Breaking News

පවතින කොවිඞ් වසංගතය තුරන් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් යෝජනාවලියක්

මේ වනවිට තුන්වැනි කෝවිඞ් රැල්ලක් හේතුවෙන් සමාජයක් ලෙස මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට පෙරටුගාෙමී සමාජවාදී පක්ෂය විසින් කෙටිකාලීන හා මධ්‍යකාලීන යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

මැයි මස 15 වැනිදා පෙ.ස.ප. ප‍්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙළ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් ලෙස මේ වනවිට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විවිධ වෘත්තික සංවිධානවලට මෙන්ම දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත්කර ඇත. මෙම වැඩපිළිවෙළ කෝඩිඞ් වසංගතයේ අභියෝගය ජයගැනීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛතා සළකා බලමින් සකස්කර ඇති අතර අනෙකුත් පාර්ශ්වවල අදහස් අනුව එය ක‍්‍රියාත්මක කිරීමේ යෝජනාවක් සහිතව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවශ්‍ය මැදිහත්වීමකට ද සූදානමින් සිටී.

පළමුවෙන්ම, පවතින වසංගතය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ගැනීම සඳහා වන හදිසි පරීක්ෂණයක් සිදු කළ යුතු නිසා විශේෂඥ උපදෙස් වලට අනුව අවශ්‍ය නම් සති දෙකක සංචරණ සීමා පනවා අහඹු නියැදි වලට පී.සී.ආර්. සහ ප‍්‍රතිදේහ පරීක්ෂණ ඇතුළු රෝග නිර්ණය පරීක්ෂණ සිදුකර, තොරතුරු වාර්තාවක් සකස් කළ යුතුය. ඒ කාලය තුළ ජනතාවගේ ආර්ථිකයේ සහ ජන ජීවිතයේ වගකීම රජය භාරගත යුතුය. එම කාලය තුළ ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලූ දෙනාට පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබා දිය යුතු අතර අවිධිමත් රැුකියා කරනවුන්ට දීමාන ක‍්‍රමයක් ලබා දිය යුතුය.
දෙවනුව කළ යුත්තේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අංශයේ මූලිකත්වයෙන් සමස්ත රාජ්‍ය සේවය, දේශපාලන තන්ත‍්‍රය හා පොදු ජනතාව ඇතුළු අනෙකුත් සියළු ක්ෂේත‍්‍ර සම්බන්ධ කරගත් මධ්‍යගත මෙහෙයුමක් නිර්මාණය කිරීමයි. විෂය ප‍්‍රවීණයන් මැදිහත් කරගෙන සකස්කරන උපායමාර්ගික සැලැස්මක් සහ ක‍්‍රියාකාරී සැලැස්මක් ඇතිකර එය ක‍්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂක අංශ සම්බන්ධ කරගත යුතුව ඇත. රෝගීන් සංඛ්‍යාව, රෝගයේ ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව පිලිබඳ තොරතුරු වල විශ්වාසනීයත්වය බරපතළ ලෙස අභියෝගයට ලක්ව ඇති අතර වහාම එය නිවැරදි කර පවතින තත්වය පිලිබඳ නිවැරදි තොරතුරු පාරදෘශ්‍ය ක‍්‍රමවේදයකට සමාජගත කළ යුතුය.

තුන්වනුව, වසංගතය මර්දනය කිරීමේ ක‍්‍රියාවලිය සඳහා මූල්‍ය සම්පාදනය වෙනුවෙන් ජනාධිපති සහ අගමැති වැය ශීර්ෂ අඩු කිරීම, මැති ඇමතිවරුන්ගේ වැටුපට අමතරව විවිධ දීමනා ඉවත් කර එම මුදල් බැර කරමින් ‘කොවිඞ් පොදු අරමුදලක්’ වහාම නිර්මාණය කළ යුතුය. මෙම අරමුදල සඳහා ඉහල ලාභ ලබන සමාගම් වල ලාභ රෙට්ටුවෙන් කොටසක් හෝ ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ලංකාවේ කොටස් වෙළඳපල ලැයිස්තුගත සමාගම් වලින් ඉහලම ආදායම් ලබන සමාගම් සියය සාමාන්‍යයෙන් වාර්ෂිකව බදු ගෙවූ පසු ලබා ගන්නා ශුද්ධ ලාභය රුපියල් බිලියන 200ක් පමණ වේ. ඔවුන්ගේ එක අවුරුද්දක ලාභයෙන් 50%ක් ලබා ගත්තද එය රුපියල් බිලියන 100ක පමණ විශාල මුදලකි. ඉටුකම අරමුදලට එකතු වී තිබුණේ රුපියල් බිලියන 1.7ක් පමණි. දැනට පවතින ඉටුකම ඇතුළු අනෙකුත් අරමුදල් සියල්ල ඒකාබද්ධ කර, වැඩි ලාභ ලබන සමාගම් වල ලාභයෙන් 50%ක කොටසක්ද ලබාගෙන නව අරමුදලක් ගොඩ නැගිය යුතු අතර එහි මුදල් වාර්තා සියල්ල සමාජයට ප‍්‍රසිද්ධ කිරීම සිදුවිය යුතුය. එය රජයේ විඝනකාධිපතිවරයා යටතේ විඝණනය විය යුතුය. එමෙන්ම ජනතාවට අවශ්‍ය විටෙක එහි ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමේ අයිතිය තහවුරු කළ යුතුය.

එලෙස සකස් කරන වැඩපිළිවෙළක ආවරණය විය යුතු ක්ෂේත‍්‍ර සම්බන්ධ පෙ.ස.ප වැඩඵීළිවෙළ මගින් ඉදිරිපත්කරන යෝජනා මෙසේ සංක්ෂිප්ත කෙරේ.

  1. නිදහස් සෞඛ්‍ය සේවය සඳහා විශේෂ ප‍්‍රතිපාදන වෙන්කරමින් කොරෝනා වෛරසය සඳහා කරන සියලූ ප‍්‍රතිකාර නොමිලේ සිදු කිරීම

  2. මේ වනවිට නිසි වධික‍්‍රමයක් නොමැතිව සිදුවන පී.සී.ආර්. පරික්ෂණ ඇතුළු රෝගීන් හ`දුනාගැනීමේ ක‍්‍රියාදාමය රාජ්‍ය පාලනයකට හා නියාමනයකට ලක් කිරීම

  3. පී.සී.ආර්. ඇතුළු රෝග නිර්ණය කිරීමේ පරීක්ෂණ ප‍්‍රමාණය ඉහළ දැමීමට පරීක්ෂණ හා රසායනාගාර ධාරිතාව ඉහළ දැමීම.

  4. මේ වනවිට සෞඛ්‍ය සේවකයන් මුහුණ දී සිටින විවිධ වෘත්තිය ගැටලූ විස`දීම, සෞඛයාරක්ෂක උපකරණ ඔවුන්ට ලබාදීම හා වසංගතයට එරෙහිව සිදුකරන රාජකාරි වෙනුවෙන් කොවිඞ් දීමනාවක් ලබාදීම මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ධෛර්යමත් කිරීමට සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් හදිසි තීන්දු ගැනීම

  5. මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු කොවිඞ් රාජකාරි සඳහා යොදා ගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රමාණවත් නොවන බැවින් අලූතින් සුදුසුකම් ඇතිවුන් අය බඳවාගෙන කාර්ය මණ්ඩල පුළුල් කිරීම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල සහ කොවිඞ් ප‍්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථාන සඳහාද වෛද්‍ය සිසු සිසුවියන්, හෙද විද්‍යාල වල සිසු සිසුවියන් ආදීන් සම්බන්ධ කර ස්වේච්ඡුා සේවා බලකායක් නිර්මාණය කර ගත යුතුය.

  6. කොවිඞ් රෝගය සදහා ලබා දෙන එන්නත අවසන් විසඳුම නොවන නමුත්් සැලකිය යුතු ප‍්‍රමාණයකට රෝග ව්‍යාප්තිය හා මාරාන්තික තත්වයන් පාලනය කළ හැකි නිසා එනිසා එන්නත් කඩිනමින් ගෙන්වීමටද, එන්නත ලබා දිය යුතු ප‍්‍රමුඛතා මත සියලූ දෙනාට එන්නත අසමානතාවයකින් තොරව ලබාදීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ග‍්‍රාම නිලධාරීන් ඇතුළු පවතින සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන ජාලයන් භාවිතා කිරීම

  7. දැනට වසංගතය ව්‍යාප්ත වන ප‍්‍රධානතම ස්ථාන බවට පත්ව ඇති කම්හල්, කාර්යාල ඇතුළු වැඩබිම් වල සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද සඳහා වැඩි වියදමක් කිරීම, සේවකයන් එකිනෙකා හා මුසු නොවන ලෙස වැඩමුර ක‍්‍රමයක් සකස් කිරීම, ආසාදිත සේවකයන් හා ආශ‍්‍රිතයන් සියලූ දෙනාට පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබාදීම ආදිය සඳහා රජයේ පූර්ණ මැදිහත්වීමක්, අධීක්ෂණයක් හා නියාමනයක් අවශ්‍ය වේ. සේවක පිරිස් ප‍්‍රවාහනයට ආයතනය මගින් ප‍්‍රවාහන සේවා සැපයීම ආදී අත්‍යවශ්‍ය පියවර ස`දහා එම ආයතන වලට රජයෙන් විධිමත් මාර්ගෝපදේශනයක් සැපයිය යුතුය.

  8. ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ හි දුම්රිය ඇතුළු පොදු ප‍්‍රවාහන සේවා පුළුල් කිරීම මගින්, වැඩි වාහන සංඛ්‍යාවක් යෙදවීම සහ ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම මගින් තදබදය අඩු කළ යුතුය.

  9. සංචාරකයන් සඳහා සහ විදෙස්ගත ශ‍්‍රමිකයන් ස`දහා නිරෝධායන නීති පැනවීමේදී නිරෝධායන ක‍්‍රියාවලිය හරහා ලාභ ගැරීමේ පිළිවෙත වෙනුවට නිරෝධායන නීති දැඩිව දැඩිව ක‍්‍රියාත්මක කිරීම හා සංචාරක ඒජන්සි රජයේ අනවරත අධීක්ෂණයට සහ නියාමනයට බඳුන් කිරීම

  10. වසංගතය තුරන් වී සාමාන්‍ය තත්වය උදා වනතුරු අසංවිධිත ශ‍්‍රම ක්ෂේත‍්‍රයේ නියුතු සියලූ දෙනාටත්, රාජ්‍ය සහනාධාර ලැබිය යුතු මට්ටමේ සියලූ දෙනාටත් රුපියල් 25,000ක මාසික ජීවනාධාරයක් ලබා දීම

  11. ස්වයං රැකියා, කුඩා පරිමාණ ව්‍යවසායන් සහ නිවාස ඉදිකිරීම් ආදිය සඳහා ජනතාව ලබාගෙන ඇති ණය – පොලී- ලීසිං වාරික ගෙවීම වහාම අවලංගු කර එවැනි ගෙවීම් පැහැර හැරිවුන් වෙනුවෙන් ණය පොලී හෝ දඩ පොලී අය කිරීම තහනම් කළ යුතුය. ක්ෂුද්‍ර මූල්‍ය ණය සියල්ල වහාම අහෝසි කළ යුතුය. මහා පරිමාණ සමාගම් සහ දේශපාලන අනුග‍්‍රහය ලබන ධන කුවේරයන් විසින් රාජ්‍ය බැංකු වලින් ලබාගත් නොගෙවා පැහැර හැරි සියල්ලන් නීතිය හමුවට පමුණුවා පැහැර හැරි ණය අයකර ගත යුතුය.

  12. ගොවීන්ගේ බෝග අස්වැන්න හා ධීවරයන්ගේ මත්ස්‍ය අස්වනු මිලදී ගැනීම සහ බෙදා හැරීමත්, එහිදී විශාල මිල වෙනසක් සහිතව නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සූරාකෑම නතර කිරීමත් සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සහ නියාමනයක් අවශ්‍ය වේ. රජය මගින් අස්වැන්නේ කොටසක් මිලදී ගැනීම සහ ඉතිරි කොටසට අදාළ පෞද්ගලික අංශයේ මිලදී ගැනීම් හා තොග වෙළඳාම නියාමනය කිරීම අත්‍යවශ්‍ය වේ. මේ වනවිට වසංගතය නිසා ගොවීන්ට සිදුවී ඇති හානියට වන්දි ගෙවිය යුතුය. ධීවර ප‍්‍රජාවද සිය නිෂ්පාදන විකිණීමට නොහැකිව මුහුණ දෙන අර්බුදය විස`දීමේ වැඩපිළිවෙලක් රජයේ මැදිහත්වීමෙන් යෙදිය යුතුය.

  13. වසංගතය නිසා දිගින් දිගටම අඩාල වූ පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම පිණිස, සිසුන් පදිංචි වී සිටින ප‍්‍රදේශය පදනම් කරගෙන අධ්‍යාපනය ලබාදීමේ ක‍්‍රමවේදයක් ග‍්‍රාම සේවා වසම් මට්ටමෙන් ක‍්‍රියාත්මක කළ හැකිය. විකල්පය ලෙස ඉදිරිපත් කළ මාර්ගගත අධ්‍යාපනය ස`දහා ද සම්පත් අහිමි ප‍්‍රජාව පාදක කරගෙන පහසුකම් සැපයීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව අවම කිරීම පිණිස පාසල් ගොඩනැගිලිවපලට අමතරව ආගමික ස්ථානවල ගොඩනැගිලි හෝ පොදු ගොඩනැගිලි භාවිතය, ගුරු සේවයේ සිටින ගුරුවරුන්ට අමතරව සංවර්ධන නිලධාරී පත්වීම් ලැබූ උපාධිධාරීන් හා ස්වේච්ඡුා ගුරුවරුන් සම්බන්ධ කරගැනීම සහ අමතර වශයෙන් රාජ්‍ය රූපවාහිනී නාලිකා භාවිතා කර වෙනම රූපවාහිනී සංඛ්‍යාතයක් වෙන්කරමින් විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙලක් සැකසීම. විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කඩිනම් සැලැස්මක් සකස් කළ යුතුය.

leave a reply