කාන්තා දින උද්ඝෝෂණයේදී පොලීසිය සිදුකළ ලිංගික හිංසනවලට එරෙහිව නිදහස උදෙසා කාන්තාවන්ගෙන් පැමිණිල්ලක්

මාර්තු 8වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් පැවති උද්ඝෝෂණය සඳහා එක්වී සිටි කාන්තාවන්ට ඉහළ ‌පොලිස් නිලධාරියකු කළ ලිංගික හිංසනවලට විරුද්ධව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (10) ජාතික ‌පොලිස් ‌කොමිසම ‌වෙත පැමිණිලි කළේය. එහිදී අදහස් දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ මෙම පොලිස් නිලධාරියා මීට ඉහත පැවති විරෝධතාවලදීද ලිංගික හිංසන සිදුකළ බව වාර්තා වී ඇති බවයි.

එසේම ළමා හා කාන්තා කාර්යාංශයටද පැමිණිල්ලක් යොමුකිරීමට බලාපොරොත්තු වන බව ඇය පවසයි.

හේමමාලි අබේරත්න වැඩිදුරටත් පැවසුවේ,
“මෙවැනි විරෝධතාවලට සම්බන්ධ වෙන සහෝදරියන් සම්බන්ධයෙන් මැදිහත්වෙන අවස්ථාවලදී පොලිස් නිලධාරිනියන් වෙනුවට පොලිස් නිලධාරීන් යෙදවීම ගැනත් අපි පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරන්නේ ලංකාවෙ පොලීසිය නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්නවා කියලා. නමුත් අපි මේ රටේ කාන්තාවන්ට කියනවා ඔබ බලාපොරොත්තු වුණා නම් මේ රටේ පොලීසියෙන් නීතිය හා සාමය තවදුරටත් ඒක බලාපොරොත්තු වෙන්න එපා කියලා. පසුගිය දවස්වලත් මේ රටේ විවිධාකාරයෙන් පොලීසිය කාන්තාවන් පීඩාවට ලක් කරලා තියෙන ආකාරය අපි දැක්කා. මේ තුච්ඡ නින්දිත අශිලාචාර ක්‍රියාවලිය නවත්වන්න මේ රටේ ස්ත්‍රීන්, පිරිමින්, ගොවි, කම්කරු, ශිෂ්‍ය ඇතුළු සියලුම ජනතාව පෙරමුණ ගන්න ඕන “

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...