SYU විරෝධතාවයට පහරදීමට එරෙහිව මානව හිමිකම් නඩු

පෙරේදා (24 වැනිදා) කොළඹදී පැවති සමාජවාදී තරුණ සංගමයේ උද්ඝෝෂණයට පොලීසිය සිදුකළ පහරදීම සහ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව අත්අඩංගුවට පත් වූ එක් පුද්ගලයාට එක බැගින් මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

උද්ඝෝෂණයට පහරදීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු නීතිමය පදනමක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වූ අතර නීතිඥවරුන්, මේ උද්ඝෝෂණයට පහරදීම සම්පූර්ණ අනීතික ක්‍රියාවක් බවත්, විත්ති කූඩුවේ සිටිය යුත්තේ පොලීසිය බවත් පෙන්වාදෙන ලදී.

මෙම උද්ඝෝෂණය අවස්ථාවේ පුද්ගලයන් 84 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පහරදීමෙන් හත්දෙනෙකු රෝහල්ගත කරනු ලැබීය. එක් අයෙකුට දිනකට ආසන්න කාලයක් සිහිය නොතිබුණි. අත්අඩංගුවට ගත් අය අතර අවුරුදු 14ක දරුවෙක්ද සිටි අතර, එම දරුවාව නීතිඥවරු මැදිහත් වී පසුව නිදහස් කරනු ලැබීය.

සැප්තැම්බර් 25 වැනිදා මෙම අත්අඩංගුවට ගත් සියලුදෙනාම මහේස්ත්‍රාත් අධිකරණයකටවත් ඉදිරිපත් නොකෙරුණු අතර පසුව 81 දෙනෙකුට පොලීස් ඇප ලබාදෙන්නට කටයුතු කර තිබුණි. අධිකරණයට ඉදිරිපත් කළ එරංග ගුණසේකර, කොස්වත්තේ මහානාම හිමි සහ සමාලි මන්දිරාට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...