චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ ප්‍රේමනිශංස කියවීමි. ප්‍රේමානිශංසයෙන් මහත් ආනිශංස ලදිමි.

ජීවිතය හා එහි වටිනාකම් නැවත සිතා බලන්නට පොළබවන්නට තරමට ඒ ආනිශංස බලවත් ය.
ඔහු මාස හතක් වැනි කාලයක් තුළ රසිකයා සමඟ රැඳෙමින් ඔහුගේ කතාව කියන්නේය.

සතවර්ෂ ගණන් ඈත අතීතයට රසිකයා ඔහු රසිකයා කැටුව යන්නේ ඒ කෙටි කාලය තුළදී ය
ඔහු ආනන්නද කුමාර්ස්වාමි මාවතේ සිට නෙළුම් පොකුණ මාවතට එන්නේය.

මෙගලිතික යුගයෙන් සේද මාවතට අවතීර්ණව ඉබ්බන්කට්ටුවේ මානව හැසිරීම ස්පර්ෂ කරන්නේය
සීගිරියේ කැනීම් කරන අතර මනීපායී හී කුමාර්ස්වාමි උරුමයන් විමසන්නේය.

‍ටවුන්හෝල් කැන්ටිමෙන් ප්ලේන්ටි බොන අතර නේපාල දේශ සීමාවේදි සෞඛ්‍ය ගැන හිතා නිරාහාරව සිටින්නේය. මේ කෙටි කාලයේම රිකිල්ලගස්කඩින් නුවරඑළියට යන අතරේම කැනඩාවේ රොකී කඳු පන්තිය වෙතටත් හිමාල කඳු පන්තිය ඔබ්බෙන් ටිබෙටයටත් ගමන් කරන්නේ ය.

චීනයෙන් ආධාර මුදලින් නෙළුම් පොකුණ තනා, ඒ දෙසට දිවෙන මාවතේ ඉපැරණි නාමය වෙනස් කිරීම ගැන අප්‍රසාදය පළ කරන අතරම ටිබේටය යටත් කරගත් චීන්නුන් විසින් ලාසාවේ නවීන පහසුකම් සහිත චීන රෝහලක් ඉදි කිරීමද අගයන්නේය.

ප්‍රේමානිශංස යනු සාමාන්‍ය සිංහල නවකතාවෙන් බොහෝ දුර ගමන් කළ නවකතාවකි. ජීවිතයේ ශෘංගාරාත්මක පහස මෙන්ම ලෝකොත්තර සුවය ද, ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සේ ම සමරිසි ප්‍රේමයද, ජීවිත ලාලසාව මෙන්ම ජීවිතයේ අනිත්‍ය දුක්ඛයද අත් හැර්‍රිම ද සංවාදයට ගන්නේ ය. ජීවිතයේ ඉතා කුඩා සිතිවිලි වලට මෙන්ම විශාල සත්‍යන්ටද, මහා ධර්මතාවන්ට ද ඉඩ හසර තබා ඇති ප්‍රේමානිශංස සෑම රසිකයකු ම කියවිය යුතු පොතකි. එය සිංහල සමාජයෙන් ඔබ්බට පියාපත් ලැබිය යුතු සිංහල නවකතාවකි යි සිතමි. මන්දයත්, ප්‍රේමානිශංස රසිකයා ප්‍රඥාවෙන් ආනන්දයට කැඳවා ජීව්තය පිළිබඳ විදර්ශනා වඩන්නටද යොමු කරන්නට සමත් වන බැවිනි. – කතුවරයාට සුබ පතමි.

නිරෝෂ ප්‍රනාන්දු

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...