Breaking News

දූෂිතයෙක් මර්දන අවියක් ලෙස පාවිච්චි වෙන බවට චෝදනා

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය සුරැුකීමේ සිසු-ජන ව්‍යාපාරයේ සාමාජිකයින් 2021/08/03 වන දින පාර්ලිමේන්තුව අසළ සිදුකරණ ලද විරෝධතා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඔවුන් නිවෙස් වල සිටියදී අත්අඩංගුවට ගෙන අනෙකුත් චෝදනා අතර පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත 2021/08/04, 2021/08/06 සහ 2021/08/17 යන දිනවල ඉදිරිපත් කරණ ලදී.

එහිදී පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමට හේතු ලෙස පොළීසිය දක්වා සිටියේ වර්ග අඩි 10 ක පමණ කාඞ්බෝඞ් මිනී පෙට්ටියක් පිළිස්සීම නිසා එම ස්ථානයේ මාර්ගයේ පෘෂ්ඨයට රු. 177,000/= ක පමණ හානියක් සිවුවූවාය යන පදනමින්ය.
මෙම සිසු-ජන කි‍්‍රයාකාරිකයින් අධිකරණයට ඉදිරිපත් කරණ අවස්ථාව වන විටත් රටේ කෝවිඞ් වසංගතය උත්සන්න වීම නිසා රට වසා දමා තිබූ අවස්ථාවක් වන අතර නීතිපතිවරයාගේ 2021/08/13 වන දිනැති මාර්ග උපදේශන අනුව මරණීය දණ්ඩනය පවා නියම කළ හැකි හෙරෝයින් ග‍්‍රෑම් 2ට ට වඩා ළග තබාගෙන ජාවාරම්කරණ ලද තැනැත්තන්ට පවා බන්ධනාගාරවල තදබදය ලිහිල් කිරීම යන තර්කය මත ඇප ලබාදීමට කටයුතු කරණ මෙන් දැනුම් දී තිබේ.

තවද චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන අය කාලාන්තරයක් පවත්නා ස්වසන ආබාධ වලින් පෙළෙන තැනැත්තන් වන අතර අනෙක් ශිෂ්‍යයින් තිදෙනා මාර්ගගත ක‍්‍රමයට විශ්වවිද්‍යාල දේශන හා විභාග වලට සහභාගිවීමට නියමිතව තිබුණි. තවද කෝවිඞ් වසංගත තත්වය හේතුවෙන් රටපුරා මහේස්ත‍්‍රාත් අධිකරණ විසින් බරපතල වැරදි වලට පවා පුද්ගලික ඇප මත සැකකරුවන් නිදහස් කරණ ලදී.
ඉහත කරුණු වලට අමතරව කාඞ්බෝඞ් මිනී පෙට්ටිය ගිණි තබන අවස්ථාවේ ඒ සදහා මෙම සිසු ජන නායකයින් සෘජුව සම්බන්ධවූ බවට සාක්ෂි නොමැති බවට නීතීඥවරු පැහැදිලිව කරුණු ඉදිරිපත් කරන ලදී.

ඉහත සුවිශේෂී කරුණු සිසුජන නායකයින්ට ඇප ලබාදීමට පැහැදිලිව ප‍්‍රමාණවත්වූ අතර නමුත් මෙම මහේස්ත‍්‍රාත්වරයා දිගින් දිගටම ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කරණ ලදී. තවද බන්ධනාගාරය තුළදී මෙම සිසුජන නායකයින් සියලූ දෙනාටම කෝවිඞ් ආසාදනය වූ අතර ඔවුන්ව රෝහල් ගත කිරීමටද සිදුවිය.

එසේම වර්ෂ 2021/10/12 දින පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන අය අදාල මිනී පෙට්ටි ආකෘතිය ගිණි තැබීමට සම්බන්ධ නොමැති බවට කරුණු වාර්තා කරන ලද අතර ඒ අනුව ඔවුන්ට ඇප ලබාදීමට අධිකරණයට පැහැදිලිව හැකියාවක් පැවති අතර සියල්ලන් විශ්මයට පත්කරමින් එදිනද විනිශ්චයකාරවරයා ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කරණ ලදී.
පසුව 2021/10/26 වන දින නීතීඥවරු මෙම සැකකරුවන් දින 84 ක් බන්ධනාගාරගතව සිටීමම සුවිශේෂී කරුණක් වන බවත් බරපතල අපරාධකරුවන්ටද එය සුවිශේෂී කරුණක් බව සළකා ඇප ලබාදෙන බවත් ප‍්‍රකාශ කළද එදිනද විනිශ්චයකාරවරයා කිසිදු හේතු දැක්වීමකින් තොරව ඇප ප‍්‍රතික්ෂේප කරණ ලදී.

විනිශ්චයකාරවරයාගේ මෙම කි‍්‍රයාකලාපය පැහැදිලිවම පක්ෂපාති සහ යම් බලපෑමක් මත සිදුකරණ බව පැහැදිලිව තිබියදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ 2021/08/06 දින පොළිස් භාරයේ සිටියදී තලංගම පොළිස් ස්ථානාධිපතිවරයා ඔහුට සිය ජංගම දුරකථනය ලබාදී නියෝජ්‍යය පොළිස්පති දේශබන්දු තෙන්නකෝන් ඔහුට කථා කරන බව දැනුම් දුන් බවත් එහිදී නියෝජ්‍ය පොළිස්පතිවරයා ඔහුව අමතා ඔවුන්ගේ කි‍්‍රයාකාරීත්වය පමණට වැඩි බවත් අනිවාරයෙන් මෙවර අධිකරණයේ සහාය ගෙන ඔවුන්ව මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටත් පවසා ඔහුට තර්ජනය කළ බවට ඔහු හෙළිදරව් කොට ඇත.

මෙම විනිශ්චයකාරවරයාගේ පැහැදිලිව ඇප ලබාදිය හැකි ඉහත නඩුවේ එලෙස ඇප ප‍්‍රතික්ෂේප කිරීමට කටයුතු කළද කඩුවෙල අධිකරණයේම වෙනත් බොහෝ නඩුවල ඔහුගේ කි‍්‍රයාකාරීත්වය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්වේ.

1, අංක 13965/18 නඩුවේදී පූර්වගාමී විනිසුරුවරයා චුදිත සියලූ චෝදනා වලට වැරදිකරු ලෙස තීරණය කළ අතර අභියාචනයට යටත්ව ඇප ඉල්ලා සිටියද එම ඉල්ලීමද ප‍්‍රතික්ෂේප කරණ ලදී. එම නඩුව විමසූ පූර්වගාමී විනිසුරුවරයා ඇප ප‍්‍රතික්ෂේප කළද වර්තමාන විනිසුරුවරයා උපගොනුවක් මගින් එම නඩුව කැදවා පෙර නියෝගය ඉවත් කර ඇප ලබාදුන් අතර එය ඔහුගේ බලය අතික‍්‍රමණය කිරීමක්ද වන්නේ එවැනි නියෝගයක් දිය හැක්කේ මහාධිකරණයට පමණක් වන නිසාය.

2, අංක 40691 නඩුවේදී පහරදීම් සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවන් හදුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමුකරන ලදී. නීතීඥවරු පෙරෙට්ටුව අවලංගුකර ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළද එහිදී පොළීසිය පෙනී නොසිටි බැවින් ඇප ප‍්‍රතික්ෂේප කරන ලදී. ඊට පසු නඩු දිනයේදී විනිසුරුවරයාගේ බිරිදගේ ඥාතිවරයෙක් වන නීතීඥවරයෙක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර එදිනද පොළීසියේ පෙනී සිටීමක් නොතිබුණි. එසේ තිබියදී විත්තිකරුවන් හදුනාගැනීමේ පෙරෙට්ටුව අවලංගු කොට ඔවුනට ඇප ලබාදීමට කටයුතු කරණ ලදී. තවද එම නඩුව බලහත්කාරයෙන් සමථ කිරීමට උත්සහ දරණ ලද අතර අගතියට පත් පාර්ශවය 2021/01/21 දින නඩුවට පෙනී සිට එබදු සමථයක් තමුන් විසින් කිසි විටෙක යෝජනා නොකළ බව අධිකරණයට කරුණු වාර්තා කරණ ලදී.

3, අංක 43153 දරණ නඩුවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරණ ලද්දේ නිරෝධායන නීති කඩකරමින් සම්බාහ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ චෝදනාවට වේ. 2021/05/12 දින ඔවුන්ව අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාර ගතකරණ ලද අතර එදින ඇප ඉල්ලීම විනිශ්චයකරු විසින් ප‍්‍රතික්ෂේප කරණ ලදී. ඊට පසුදින එනම් 2021/05/13 දින පොළිසියේද සහාය ඇතිව අධිකරණයේ මෝසමක් ගොනුකර ඇප කොන්දේසි ලිහිල් කොට එම සැකකරුවන්ට ඇප ලබාදීමට කටයුතු කොට ඇත.

4, අංක 39262 නඩුවේදී කල් ඉකුත්වූ සහල් විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් චෝදනා ඉදිරිපත් කරන ලද අතර නීතිය අනුව නඩු භාණ්ඩ රාජසන්තක කළ යුතු වුවද පොළීසියේ සහාය ලබාගනිමින් භාණ්ඩ රාජසන්තක නොකර නීති විරෝධීව මුදාහැරීමට කටයුතු කරන ලදී.

5, නඩු අංක 39831 සිට 39835 දරණ නඩුවල සැකකරුවන්ට එරෙහි චෝදනාවවූයේ යතුරුපැදිවල නිෂ්පාදන ආකෘති වෙනස් කිරීම වේ. රස පරීක්ෂණ වාර්තා නොමැතිව එවන් නඩුවල නඩු භාණ්ඩ මුදාහැරිය නොහැක. නමුත් විනිසුරුවරයා රසපරීක්ෂක වාර්තා නොමැතිව නීති විරෝධීව එම භාණ්ඩ මුදා හරින ලදී.

6, අංක 40142 නඩුවේ නීති විරෝධී ලී මෝලක් පවත්වාගෙන යාම චෝදනාවවූ අතර සැකකරු වරද පිළිගැනීමෙන් පසුව නඩු භාණ්ඩවූ දැව ඉරීමේ යන්ත‍්‍ර රාජසන්තක කළ යුතු වුවද ඒවා රාජසන්තක නොකර නීති විරෝධීව මුදා හරින ලදී.

7, තවද 29067/20 ඊ වාර්තාව මගින් පොළිස් මත්ද්‍රව්‍ය කාර්්‍යංශය යටතේ සිටින සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඝාතනය කිරීමේ උත්සහයක් පැවති අතර කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඊ 36562/20 නඩුවේදී එම සැකකරු සම්බන්ධයෙන් රැුදවුම් නියෝගයක් නිකුත් කර ඇතිබව දනිමින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩුවෙල අධිකරණයේ මෙම විනිසුරුවරයා ඉදිරියේ ඉහත කී බී වාර්තාව ගොනුකර එම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට නියෝගයක් අනීතිකව ලබාගන්නා ලදී. ඒ හරහා සැකකරුව ඝාතනය කිරීමට ගත් උත්සහාය නීතීඥයින්ගේ දැඩි පරිශ‍්‍රමයකින් පසුව ව්‍යවර්ථ විය.

ඉහත ආකාරයේ චෝදනා අක‍්‍රමිකතා රැසක් පවතින මෙම විනිසුරුවරයා සම්බන්ධයෙන් පෙත්සම් විශාල සංඛ්‍යාවක් අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත්වී ඇති බවත් ඔහුට ඇති දේශපාලන සබදතා මත එම බොහෝ පරීක්ෂණ යටගොස් ඇත.

නියෝජ්‍ය පොළිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ආණ්ඩුවේ මර්දන යාන්ත‍්‍රණය පහසුවෙන් කි‍්‍රයාත්මක කිරීමට මෙම චෝදනා සහිත විනිසුරුවරයා භාවිතා කරණ බව ඉහත සදහන් සිසුජන ක්‍රියාකාරිකයින් මාස 3කට අධික කාලයක් ඇප නොදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් පැහැදිලි වේ.

මෙලෙස පක්ෂපාතීව කටයුතු කිරීම වෙනුවෙන් කොළඹ ප‍්‍රදාන මහේස්ත‍්‍රාත් ධූරය හෝ කොලඹ කොටුව මහේස්ත‍්‍රාත් ධුරයට ඔහුව පත්කරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර දේශබන්දු තෙන්නකෝන් ඒ සදහා සාකචිඡුා වට කිහිපයක්ද දේශපාලකයින් කිහිපදෙනෙකු සමග සිදුකර
ඇත.

උපුටා ගන්නා ලද්දකි

leave a reply