දේශබන්දු අත්අඩංගුවට ගැනිමට නියෝග

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයී වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් 6314 / 23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

මෙම සිදුවිමට වැලිගම හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද වැලිගම W 15 හෝටලයේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

වැලිගම හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට යටතේයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...