කාන්තා දින උද්ඝෝෂණයේදී පොලීසිය සිදුකළ ලිංගික හිංසනවලට එරෙහිව නිදහස උදෙසා කාන්තාවන්ගෙන් පැමිණිල්ලක්

මාර්තු 8වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් පැවති උද්ඝෝෂණය සඳහා එක්වී සිටි කාන්තාවන්ට ඉහළ ‌පොලිස් නිලධාරියකු කළ ලිංගික හිංසනවලට විරුද්ධව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (10) ජාතික ‌පොලිස් ‌කොමිසම ‌වෙත පැමිණිලි කළේය. එහිදී අදහස් දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ මෙම පොලිස් නිලධාරියා මීට ඉහත පැවති විරෝධතාවලදීද ලිංගික හිංසන සිදුකළ බව වාර්තා වී ඇති බවයි.

එසේම ළමා හා කාන්තා කාර්යාංශයටද පැමිණිල්ලක් යොමුකිරීමට බලාපොරොත්තු වන බව ඇය පවසයි.

හේමමාලි අබේරත්න වැඩිදුරටත් පැවසුවේ,
“මෙවැනි විරෝධතාවලට සම්බන්ධ වෙන සහෝදරියන් සම්බන්ධයෙන් මැදිහත්වෙන අවස්ථාවලදී පොලිස් නිලධාරිනියන් වෙනුවට පොලිස් නිලධාරීන් යෙදවීම ගැනත් අපි පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරන්නේ ලංකාවෙ පොලීසිය නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්නවා කියලා. නමුත් අපි මේ රටේ කාන්තාවන්ට කියනවා ඔබ බලාපොරොත්තු වුණා නම් මේ රටේ පොලීසියෙන් නීතිය හා සාමය තවදුරටත් ඒක බලාපොරොත්තු වෙන්න එපා කියලා. පසුගිය දවස්වලත් මේ රටේ විවිධාකාරයෙන් පොලීසිය කාන්තාවන් පීඩාවට ලක් කරලා තියෙන ආකාරය අපි දැක්කා. මේ තුච්ඡ නින්දිත අශිලාචාර ක්‍රියාවලිය නවත්වන්න මේ රටේ ස්ත්‍රීන්, පිරිමින්, ගොවි, කම්කරු, ශිෂ්‍ය ඇතුළු සියලුම ජනතාව පෙරමුණ ගන්න ඕන “

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...