පොලිස් ඇමතිගේ දවල් හීන

විශ්ව විද්‍යාල අසළ පොලිස් මුර සංචාර වැඩිකිරීමට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් නියෝග කර තිබේ. එළෙස නියෝග කර ඇත්තේ විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් කිහිපදෙනෙක් ඔහු හමුවී ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරවලට ආරක්ෂාව වැඩිකර දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව බව මාධ්‍ය වාර්තා කර තිබේ.

පුදුමය නම් දින 3ක් තුළ උපකුලපතිවරුන් කිහිපදෙනෙක්ම මහජන ආරක්ෂක ඇමති හමුවී එකම ඉල්ලීම කිරීමයි. මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන ආකාරයට මෙළෙස ආරක්ෂක මුර සංචාර දමන්නේ ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.

උපකුලපතිවරුන් ඇතුලු මහාචාර්යවරුන් පිරිස මහජන ආරක්ෂක ඇමති හමුවී ඇත්තේ පසුගිය මැයි 16,17,18 දිනයන් වලදීයි.

මෙම හමුවන් සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ බස්නාහිර පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන් ඇතුලු නිළධාරීන් ද සහාභාගී වී තිබේ.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එතරම් වදවෙන මහජන ආරක්ෂක ඇමති ප්‍රමුඛ පොලීසිය 18වනදා කැළණිය විශ්ව විද්‍යාලය අසළ පැවැත්වෙමින් තිබූ සාමකාමී විරෝධතාවයට පැමිණි සිසුන්ට පන්න පන්නා පහර දෙයි. පිරිසක් අත්තඩංගුවට ගනියි.

එසේනම් ටිරාන් අලස් මේ ආරක්ෂා කරන්නට හදන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොව රනිල් ඇතුළු ආණ්ඩුවේ නඩයයි. ටිරාන් හිතන්නේ රනිල් ගෙනයන වැඩපිළිවෙලට එරෙහි දෙවැනි කැරැල්ල විශ්ව විද්‍යාල ආශ්‍රිතව පැන නැගිය හැකි බවයි. ඊට පෙර ශිෂ්‍ය දේශපාලනය මර්දනය කිරීම ඔහුගේ අරමුණ වී තිබේ.

විහිළුව වන්නේ ටිරාන් හිතන ආකාරයට දේවල් සිදු නොවන බව ඕනෑම පොඩි එකෙකුට පැහැදිලි වීමයි. ටිරාන්ගේ මේ වැඩෙත් හරියට ගෝල්ෆේස් එක ආගමික උත්සව සඳහා වෙන් කිරීමට සමාන වේ. රනිල් හිතන්නේ නැවත අරගලයක් පැන නැගීම නැවත්වීමට ගෝල්ෆේස් එක වටකර වැටක් බැඳිය යුතු බවයි. පසුගිය වසරේ පැවති ජන අරගලය ගෝල්ෆේස් එකෙන් මතුවූවක් නොවේ. එය රටේ හැමතැනම පැතිරුණු එකකි. එළෙසම මීළඟ අරගලය කොතනින් පැන නගීවිද යන්න දැන්ම පැවසිය නොහැක. එය ඕනෑම තැනකින් පැන නැගිය හැක.

එවිට ටිරාන්ලාට, රනිල්ලාඅට වන්නේ බඩු ටිකත් අකුලාගෙන ගෙදර යාමටයි.

එසේම ශිෂ්‍ය ව්‍යාපාරය යනු පොලිස් ආරක්ෂාව දමා මර්දනය කළ හැකි දෙයක් නොවේ. එය ඉතිහාසය තුළ ඕනෑවටත් වඩා ඔප්පුකර පෙන්වා දී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...