මහජන ආරක්ෂක ඇමති වූ පලියට ටිරාන් අලස්ට මරණ තර්ජන කළ හැකිද ?

ඊයේ ( 27 ) මීගමුවේ පැවැති ප්‍රජා පොලිස් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක දී  යුක්තිය මෙහෙයුම පිළිබඳව මහජන ආරක්ෂක ඇමති යුක්තියේ මෙහෙයුම පිළිබඳව අදහස් ප්‍රකාශ කළා . එහිදී  අදහස් දක්වමින් ටිරන් අලස් යුක්තියේ මෙහෙයුමේ අරමුණ කුඩු බෙදා හරින ජාලය අඩපණ කිරීම බව ප්‍රකාශ කල  අතර එය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔහුට අදාළ නොවන බව කියා සිටියා . ජාත්‍යන්තරයෙන් පැමිණෙන බාධාවන් වලට තමන් හිස නොනමන බවත් ජාත්‍යන්තරයට මේ පිළිබඳව දැනුම් දෙන්නේ අතලොස්සක් වන නීතිඥයින් සහ කුඩු ජාලයෙන් මුදල් ලබා ගන්නා සමාජ මාධ්‍යවේදීන් බවට ඔහු චෝදනා කරනවා .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරන් අලස් ප්‍රකාශ කර සිටියේ මේක අපේ රට බවත් මේකට අදාල පනත් ගේන්නේ අපිට ඕන විදිහට බව ප්‍රකාශ කරනවා. එපමණක්ද නොව ජාත්‍යන්තරයට ඕන විදිහට වැඩ කරන්නට ඔහු සූදානම් නැති බවත් කියා සිටිය .

කතාව අතරතුර ඔහු ඉතා බරපතළ ප්‍රකාශයක් සිද්ධ කරනවා . කෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමට අයිතිය තියෙන්නේ අධිකරණයට. නමුත්  ටිරාන් අලස් එහිදී වක්‍රව ප්‍රකාශ කර සිටියේ  පාතාලය යැයි ඔවුන් තීන්දු කරන සියලු දෙනාම මරා දමන බවයි . ප්‍රකාශය ඉතා බරපතළ ප්‍රකාශයකි .. පහුගිය සති දෙක ඇතුළත  පොලිසිය විසින් නිර්දෝෂි මිනිසුන්ට වෙඩි තබා තිබුණා  . එවැනි වෙඩි තැබීමකදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වෙන්නේ  ජන සමූහයක් මැද  පොලිස් වෙඩි පහරින් .සදුවීම සමාජ මාධ්‍ය ජාලයට ඒ මොහොතේම මුදාහළ නිසා වරදකරුවෙකු වී එසේත් නොමැති නම් කුඩු ජාවාරම්කාරයකු වී සමාජයේ ලේබල් වෙන්නට තිබූ තැනැත්තකු  ජනතාවගේ මැදිහත්වීම නිසා නිර්දෝෂී බව ඔප්පු වෙනවා .අලස්ගේ මෙවැනි ප්‍රකාශ නිසා සිදුවන්නේ පොලිසිය මැරයන් සේ හැසිරී තමන්ගේ නිල ඇඳුමේ බලයද පාවිච්චි කර තමන්ට නිසි රිසිසේ ජනතාවට පීඩනය එල්ල කිරීම සහ අවශ්‍ය නම් මරා දැමීමට තීන්දු තීරණ ගැනීමයි . ටිරන්ගේ මග පෙන්වීම යටතේ ඕනෑම කෙනෙක්ව කුඩුකාරයෙක් මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙක් එහෙමත් නැත්නම් පාතාලයෙක් යන ලේබලයට යටත් කල හැකිය .

ටිරාන් අලස්ට ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම ක් අහෝසි කිරීමට අවශ්‍ය නම් කළ යුතුව තිබෙන්නේ  බේදාහැරුම් ජාලය විනාශ කිරීම නොව ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන පුද්ගලයන් කොටුකර අත්අඩංගුවට ගැනීමයි . මත්ද්‍රව්‍යය බෙදාහරින ජාලය විනාශ කරනවාට වඩා ලෙහෙසි වැඩකි . 

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...