ගෘහාශ්‍රිතව රඳවා සිටින අලි – ඇතුන් සෆාරි සංචාරක කර්මාන්තය සඳහා යෙදවීම හා දැව ප‍්‍රවාහනය සඳහා යෙදවීම වැනි ක්‍රියාවල ප‍්‍රතිඵලයක් ලෙස ශාරීරික ව හා මානසික ව දුර්වල වන මෙම සතුන් කෙටි කාලයකින් මරණයට පත් වේ. විශේෂයෙන් හස්තිපාලකයන්ගේ කෲර ක්‍රියා නිසා හා නිසි පරිදි මෙම සතුන් පෝෂණය නොකිරීම නිසා ගෘහාශ්‍රිත බොහෝ අලි – ඇතුන් අකාලයේ මිය යාම සිදු වේ.
පසුගිය වසර 20 ක කාලය තුළ දී ගෘහාශ්‍රිතව රඳවා සිටි අලි – ඇතුන් විශාල ප‍්‍රමාණයක් කෲර ලෙස ඝාතනය කර තිබේ. ඒ අතුරෙන් හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ අලින් දෙදෙනෙකු හස්තිපාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසා මිය යාම සිදු විය. 2001 වසරේ දී අතුල නම් අලියා මිය ගියේ හස්තිපාලකගේ පහරදීම්වලට ලක් වීමෙනි. 2011 ජූලි මස 11 වන දින නවම් රාජා නම් හස්තියා මිය ගියේ විහාරමහා දේවි උද්‍යානයේ එක ම ස්ථානයේ දීර්ඝ කාලයක් ගැට ගසා රඳවා සිටීම හේතුවෙන් ඇති වූ ආතරයිටිස් නම් රෝගී තත්ත්වය හේතුවෙනි.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිටි චන්ද්‍රෘ නම් හස්තියා රත්නපුර සමන් දේවාලයට රැගෙන යාමෙන් පසුව එහි සිටි හස්තිපාලක විසින් මෙම සතාට දරුණු ලෙස පහර දීම නිසා 2000 නොවැම්බර් මස 6 වන දින මිය ගියේ ය.
වර්ෂ 1991 සැප්තැම්බර් මස 24 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මාවනැල්ල, කෙරමිණිය විහාරස්ථානයට ලබා දුන් සෙල්ලරාජා නම් හස්තියා අකුණුසැර වැදීමෙන් 2013 මාර්තු මස 18 වන දින මිය ගියේ ය. මෙය වළක්වා ගත හැකි ව තිබූ තත්ත්වයකි. නමුත් නොසැලකිලිමත් ව රඳවා සිටීම නිසා මෙම සතාට එම ඉරණම අත් විය.
පින්නවල අලි අනාථාගාරයෙන් 1994 අපේ‍්‍රල් මස 1 වන දින කෝට්ටේ රජමහා විහාරයට ලබා දුන් ලංකා නම් හස්තියා මිය ගියේ හස්තිපාලකගේ පහරදීම්වලට ලක් වීමෙනි. 1982 ජූලි මස 24 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මෙම විහාරස්ථානයට ලබා දුන් දිවුලා නමින් හැ`දින්වෙන හස්තියා 2010 සැප්තැම්බර් මස 9 වන දින මිය ගියේ මිනිසෙකු ඝාතනය කිරීම හේතුවෙන් හස්තිපාලක විසින් මෙම අලියාට ජලය පානය කිරීමට නොදීමෙන් ඇති වූ විජලන තත්ත්වය හේතුවෙනි. එපමණක් නොව 1996 ජනවාරි 30 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මෙම විහාරස්ථානයට ලබා දුන් හේමන්ත නම් හස්තියා 2016 මාර්තු මස 16 වන දින මිය ගියේ හස්තිපාලකගේ හෙණ්ඩු පහරවලට ලක් වීමෙනි.
පින්නවල අලි අනාථාගාරයෙන් 2002 පෙබරවාරි මස 7 වන දින කොල්ලූපිටිය, ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ පොල්වත්ත විහාරස්ථානයට ලබා දුන් සිංහරාජ නම් හස්තියා මහින්ද ගලප්පත්ති මහතා විසින් ගිරිඋල්ල, උදාර වත්තේ රඳවා සිටිය දී 2004 අප්‍රේල් මස 12 වන දින විදුලිසැර වැදීමෙන් මිය ගියේ ය.
පින්නවල අලි අනාථාගාරයෙන් 1995 අගෝස්තු මස 5 වන දින දෙව්න්දර දේවාලයට ලබා දුන් අභය නම් හස්තියා අලව්ව, සුනෙත් වීරසේකර මහතා භාරයේ සිටිය දී දැව කොටන් ප‍්‍රවාහනයට යොදා ගන්නා අතරතුර ගෙලෙහි රඳවා තිබූ දම්වැලක් කැඞී ගෙලෙහි සිර වී උගුරුදණ්ඩට හානි සිදු වීමෙන් 2010 වසරේ දී මිය ගොස් තිබේ.
වර්ෂ 2003 ඔක්තොම්බර් මස 27 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් රාගම, වල්පොල, විමලරතනාරාම විහාරස්ථානයට ලබා දුන් කපිල නම් හස්තියා 2009 අගෝස්තු මස 28 වන දින මිය ගියේ මන්දපෝෂණය හේතුවෙනි.
උඩවලව ඇත් අතුරු සෙවණෙන් 2014 දෙසැම්බර් මස 4 වන දින කොස්හින්න රජමහ විහාරස්ථානයට ලබා දුන් අභය නම් හස්තියා 2020 ජුනි මස 13 වන දින මිය ගියේ හස්තිපාලකගේ පහරදීම් හේතුවෙන් දැඩි ශාරීරික හා මානසික ආතතියට ලක් වීමෙනි.
රත්නපුර, බී. බී. ජයසේකර මහතා භාරයේ සිටි වාසනා නම් හස්තියා හබරණ ප‍්‍රදේශයේ සංචාරකයන් පිට මත ගෙන යන සෆාරි සංචාරක කර්මාන්තය සදහා යොදවා සිටිය දී හස්තිපාලකගේ පහරදීම් හේතුවෙන් දැඩි මානසික ආතතියට හා ශාරීරිකව පිරිහීමට ලක් ව සිටි මෙම සතා නැවත රත්නපුර ප‍්‍රදේශයට ලොරි රථයකින් ප‍්‍රවාහනය කිරීමෙන් පසුව ම
ද වේලාවකින් මිය යාම සිදු විය.
පින්නවල අලි අනාථාගාරයෙන් 1990 ඔක්තෝම්බර් 21 වන දින තිස්සමහාරාම විහාරස්ථානයට ලබා දුන් සමන් රාජා හෙවත් තිස්ස සමන් නම් හස්තියා මෙම වසරේ දී මිය ගියේ හස්තිපාලක විසින් හෙන්ඩුවෙන් මෙම සතාගේ ශරීරයේ ස්ථාන 20 කට වැඩි ප‍්‍රමාණයක් දරුණු ලෙස තුවාල කර තිබීම හේතුවෙනි.
රන්දෙනිය, එලිෆන්ට් මිලේනියම් පදනමේ සිටි, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුවෙන් මුතියංගන රජමහ විහාරස්ථානයට ලබා දී තිබූ කණ්ඩුල නම් හස්තියා මේ වසරේ දී මිය ගියේ හස්තිපාලක විසින් පොරවකින් හා පිහියකින් මෙම සතාට ඇන තුවාල සිදු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ය.
මේ ආකාරයෙන් කෲර ලෙස අලි – ඇතුන් ඝාතනය කරන අතරතුර තව තවත් අලි – ඇතුන් ගෘහාශ්‍රිත කර අලි විකිණීමේ ජාවාරමද ක්‍රියා ත්මක කිරීමට උත්සාහ දරමින් සිටී. මෙම උත්සාහයේ ප‍්‍රධාන අරමුණ සෆාරි සංචාරක කර්මාන්තය ස`දහා අලි – ඇතුන් යෙදවීමෙන් මුදල් ඉපයීම ය. මෙය තවදුරටත් සිදු කිරීමට ඉඩ දිය යුතු නැත.