තාත්තට අලුත් කණ්ණඩියක්

අරන් දුෂ්කර සේවයේ මුල්ම මුල් පඩිය
ගිහින් දුන් දා තාත්තට අලුත් කණ්ණඩිය
ඇහෙන් ගැලු කඳුලකින් මා දිහා බැලු විදිය
මතක් වෙනකොට රිදෙන්නෙම පපුවෙ මැද හරිය

නුඹව හොයනවා ඇති මහ ගෙදර ගල් පඩිය
තවම කියවනව ඇති නුඹ තියා ගිය කවිය
ඇළදොලේ ගහකොලේ නුඹම විය සීපදය
කෙනෙක් හිටියද තවත් මට තාත්තට වැඩිය

අස්කලා මිසක රැස්කලේ නැත අඩුවැඩිය
“පස් වෙන්නනේ ඉන්නෙ” ඒ නුඹේ බණ පදය
වස් විසූ ආරාමයකි නුඹේ හද කුටිය
හිස් අතින් නික්මුනත් නුඹෙ සසර මඟ කෙටිය

පැළඳ ගෙන නුඹ තියා ගිය බිඳුණු කණ්ණඩිය
හැඳින ගමි තාත්තේ ලොවට පෙම් කල විදිය
කෑගැහිල ඇඬෙන තැන්වලත් හිනැහෙන විදිය
පෑනෙන්ම තාත්තගෙ ලියමි ඒ සෙත් කවිය

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...