අභ්‍යාසලාභීන් වටේ යවන ආණ්ඩුවේත් ගොන් තීරණ හකුළාගත යුතුයි

පුහුණු අවසන් කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම පසෙකලා ආණ්ඩුව තම අර්බුද වසා ගැනීමට පාවිච්චි කරමින් සිටී. මිට  පෙර කඩවලට ගොස් හාල් මිල්, සීනි මිල බාලීමට අභ්‍යාසලාභී උපාධිධාරීන් පාරිභෝගික සේවා අධිකාරියට අනුයුක්ත කරන ලදී, දැන පාසල් විවෘත කරමින් ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැතිව පාසල් වෙත අනුයුක්ත කර ඇත. ළමුන් 200ට අඩු පාසල් සදහා අභ්‍යාසලාභීන් 5ක් 6ක් වශයෙන් අනුයුක්ත කර ඇත.

අද දිනය තුළ අභ්‍යාසලාභීන් පමණක් පාසල් වෙත වාර්තා කර ඇති පාසල් බහුතරයකි. ඇතැම් පාසල්වල ගේට්ටු වසා ඇත. ආණ්ඩුව ගුරුවරුන්ගේ සාධාරණ අයිතීන් දෙනවා වෙනුවට මෙසේ කිරීම පිළිකුල් ය.

මේ අතර ඇතැම් ප‍්‍රාදේශීය ලේකම්වරුන් චක‍්‍රලේඛ (2/2021(v) නොසලකා ගර්භණි සහ කිරිදෙන මව්වරුන් පවා පාසල් වෙත කැ`දවා ඇත. මේ කරනුයේ මානව සම්පත අපතේ යැවීමකි.

තවදුරටත් මෙසේ සිදු කරන්නේනම් , ස්ථිර කරන තෙක් විරෝධතා කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානම් බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...