තීරණාත්මක අවසන් T20 තරගය ලබන 17 වැනිදා

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන T20 තරගය ලකුණු 73 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.
ඒ අනුව තරග 3 කින් යුත් T20 තරග මාලාව දෙපිලම තරග 1-1ක් ලෙස ජයග්‍රහණය කර සම තත්ත්වයේ පසුවේ.

සිය මංගල T20 තරගය සඳහා ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත විය.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. සිය මංගල විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ සිය පන්දු වාර 04 තුලදී ලකුණු 09කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.

චරිත් අසලංක ලකුණු 06 කට කඩුලු 02ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 07 කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් වූහ. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දු වාර 16.1 කදී ලකුණු 89කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්න සමත් වුහ.

තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ අද දිනයේ සිය 12 වැනි අර්ධ ශතකය රැස් කළ පැතුම් නිස්සංකය.

දෙරට අතර තීරණාත්මක අවසන් T20 තරගය ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...