Breaking News

කිංස්ලි පව් නිරුවතින් මාධ්‍ය නිවේදන නිකුත් කරයි

ජනතාවාදී ආණ්ඩුවක වගකීම දරමින් ජනාධිපතිවරයා විසින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතුව “මහජන ආරක්ෂණ පනත” යටතේ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක අද (11) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

ජන ජීවිතය යථාවත් කිරීමට අවශ්‍ය වී, සහල් සහ සීනි ඇතුළු පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීම, ඒ පිළිබඳව සම්බන්ධීකරණය සේම පුළුල් අධීක්ෂණය වෙනුවෙන් ඊට සමගාමීව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරුණු බවද කිංස්ලි රත්නායක පවසයි.

නමුත් මෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව හදිසි පනත පිළිබද අදහස් දක්වන වෘත්තීය සමිති නියෝජිතයන් සහ දේශපාලන ක්‍රියාකාරීන් පවසයි. මෙම පනත ගෙනවිත් තිබෙන්නේ මහජන උද්ඝෝෂණ හා ජනතාවගේ කතා කිරීමේ නිදහසට වැට බැඳීමට බව ඔවුන් පවසියි.

වසංගතයේ පැතිරීමත් සමඟ මෙතෙක් පැවති ආර්ථික හා දේශපාලන අර්බූදය වඩාත් තීව්‍ර වීම විසින් ද තවදුරටත් ජනතාවට බරපතල ලෙස පීඩාවට පත්වීමට සිදුව ඇත. මහා පරිමාණ සමාගම් වසංගතය අභිමුව කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ උපයා ගනිද්දී බහුතරයක් ජනතාවට එදිනෙදා දිවි ගෙවූ ජීවන මාර්ග අහිමි වී තිබේ. මෙම තත්ත්වය විසින් ජනතාව තුළ ඇති කළ පීඩනය පසුගිය දිනවල ජනතා විරෝධයක් දක්වා පුපුරා යනු දක්නට ලැබුණි. නමුත් එම ජනතා ගැටලුවලට ආණ්ඩුව පිළිතුරු දෙන්නේ නැවත වටයකින් වසංගත තත්ත්වය ම භාවිතා කරමින් ජනතාව මර්දනය කිරීමෙනි. තවදුරටත් රාජ්‍ය සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර උද්ඝෝෂණය කිරීම, වැඩවර්ජනය කිරීම, එවැනි ක්‍රියාකාරකමකට අනුබල දීම වශයෙන් වැරදි ගණනාවක් හඳුන්වාදී හදිසි නීතිය යටතේ වෘත්තීය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට පසුබිම සකසාගෙන තිබේ.

leave a reply