ජයග්‍රහණය රැක ගැනීම සහ ලෝකයට වාම විශ්වාසය ගොඩනැගීම චිලී වාමාංශික තරුණ නායකයාගේ කාර්යභාරයක්

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ප්‍රසිද්ධියට පත් වූ චිලී වාමංශික අපේක්ෂක ගේබ්‍රියෙල් බෝරික් අන්ත ජාතිවාදී ජෝස් ඇන්ටෝනියෝ කස්ට් පරාජය කර ඇත. දස දහස් ගණනක් බෝරික් ආධාරකරුවන් සන්තියාගෝහි වීදිවල ඔහුගේ ජයග්‍රහණය සැමරමින් සිටිති.

චිලියේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සන්ධානයට නායකත්වය දෙන 35 හැවිරිදි ගේබ්‍රියෙල් බෝරික් මාර්තු මාසයේදී බලයට පත්වන විට චිලියේ ලාබාලතම නූතන ජනාධිපතිවරයා බවට පත්වනු ඇත.
ධනවතුන් හා දුප්පතුන් අතර ලොව විශාලතම හිඩැස් ඇති රටක “සමාජ සුභසාධන” රාජ්‍යයක් ස්ථාපනය කිරීමේ පොරොන්දුව මත ඔහු සිය ඡන්ද සටන මෙහෙයවිය.

“වඩා මානුෂීය චිලීයක්, වඩා ගෞරවාන්විත චිලීයක්, වඩා සමානාත්මතා චිලීයක්” සඳහා වූ ඔහුගේ සැලසුම් ඉරිදා බෝරික් නැවත අවධාරණය කළේය.
නව වාමාංශික නායකයාට බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා, කියුබානු නායක මිගෙල් ඩයස්-කැනෙල් වම් පසින්ද ආර්ජන්ටිනාවේ ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් කොලොම්බියාවේ අයිවන් ඩුක් සහ ඉක්වදෝරයේ ගිලර්මෝ ලාසෝවැනි දක්ෂිණාංශික ජනාධිපතිවරුන්ගෙන්ද සුබ පැතුම් ගලා ආවේය.

උපාලි ජයසිංහ

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...