Breaking News

දූෂිත පොහොර තොගය ලංකාවට බාරගන්න වෙන හැඩක් – අහිතකර ද්‍රවය නැති බව චීන පර්යේෂණ ආයතනයක් කියයි

චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියා කිසිවක් නොමැති බව ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ තුන්වන පාර්ශවය ආයතනය විසිනි තහවුරු කර ඇති බව Qingdao Seawin Biotech Group චීන සමාගම සඳහන් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

මෙම පරීක්ෂණය සිදුකළ ආයතනය වන Schutter Global Inspection and Survey Co. Ltd. සමාගම ද චීන පර්යේෂණ ආයතනයකි.

 

 

 

 

 

 

 

 

 

 

 

අදාල පොහොර සාම්පලවල හානිකර බැක්ටීරියා ඇති බව ශ‍්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් සිදු කරන පරීක්ෂණ වලින් හෙලි විය. එම අවස්ථාවේ දී චීන සමාගම එම වාර්තා පිළි ගැනීම ප‍්‍රතික්ෂේප කරන ලදී. ඔවුන් පවසා සිටියේ, දෙපාර්ශ්වයටම පිළිගත හැකි ස්වාධීන තෙවන පාර්ශ්වයක් මගින් පොහොර සාම්පල යළි පරීක්ෂා කළ යුතු බවයි.

පොහොර සාම්පල තෙවන පාර්ශ්වයකට ලබා දී පරීක්ෂා නොකරන බවත්, නැව ආපසු හරවා යවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා තිබුණි.

පසුව Qingdao Seawin Biotech Group සමාගම විසින් දෙරටේ එකගතාවය තෙවන පාර්ශවයක් ලෙස Schutter Global Inspection and Survey Company වෙත පරීක්ෂණ සඳහා යෙමු කරන ලද පැවසේ.

ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණ වලට ශ්‍රී එම පොහොරවල කිසිදු හානිකර බැක්ටීරියා හමු නොවූ බව සමාගම සඳහන් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අදාල පොහොර තොගය රැගත් නෞකාව මේ වන විට කොළඹ වරාය ආසන්නයේ රදවා ඇති අතර වහාම පොහොර තොගයට ගාස්තු ගෙවා බාර ගන්නා ලෙස චීනය මීට පෙර දැනුම් දී ඇත.

එමෙන්ම ඒ සදහා ණයවර ලිපි විවෘත කරන ලද මහජන බැංකුව චීනය විසින් ආසාලු ලේඛණ ගත කර ඇත.

ඊට අමතරව අදාළ පොහොර සමාගම විසින් ඩොලර් මිලියන 08ක එන්තරවාසියක් ද ශ‍්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව වෙත ඒවා තිබුණි.

කෙසේ වෙතත්, Schutter Global Inspection and Survey Company ආයතනයෙන් ලබා ගත් වාර්තාව, මේ වන විටත් ජාතික ශාක නිරෝධායන ආයතනය වෙත චීන පොහොර සමාගම විසින් ලබා දී තිබෙන බව වාර්තා වේ.

දූෂිත පොහොර නැව

ශ්‍රී ලංකාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන චීන සමාගමට අයත් කාබනික පොහොර රැගත් නැව දින ගනනාවක් පුරා ශ්‍රී ලංකා මුහුදේ හැංගි-මුත්තන් කරමින් සිටින බව විවිධ පුවත් වාර්තා පළවිය.

මෙම අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර භාර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ ද මෙට්‍රික් ටොන් 20,000 චීන කාබනික පොහොර රැගත් Hippo spirit නැමති නැව මේ වනවිට මෙරට මුහුදේ සැරිසරමින් සිවින බවට එම දත්ත පෙන්නුම් කරයි.

මීටර 154ක් දිග 1996 දී නිශ්පාදිත HIPPO SPIRIT [IMO 9135523] දරන මෙම නැව පැනමාවේ ලියාපදිංචි නෞකාවකි. ජාත්‍යන්තර නාවිත දත්තවලට අනුව නෞකාව නැවතත් චීනය බලා ගමන් නොකළ බවත් වරින්ව චන්ද්‍රිකා සම්බන්ධතා විසන්ධි කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සැරි සරන බව BBC සිංහල සේවය වාර්තා කර තිබේ.

මෙම පසුබිම තුළ කාබනික පොහොර රැගත් නෞකාව ප්‍රතික්ෂේප කිරීමට හේතු සඳහන් කරමින් පූර්ණ වාර්තාවක් කොළඹ චීන තානාපති කාර්යාලය වෙත භාර දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇති බවට එහි ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට සමග පවසා තිබේ.

ආණ්ඩුව මත දෙකක

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද නැව බාර නොගන්නා බව ප්‍රකාශ කළත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ, දැනට මෙරටට ගොඩ බෑම වළක්වා ඇති හානිකර බැක්ටීරියා අඩංගු බව කියන චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමුකර යළි පරික්ෂා කිරීමට එකඟ වූ බව ය.

ඒ අනුව පොහොර පරීක්ෂා කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට බාර දී, ඉන්පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවති උත්සවයකදී ඔක්තෝම්බර් 26 වනදා පැවසීය.

කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම මීට පෙර නිවේදනය කර තිබුණේ තම පොහොරවල අර්වීනියා ඇත්දැයි නැවත පරීක්ෂා කිරීමට ලෝකයේ පිළිගත් පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්.ජී.එස් සමූහයට සාම්පල යොමුකරන්නැයි ඉල්ලීමක් කරන බවය.

ඔවුන් ලබාදෙන පරීක්ෂණ ප්‍රතිඵලය දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව පිළිගත යුතු බව ද චීන සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන ලදී.

මේ අනුව තුන්වන පාර්ශවයක් හරහා අහිතකර ද්‍රවය අඩංගු බව තහවුරු නොවීම හරහා ලංකාවේ ආණ්ඩුවට පොහොර තොගය බාරගැනීමට සිදුවෙනු ඇති බවට සැක මතුවේ.

 

 

leave a reply