ඩොලර් මිලියන 500ට තෙල් ටැංකි ටික පූජා කරනවානම් ඊළඟට විකුණන්නේ මොකක්ද? – දුමින්ද නාගමුව

උදය ගම්මන්පිල ඇමතිවරයා ඉන්දියාවේ ඛනිජ තෙල් ඇමැතිවරයාද යන්න ගැටළුවක් මතුවෙන බවත් ඔහු කතාව පටන් ගන්නෙම තෙල් ටැංකිවල අයිතිය ඉන්දියාවට ලබාදෙමින් බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීම පිළිබඳව අද(02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

” අපි අහන්නෙ උසාවියේ තියෙන නඩුව මොකක්ද? නීතිපති දෙපාර්තමේන්තුව මේ කියන ගිවිසුම වලංගු නෑ කියන්නෙ ඇයි? 2003 අත්සන් කරපු ගිවිසුමෙන් මාස 06ට පස්සෙ අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරීම නිසා ඇතිවෙලා තියෙන නීතිමය කාරණා මොනවද? ලංකාවට අයිතිව තිබෙන තෙල් ටැංකි ටික තමයි අද ඉන්දියාව අයිති කරගන්නේ. මෙතන ප්‍රධාන කාරණාව තමයි තෙල් ටැංකි ප්‍රමාණය නෙමෙයි. කොහෙ ඒවාද ලංකාවට අයිති වෙන්නෙ කොහෙ ඒවාද ඉන්දියාවට අයිති වෙන්නෙ කියන එකයි ප්‍රශ්නෙ. අපි පැහැදිලිව කියනවා ඉන්දියාව අත්පත් කරගන්නේ පහල පර්යන්තයේ තියෙන තෙල් ටැංකි ටික. එතකොට අපිට අයිතිවෙන්නෙ කැඩිච්ච ටැංකි ටික. ඒවා කොටසක් පවිච්චි කරන්න බැහැ. කොටසක් අලුත්වැඩියා කරන්න ඕනා. මෙහි ප්‍රධාන කාරණය නැව් තෙල් සැපයීමේ අධිකාරිය ඔවුන්ට විතරක් හිමිවෙන ආකාරයට මේ ගිවිසුම සකස් කරලා තියෙන්නෙ කියන සැකය තියෙනවා. එහෙම නැත්තම් අපි ඇමතිවරයාට කියනවා ගිවිසුම එලියට දාන්න කියලා. ඩොලර් මිලියන 500න් පුළුවන් මාස දෙකකට තෙල් ගේන්න විතරයි. ඩොලර් මිලියන 500ට මේ ටැංකි ටික පූජා කරනවානම් ඊළඟට විකුණන්නේ මොකක්ද? ඊළඟ මාස දෙකේ තෙල් ගේන්නෙ කොහොමද? මාස දෙකකට තෙල් ගේන්න අවුරුදු 50ට අපේ දේපලක් විකුණනවා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...