කොරෝනා මර්දනයේදී සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙලක් නැහැ – ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

නැවතත් විශාල ලෙස කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබියදී ඔවුන් සමඟ කටයුතු කරන සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ දැනට සෞඛ්‍ය සේවකයන් කිහිපදෙනෙකුටම රෝගය වැළඳී ඇති වටපිටාවක ඔවුන් සමග කටයුතු කළ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි.

එවැනි තත්ත්වයක් හොරණ රෝහලේ සහ කෑගල්ල රෝහලේ ඉතා හොඳින් දක්නට ලැබුණු බවද සුගතානන්ද හිමි පවසා තිබේ. එසේම මෙය යුධමය තත්ත්වයක් නොව වසංගත තත්ත්වයක් එසේ නොමැතිනම් රෝගයක් බව අවබෝධ කරගෙන සෞඛ්‍ය සේවකයන්ගේ මැදිහත්වීම සහිතව වසංගතය මැඩලීමට අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලෙසද ලේකම් හිමියන් ඉල්ලා සිටින ලදී.

සුගතානන්ද හිමි දැක්වූ සම්පුර්න අදහස් පහත දැක්වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...