙවිය යුතු සංයුක්ත බදු මගහැර ඒවා මුරුසි රාජ්‍යයේ සිහින සමාගම් වලට බැරකරන ( tax haven ) ලෝක සිහින බදු සමාගම් ම්ෆියාවේ නොම්බර එකේ කප්පිත්තෙකි.

ඔහුට කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් නිශ්කාෂණ පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වලින් සියයට 49ක් පැවරීමට රජය පුල පුලා බලා සිටී. මෙමගින් රජය ඩොලර් මිලියන 700 ක අදායමක් බලපොරොත්තු වෙන් බව කියා සිටියි. ඒ විතරක් නොවේ, අද්ආනි සමාගම මෙම පර්යන්තයේ ආයෝජන සිදුකොට කොළඹ වරායේ සංවර්ධන බබල් එකක් නිර්මාණය කරගැනීමේ සිහිනයේ ගිලී දියබුං ගසමින් සිටින තත්වයක් පෙනේ.

අද්ආනි සමාගම මේ ආකාරයෙන්ම ඔස්ට්‍ර්ලියාවේ කර්මිකෙල් නමින් ගල්අගුරු පතල් කර්මාන්තයක් ආරම්භ කල අතර ඊට බොහෝ විරෝධතා මැද ඔස්ට්‍රලියාවේ අනුමැතිය ලැබිණි. ඕස්ට්‍රේලියාවේ සිදුකරන විශාලතම පතල් කර්මාන්තය මෙය වන අතර ඉන් ගල් අගුරු ටොන් බිලියන පහක් පමණ කැණීමට නියමිතය. මෙම පතල් ක්‍රියාන්විතය ඔස්ට්‍රේලියාවේ ලොව සුප්‍රසිද්ධ great coral reaf ආසන්නයේ සිදුවේ. මෙම කර්මාන්තය මගින් උෂ්ණ ජලය මුහුදට මුදාහැර කොරල් පරයට බලපෑම් කරන බවට එරට අධිකරණය මගින් අද්ආනි සමාගමට එරෙහිව නඩු පවරා විශාල දඩ මුදලකට යටත්කොට ඇත.

වසර 2011 දී මෙම සමාගමට අයත් නැවක් ගල් අගුරු ටොන් 60,000 ක් පමණ පටවාගෙන යද්දී මුම්බායි මුහුදේ ගිලී එහි පරිසරයට දැඩි හානි සිදුවිය. නමුත් සමාගම දේශපාලන බලය යොදවා පරීක්ෂණ යටපත් කළ අතර 2016 වසරේදී දඩුවම අතිශය ලෙස තනුක කර් ගනිමින් වසරකට ඩොලර් බිලියන 11 ක් පමණ ලාභ ලබන සමගම ඩොලර් 10,000 ක දඩයකට යටත් විය.

ලෝකයේ මුල්‍ය වෙළදාමේ සහසහ මහාපරිමාණ සමාගම් ආශිතව කතාබහට ලක්ව ඇති සියලුම ආකාරයේ දුෂණ, වංචා සහ සාපරාධි ක්‍රියා මෙම අද්ආනි සමාගම් ජාලය තුල පවතී. කුඩා ළමුන් සේවයට යෙදවීම පිලිබදව, රටේ මුදල් හොර රහසේ බැහැර කිරීමට, ව්‍යාපාරිකයන්ට සහ දේශපාලකයන්ට අල්ලස් දීම මෙන්ම මනුෂ්‍ය ඝාතන චෝදනා ඔවුන්ට එරෙහිව ඉන්දියාවේදී එල්ලවී ඇත.

අද්ආනි සමාගම සැම්බියාවේ තබ පතල් කර්මාන්තයටද අතගසා ඇත. වසර 2010 දී එරට ගම්මාන 1800 හරහා දිවෙන ගංගාවකට තබ මිශ්‍රිත ජලය මුදාහැර එය අපවිත්‍ර කලබවට චෝදනාවක් ඇත. පතල් තුලින් මුදාහැරෙන තභ මිශ්‍රිත්‍ර අපවිත්‍ර ජලය ගංගාවට මුදා හැරීම තුලින් එරට වැසියන් දහස් ගණනක් අනාථ භාවයට පත්වූ අතර බොහෝ වැසියන් ජිවිතක්ෂයට පත්වූ අතර ආබාධ වලට ලක්වුවන් දහස් ගණනකි. තත්වය උග්‍ර අතට පත්වී සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දී අද්ආනි සමාගම සැම්බියාවෙන් පැන ගියේය.

ඉන්දියාවේ අද්ආනි සමාගමේ ප්‍රධානියා වන්නේ ගොවුතම් අද්ආනි ය. ඔහු අගමැති මෝදී ගේ දිගුකාලින හිතවතෙක් පමණක් නොවේ මෝදී දේශපාලන ව්‍යාපෘතියේ මුල්‍ය අනුග්‍රාහකයා ය. වසර 2014 දී මෝදීගේ චන්ද ව්‍යාපාරයට අද්ආනිගේ පුද්ගලික ජෙට් යානය පවා ලබා දෙමින් උදවු කිරීමේ ප්‍රතිඋපකාරය ලෙස මෝදී විසින් අද්ආනි සමාගමට නොසෑහෙන්න සැලකුවේය. එරට බලශක්ති ප්‍රතිවියුහගත කිරීමේ ව්‍යාපෘතිය අද්ආනිට පවරා එරට ප්‍රධානම බලශක්ති සැපයුම් කරුවා බවට අද්ආනි පත්කළේය. ඉන්දියාවේ නාවික වෙළදාම අද්ආනි තමා අතට පත්කරගත්තේ තම දේශපලන බලය යොදවා ක්ෂේත්‍රයේ ප්‍රතිවාදී තරගකරුවන් නිහඩ කරමින්ය.

දැන් අද්ආනි – මෝදී සුසංයෝගය ලංකාවේ කොළඹ වරාය දෙසට හැරෙමින් සිටී. මෝදීගේ ඇමරිකා – ඉන්දියා සුසංයෝගයට කොළඹ වරායට ඇතුළුවී බෙන්ගාල මුහුදේ නාවික බලයට අතගැසීමට උවමනාව ඇත. එසේම අද්ආනි – මෝදී සුසංයෝගයට කොලබ වාරයේ භාණ්ඩ නිශ්කාෂණ ව්‍යාපාරයට ඇතුළුවී චීනයේ නව සේද මාවත ට ව්‍යාපාරික තරගයක් දීමට උවමනාව ඇත.

මේ සියළු උවමනා සමග ගොවුතම් අද්ආනි හෙට අනිද්දා ගොටා – මහින්දගේ පොදුජන පෙරමුණු දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රධාන මුදල් ආයෝජකයා වුවොත් පුදුමයක් නොවේ.

සමහරවිට බොහෝ දෙනෙක් දකින හීනය වනවා ඇත්තේ ඩොලර් මිලියන 700 ක චෙක් පතක් රගෙන ගොවුතම් අද්ආනි හෙට අනිද්දා කොළඹට පමිණෙන බවටයි. ඉන්පසු ඔහුගේ කොලබ වරායේ නව ආයෝජන තුලින් වෙළද සුරපුරයක් මැවෙනු ඇති බවටයි.

එහෙත් සිදුවීමට නියමිත සත්‍ය ඊට හාත්පසින්ම වෙනස්ය. මේ දවස්වල අද්ආනි සමාගමේ ආයෝජන දිශානති වී ඇත්තේ වෙනත් ඉසවුවකටය. කටාර් රාජ්‍යයේ කාන්තාර මත ලෝකයේ අනාගත සිහින නගරය නමින් ඉදිවෙන ‘ලුසාලි’ සිහින නගරයේ එක් ආයෝජකයෙක් වන්නේ අද්ආනි සමාගමයි. ලෝකයේ සියළු කළු සල්ලි නිදහසේ ගලායන සිහින ආයෝජනයක් බවට ලුසාලි ආයෝජනය පත්ව ඇත.

අද්ආනි සමාගමේ ආයෝජන ජිල්මාට් හරහා කොළඹ වරායේ ලාභ පංගුව අද්ආනි ආයෝජන ලෙසට කටාර් රාජ්‍යයේ ලුසාලි වෙත ඇදී යෑම සංවර්ධන සිහිනයක් නොව මහපොළවේ සිදුවීමට නියමිත යථාර්තයකි.

සරද සමරසිංහ

 

leave a reply