ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යහගතකරණ වැඩසටහනත් එක්තරා විදියක නව පාස්කු ප්‍රහාරයක් ලෙස සැලකිය හැකි බවත්, මේ රටේ පහළ මැද පන්තිකයන්ට වඩාත් බරපතළ ලෙස අත්විඳින්න සිදුවන මේ පාස්කු ප්‍රහාරය IMF ප්‍රහාරය බවත් දුමින්ද නාගමුව පවසයි.ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, මහරගම තරුණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (08) පැවති ‘කම්කරු අරගල මධ්‍යස්ථානයේ’ පළමුවන මහ සමුලුව අමතමිනි. ‘IMF මර උගුලට එරෙහිව මධ්‍යස්ථානයක්’යන තේමාවෙන් පැවති එම සමුලුවේදී කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව තවදුරටත් එම කාරණය මෙසේ පැහැදිලි කර සිටියේය. පාස්කු ප්‍රහාරයේ තිත්ත ඇත්ත !” අපේ සමුලු තේමාව ‘IMF මර උගුලට එරෙහිව මධ්‍යස්ථානයක්’.
නමුත් මේ වන විට වැඩි වශයෙන් කියැවෙන මාතෘකාවක් තමයි 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය සිදුවන විට මේ සමාජයේ එක්තරා පැලැන්තියක් ඒ බව දැනගෙන හිටියා. ඔවුන් එදා දේව මෙහෙයට ගියේ නෑ. පෞද්ගලිකව ආරක්ෂා වෙන්න සියලු පියවර මේ වරප්‍රසාද ලත් පැලැන්තියේ අය අරගෙන තිබුණා. ඒක තමයි පාස්කු ප්‍රහාරයේ තිත්ත ඇත්ත. මේ වනවිට අපි සාකච්ඡා කරමින් ඉන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යහගතකරණ වැඩසටහනත් එක්තරා විදියක නව පාස්කු ප්‍රහාරයක් ලෙස සැලකිය හැකියි.
මේ රටේ පහළ මැද පන්තිකයන්ට වඩාත් බරපතළ ලෙස අත්විඳින්න සිදුවන මේ පාස්කු ප්‍රහාරය තමයි IMF ප්‍රහාරය.ඒ නිසා මේ වත්මන් පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය අපි හඳුනාගත යුතුව තිබෙනවා. කම්කරු අරගල මධයස්ථානය හැටියට අපි හිතනවා මේ කුමන්ත්‍රණය හෙළිදරව් කිරීම අපේ පන්ති යුතුකමක්. ඒ වගේම මේ වැඩකරන ජනතාවට එරෙහි ප්‍රහාරය පරාජය කිරීමට කම්කරු පන්තිය පෙළගැස්වීම අපේ පන්ති වගකීම කියලා. ඒ නිසා මේ පළමුවැනි සමුලුව තුළ කම්කරු අරගල මධයස්ථානය අන්න ඒ වගකීම ඉටු කිරීමට ආරම්භයක් තබනවා. ඒ නිසා මේ සමුළුවේ තේමාව ලෙස තියෙන ‘IMF මර උගුලට එරෙහිව මධ්‍යස්ථානයක්’ කියන්නෙ හුදු සටන් පාඨයක් නොවේ. ඉදිරියේදී අප ජයග්‍රහණය කළ යුතු අරගලයක අත්‍යවශ්‍ය සන්ධිස්ථානයක් බව කිව යුතුව තිබෙනවා.
පහුගිය දවසක අපි වෘත්තිය සමිති නියෝජිතයන් ලෙස මහබැංකුවේ ප්‍රධානින් හමුවෙන්න ගියා. මේ වනවිට මහබැංකුවේ අධිපතිවරයා ලෙස ඉන්න නන්දලාල් මේ කුමන්ත්‍රණය ගැන දන්න පිරිසගෙන් එක් කෙනෙක්. ඔහු මේ ගැන නිහඬව ඉන්නවා. ඔහු කියනවා අර්ථසාධක අරමුදලට දැනට අයකරන බද්ද 14% නමුත් භාණ්ඩාගාර බුඳුම්කරවල ආයෝජනය කළ බැංකුවලට 50%ක බද්දක් වදිනවා. ඉතුරු ආයෝජකයන්ටත් 30% බද්දක් වදිනවා. ඒ නිසා EPF එකටත් 30% බද්දක් ගහන එක ඉතාමත් සාධාරණයි කියලා. මොකක්ද ඔහුගේ තර්කය. දැනට ප්‍රාථමික වෙළඳපොළේ අනෙකුත් ගැනුම්කරුවන්ට 30% බදු අයකරනවා, බැංකුවලටත් 50% ක බදු අයකිරීමක් වෙනවා. ඒ නිසා 30%ක බද්දක් අර්ථසාධක අරමුදලට ගැහුවම ඒක සාධාරණ බවට ඔහු තර්ක කරනවා.
නමුත් මේක පට්ටපල් බොරුවක්. අපි නෙවෙයි මේ කියන්නෙ මහබැංකුවෙ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකුවන විජේවර්ධන. ඔහු කියන ආකාරයට, බැංකුවල ශුද්ධ ලාභයට සියලු බදු ලෙස 50%ක් වදිනවා. ප්‍රාථමික වෙළෙඳපොළේ ඉතුරු ගැනුම්කරුවන්ට 30% බද්දක් වදිනවා. නමුත් මේ EPF එකට බද්දක් ගහන්නෙ කොහොමද? ඒ බදු මුදල අය කරගන්නෙ EPF එකට බැඳුම්කරවල ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභයටයි. සාමාන්‍යයෙන් බැංකුවල මෙහෙයුම් කටයුතු අවසානයේ සියලු පොලී ගෙවීම් කරලා එහි අවසානයේ ශුද්ධ ලාභයටයි බදු 50%ක් වදින්නෙ. හැබැයි අර්ථසාධක අරමුදලට බද්ද ගහන්නෙ එලෙස සියලු වියදම් අවසානයේ නෙවෙයි. අන්න ඒකයි මහබැංකුවෙ අධිපතිවරයා හංගන්නෙ.
පහුගිය අවුරුද්දෙ අර්සාධක අරමුදලේ දළ ආදායම රුපියල් බිලියන 357ක්. වැටුප්, අමතර මෙහෙයුම් වියදම් සහ අරමුදලේ සාමාජික කොටස ගෙවූ පසු ඉතිරි මුදල රුපියල් බිලියන 41ක හිගයක්. ඊට කලින් අවුරුද්දෙ 2021 බිලියන 42ක ලාභයක් තිබුණා. හරි නං මේ බදු ගහන්න ඕන මුදල තමයි මේ බිලියන 42, 2021දි. හරි නං මේ බිලියන 42ට බදු ගහන්න ඕන නමුත් බදු ගහන්නෙ දළ ආදායමට. ගණන හැදුවම අර්ථසාධක අරමුදල පහුගිය අවුරුද්දෙ ගෙවලා තියෙනවා 490%ක් බදු. ශුද්ධ ඉපයීම බිලියන 41ක හිගයක් වෙද්දි 490%ක බද්දක් ගෙවලා. ඉතුරු අය ගෙවන්නෙ 50%ක් එහෙම නැත්නං 30%ක බද්දක්. ඒ නිසා මේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදල්, ශ්‍රමයෙන් ඉතිරි කළ මුදල් කොල්ල කාල තියෙන්නෙ එහෙමයි.
සිදුවන නිසා මේ සැලැස්ම තුළ වසර 15ක් තුළ 45%ක් ලේල කෑමට ලක් වෙන බව දනුෂ පතිරණ සහෝදරයා පෙන්වා දෙනවා. ඒක වටිනාකමක් ලෙස රුපියල් ට්‍රිලියන 4කට වැඩි බව ගණන් බලා තිබෙනවා.
ඒ නිසා මේ තත්වය වටහා ගෙන මෙම සේවක අරමුදල් කොල්ලය පාරාජය කරන්න මේ රටේ සියලු වැඩකරන ජනතාව නියෝජය කරන සංවිධාන, වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ එක්ව සටන් වැදිය යුතු බව අපි කම්කරු අරගල මධ්‍යස්ථානය යෝජනා කරනවා.”