මෙවරත් ආර්ථිකය ගොඩ දාන්නෙ විදෙස් ශ්‍රමිකයන්

විදේශගත ලාංකික ශ්‍රමිකයන් විසින් පසුගිය වසරේදී (2025) එක්සත් ජනපද ඩොලර් බිලියන 8.1ක් මෙරට එවා ඇතැයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් විරසිංහ ප්‍රකාශ කර තිබේ.

මෙරට ඉතිහාසයේ එක් වසරකදී විදේශගත ශ්‍රී ලාංකිකයින් රටට එවු වැඩිම මුදල එය බව ද අධිපතිවරයා පැවසිය .

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 879 මුදලක් මෙරටට ලැබිණි.

එම මුදල් ප්‍රමාණයත් සමගම, 2025 වසරේ සමස්ත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 8.1 ක් වාර්තා කළ බව ද අධිපතිවරයා පවසා තිබේ.

වසර 2024 ට සාපේක්ෂව වසර 2025 දී මෙහි සිදු වි ඇති වර්ධනය සියයට 22.8 ක්වේ.

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම අගය වාර්තා කරමින් එ.ජ. ඩොලර් බිලියන 8.1ක සීමාව ඉක්මවා ඇත.

ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේදී රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉතා වැදගත් වේ. එය තවදුරටත් සපයමින් සිටින්නේ විදේශ ගතව සිටින වැඩකරන ජනතාවයි. ලංකාවේ ආණ්ඩු ඉතා විශාල අවධානයක් ලබාදෙන සංචාරක ක්ෂේත්‍රය සහ ඍජු විදෙස් ආයෝජන පවතින්නේ ඊට පහලිනි. අපේ රටේ ආණ්ඩු සංචාරක කර්මාන්තය සහ ඍජු විදෙස් ආයෝජන නැංවීම වෙනුවෙන් රටේ නීති පවා වෙනස් කිරීමට සූදානම් වෙයි. නමුත් විදේශ ගත ශ්‍රමිකයන් දශක කිහිපයක් තිස්සේ මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවධානය යොමු නොවේ

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...